නියපොතු හැඩය බලා රෝග කියමු

June 11, 2019
7,261
Recognise disease by your nails
නියපොතුවල අලංකාරය පිලිබඳව බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන හැඩකාරියන්ට ඔයාලගේ නියපොතු හැඩය බලා රෝගාබාධ ගැන නිමිති දැන ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා නියපොතු අලංකාර කිරීම වගේම අපේ හැඩකාරියන් ඒවායේ වෙනස්කම් කල්තබා හදුනා ගත්තොත් ඔබේ ජීවිතයට ඇති වෙන විවිධ රෝගාබාධ කල් තබා හදුනා ගෙන ප්‍රෙව්සම් වෙන්න පුලුවන්.

නියපොත්තක කොටස් :

නියපොත්ත අපට පෙනෙන කොටස - ( Nail plate )

නිය රාමුව - නියපොත්ත තුන්පැත්තකින් වට කර ගෙන සිටින සම - ( Nail folds )

නිය පටක - නියපොත්ත මුව පෙදෙසේදී නියපොත්ත මතුපිටින් ඇති පටක - ( Cuticle )

අඩ සඳ - නියපොත්ත මුල පිහිටි අඩ සදක හැඩය ඇති සුදු පැහැති කොටස - ( Lumala )

නිය පතුල - නියපොත්තට යටින් ඇති සම - ( Nail bed )

දැන් අපි හැඩකාරියන්ට කියන්නේ නීරෝගී නියපොත්තක හැඩය ගැනයි.

මේ ගැන ඔබට ස්වයං පරීක්ෂාවක් කරන්න පුලුවනි.අතේ දබරැගිලි දෙකේ පළමු පුරුක් එකටෙක සමීපව තබා ගන්න. ඇගිලි පුරුක පටන් ගන්නා තැනින් වගේම නියපොත්ත කෙළවරින්ද එය එකට ගෑවෙන විදිහට තිබිය යුතුයි. එතකොට නියපොතු දෙක අතරින් පුංචි හිදැසක් (Schamroth’s window) පෙනෙනවා නම් ඔබේ නියපොතු නීරෝගීයි. ස්වයං පරීක්ෂණයකින් නියපොතුවල නීරෝගිතාවය සොයා බලන මෙම පරීක්ෂනය Schamroth’s sign යනුවෙන් හැඳින්වෙනවා.

නියපොතු රෝග

නියපොත්තක් ඉදිරියෙන් පහතට බෑවුම්ව (Nail clubbing) පිහිටා තිබෙනවා නම් පෙනහලු සහ හදවත් ආශ්‍රිත රෝග තත්වයන්ගේ නිමිත්තක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි.හදවතට රුධිරය සපයන ධමණීන්ගේ, හෘද් පේශින්ගේ හෝ හෘදය වස්තුවේ ඇති වෙන ආසාදන නිසා නියපොතු මේ විදිහට වෙනස් ලක්ෂණ පෙන්නුම් කරන්න පුලුවන්. පෙනහලු ආශ්‍රිතව ඇති වෙන සැරව ගෙඩි තත්වය නිසාත් නියපොතු මේ විදිහට පිහිටා තිබෙන්න පුලුවනි.

හැඳි නියපොතු - (Kolionychia)



ඔබේ නියපොතු හැන්දක් මෙන් උඩට නැමුන ස්වභාවයකින් යුක්ත නම් එම රෝග තත්වය Kolionychia යනුවෙන් හැඳින්වෙනවා. රුධිරයේ යකඩ ඌනතාවය නිසා මේ රෝග තත්වය ඇතිවෙනවා. රසායනික කර්මාන්ත ශාලාවන්හි සේවයේ නිතර අයටත් මේ නියපොතු රෝග තත්වය ඇති විය හැකි අතර වකුගඩු රෝග තත්වයන් පිලිබඳ අනතුරු දැණුම් දීමක්ද මේ සමග බද්ධව තිබෙනවා.

හරස් අතට දිවෙන කාණු - (Transverse lines)



නියපොතු මත හරස් අතට දිවෙන කාණු වැනි පිහිටීම -(Transverse lines) මගින් අපිට පෙනෙන්නේ සින්ක්, කැල්සියම් වැනි පෝෂණ ඌනතාවයන් ගැන අනතුරු සංඤාවක්. සමහර විට හදවත් රෝග ගැන පෙරනිමිත්තක් වෙන්නත් පුලුවනි. ඒ වගේම දිග් කාණු තත්වයක් තිබුනොත් කිරීටක ධමණීන් ආහ්‍රිත රෝග තත්වයක් වගේම පෝෂණ ඌනතාවය ගැනත් සැක ඇති වෙනවා.

දිග් අතට දිවෙන කාණු - (Medical nail dystrophy)



ධමණී ආශ්‍රිත රෝගාබාධයන් ඇති පුද්ගලයන්ගේ නියපොතු දිග් අතට දිවෙන කාණු වැනි රටාවක් දැක ගත හැකියි. මේ තත්වය විටමින් ඌනතාවය නිසා ඇති වෙනවා. නියපොත්ත ඉතාම පහසුවෙන් බිඳෙනසුළු ගතියෙන් යුක්ත නම් එයින් අදහස් වෙන්නේ කැල්සියම් ඌනතාවයක්. මේ තත්වය දිගින් දිගටම තිබිය යුතු නැහැ. නියපොත්තෙන් ලබා දෙන පූර්ව ලක්සණ හඳුනාගෙන කැල්සියම් ලබා ගැනීමට උනන්දු නොවුනොත් අස්ථි බිඳෙන හෙවත් “ඔස්ටියෝපොරෝසිස්” තත්වයට පත් වෙන්න පුලුවනි. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්තිය ආහ්‍රිත ආබාධ ගැනත් නිමිත්තක් වෙන්න පුලුවනි.

සුදු පැහැති ඉරි සලකුණු



නියපොත්ත දිග පිහිටි සුදු පැහැති ඉරි සලකුණු ඇත්තේ නම් එයින් අදහස් වෙන්නේ විටමින් B ඌනතාවයක්. ඒ සමග දියවැඩියාව සහ තයිරොයිඩ් ග්‍රන්ථි ආහ්‍රිත රෝග තත්වයන් ගැනත් අනතුරු දැණුම් දීමක්ද ඒ සමගම තිබෙනවා.

දිලීර



දිලීර ආසාදන නිසා නියපොතුවල ඉහල සිට ඇතුලට කුහරයක් සෑදිය හැකියි. මේ තත්වය ඇති වීමට නිතර දෑත්, දෙපා තෙත්ව තිබීම හේතු වෙනවා. මෙය වලක්වා ගන්න නම් අත් පා පිරිසිදුව වියලිව තබා ගන්න. මෙවැනි තත්වයක් ඔබට ඇති වී ඇත්නම් එවැනි අත් පා පිරිසිදු කිරීමට ඇති බෙහෙත් වර්ගයක් ෆාමසියකින් ලබා ගන්න පුලුවන්. තත්වය දරුණු නම් වෛද්‍යවරයෙක් හමුවීම වැදගත්.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1348 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:08:55 AM
Script:/article/1348/recognise-disease-by-your-nails.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:08:56 AM
Script:/article/1348/recognise-disease-by-your-nails.html