කෑම කන්න කලින් ඒවා අපේ ශරීරයට හොඳද නැද්ද කියල හොයලා බැලුවට කෑවට පස්සේ අපි ඒ ගැන හිතන්නේ බලන්නේ නැහැනේ. අපි හිතුවේ නැති වුනාට ප්‍රධාන ආහාර වේලක් ලබා ගැනීමෙන් පස්සේ අපි කරන පොඩි පොඩි වැරදි කීපයක් අපේ සෞඛ්‍ය තත්ත්වයට අහිතකර විදියට බලපානවා. ඔයත් ප්‍රධාන ආහාර වේලකට පස්සේ ම දේවල් කරනවා නම් අදම නවත්තගන්න.
1. කෑමෙන් පස්සේ ගොඩක් වතුර බොන්න එපා
කෑම කෑවට පස්සේ කිසිම වෙලාවක cool කල වතුර බොන්න එපා. ඒ වගේම වැඩිපුර වතුර පානය කරන්නත් එපා. ආහාර ජීර්ණයට එය බාධා කරනවා. ඒ නිසා කෑමෙන් විනාඩි 20 - 30ක් විතර ගියාට පස්සේ ටිකක් වැඩිපුර වතුර බිව්වට කමක් නෑ. හොඳම දේ තමයි කෑමෙන් පස්සේ උණු වතුර ස්වල්පයක් පානය කරන එක, ආහාර ජීර්ණය පහසු කරන්න වගේම ආහාර වල ඇති මේදය නිසා පසුකාලීනව කොලෙස්ටරෝල් වැනි තත්ත්වයන්ගෙන් ඔයාට ගැලවෙන්න තියන හොඳ ක්‍රමයක් තමයි උණු වතුර පානය.
2. තේ පානය ඉතාම අහිතකරයි
මේ වැරැද්ද කරන්න ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්නවා. කෑම කෑවට පස්සේ තේ පානය මඟින් ආහාර වල ඇති පෝෂණ ගුණයන් විනාශ වෙනවා වගේම ආහාර වල පෝෂණ කොටස් ශරීරයට උරා ගැනීම අවම කරනවා. මේ දේ දිගු කාලීනව සිදු වීම නිසා ඔයාට පෝෂණ ඌනතාවයක් ඇති වෙන්න පුළුවන්. සිරුරේ ලේ අඩු වීමත් ඒ නිසා ක්ලාන්තය, කරකැවිල්ල, ඇඟට ශක්තිය නොමැති කම, තෙහෙට්ටුව වගේ තත්ත්වයන් නිසා ඔයා දුර්වල වෙන්න ඉඩ තියෙනවා.
3. ඇවිදීම
ආහාර ගැනීමෙන් විනාඩි 30කට පමණ පසුව ඇවිදීම ඔබේ ශරීර සෞඛ්ට පවත්වා ගැනීමට ඉතාමත් හොඳයි. නමුත් ඊට පෙර ඒ කියන්නේ ආහාර ගත විගස ඇවිදීම නිසා ආහාර වල පෝෂණ කොටස් අවශෝෂණය වීම අඩපන වෙනවා. ඒ නිසා ආහාර ගැනීමෙන් පසුව අවදිම කරන්න එපා.
4. කෑම කාපු ගමන්ම අතුරුපසත් ගන්නවද?
හොඳටම බඩේ ඉඩ නැති වෙන තරමට කාලා ඒ විගසම අතුරුපස ගැනීමෙන් දිරවීමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒවා දිරවන්න ලොකු ශක්තියක් වැය කරන්න වෙනවා. කාලයක් යද්දී ඔයා දියවැඩියා රෝගියෙක් කරන්න මෙය හේතු වෙනවා. ඒ නිසා අතුරුපස වලටත් ඉඩ තියාගෙන කෑම ගන්න. එහෙම නැත්තන් ටික වෙලාවක් ඉඳලා අතුරුපස ගන්න.
5. ස්නානය
ආහාර ජීර්ණය නිසි ලෙස සිදු නොවෙන්න මේක හේතුවක්. කෑම කාපු ගමන්ම ශරීරය අහාර ජීර්ණය කිරීම පටන් ගන්නවා. ඒ සඳහා කලින් කිව්වා වගේ විශාල ශක්තියක් ඕන කරනවා. මේ වගේ වේලාවකදී ඔයා ස්නානය කරොත් ආහාර ජීර්ණය පසෙක දාලා ශරීරයේ උෂ්ණත්වය ආරක්ෂා කර ගන්න අපේ සිරුර මහන්සි ගන්නවා. එතකොට ආහාර ජීර්ණය හරියට සිද්ධ වෙන්නේ නැතුව යනවා.
6. නිදාගැනීම
කෑවට පස්සේ අපිට නිදිමතක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයි. අහාර ජීර්ණය කරන්න වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා මොළයට යන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අපිට නිදිමත ඇති වෙනවා. ඒත් කෑම කාපු ගමන්ම නිදා ගන්න එක නම් හොඳ නැහැ කියලා ඔයා දන්නවා ඇතිනේ. තරබාරු බව ඇති වෙන්න මේක හේතුවක්.