Alopecia Areata ගැන ඔබ දැනගත යුතු සියළු දේ

April 19, 2021
6,380
Everything you need to know about Alopecia Areata
"මගේ කොණ්ඩෙ හරියට යනවා අනේ .. මොනව කලත් හරියන් නෑනේ"
මෙහෙම කියන මිතුරියෝ ඔයාටත් ඉන්නවද නැත්තම් ඔයත් නිතර නිතර මෙහෙම කියනවාද..

ඇත්තටම ඇයි මෙහෙම කොණ්ඩේ යන්නේ..? නිකමට ඔයාට හිතෙනවාද මෙහෙම කොණ්ඩේ යන එක ලෙඩක් කියලා..?? ඇත්තටම මේක ලෙඩක්ද..??? ඔයා කවදා හරි අහලා තියෙනවද Alopecia Areata (ඇලොපීසියාව) ගැන..

අද හැඩකාරි අපි ඔයාලට කියලා දෙන්නේ මේ Alopecia Areata ගැන..

කුමක්ද මේ Alopecia Areata කියන්නේ.. ඇත්ත වශයෙන්ම alopecia areata කියන්නෙත් හිස් කෙස් ගැලවී යාමේ තත්ත්වයක් තමයි. නමුත් එසේ ගැලවී යන හිසකෙස් වල ඔබට යම් තිත් ස්වභාවයක් දැකිය හැකියි. මෙය බොහෝ විට ඔබට හඳුනා ගැනීමට නොහැකි වන්නට පුළුවන්. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත යම් දුර්වලතාවයක ප්‍රතිඵලයක්.

බොහෝ කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වන්නේ අධික ආතතියෙන් පීඩා විඳින විටයි. අධික ආතතිය ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට නරක ආකාරයෙන් බලපෑම් කරන බව ඔබ මතක තබා ගතයුතුයි.

මෙම තත්වය යටතේ හිස් කබලෙන් හිසකෙස් ගැලවී යාම පමණක් නොවෙයි ඇතැම් අවස්ථාවක දී ඇහි බැම, ඇස් පිහාටු සහ ශරීරයේ අනෙකුත් තැන්වල ඇති රෝම ගැලවී යන්නත් පුළුවන්. මෙම තත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන තත්වයක්. සමහර විට ඔබගේ හිසෙහි සම්පූර්ණයෙන්ම හිසකෙස් ගැලවී යන්නත් පුලුවන්. එය alopecia universaliis ලෙස හඳුන්වනවා. නැවත හිසකෙස් වැවෙන විට නැවත ඒවා ගැලවි යාමට පුළුවන්.. හිසකෙස් වැවීමත් ගැලවී යාමත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.
මෙයට ප්‍රතිකාර ක්‍රම තිබෙනවා ද..
මෙම තත්ත්වයට දැනට ප්‍රතිකාරක ක්‍රමයක් නොමැති වුවත් හිස්කෙස් ඉක්මනින් වර්ධනය වන ක්‍රම මෙන්ම ගැලවී යාම අවම කරන ක්‍රම තිබෙනවා.
හිසකෙස් ගැලවී යාම වළක්වන ඖෂධ ඔබට ඔබගේ හිස් කබලෙහි ආලේප කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධ විවිධ ඖෂධ භාවිතයට නියම කරනවා. ඒවායින් කීපයක් හැඩකාරි ඔබට පවසන්නම්..

1.Minoxidil (Rogaine) - මෙය සෙමෙන් ප්‍රතිඵල ලබා දෙන ඖෂධයක්.. වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම හිසකෙස් වල සහ රැවුලට දිනකට දෙවරක් ආලේප කරන්න පුළුවන්.

2.Anthralin (Dritho-Scalp) - හිසකෙස් නැවත වර්ධනය කරන උත්තේජකයක්. මෙය වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න.

3.Corticosteroid creams - හිස්කෙස් වල දැවිල්ල ගතිය අඩු කිරීමට යොදන දියරමය ඖෂධයක්. මෙය වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න.

4.Diphencyprone නමැති රසායනිකය සමට යෙදීමෙන් හිසකෙස් මාස හයක් වැනි කෙටි කලකින් වර්ධනය කරන ක්‍රමයක්. මෙය වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කරන්න.

5.එන්නත්කරණය- Steroid injections එන්නත හිස්කබල මත හිසකෙස් නැවත වැඩීමට බහුලව භාවිතා වන ක්‍රමයක්. මෙහිදී සිහින් ඉදිකටු මගින් හිසකෙස් නොමැති සම මතට එන්නත ලබාදෙනවා.. මෙය මාස දෙකකට වරක් කරන්න පුලුවන්.. මෙය වෛද්‍ය උපදෙස් අනුව කළ යුතුයි.

6.Cortisone tablets - මෙම ඖෂධය alopecia areata චක්‍රය සඳහා දිගු කාලීන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙය අතුරු ආබාධ රැසක් සහිත බැවින් මෙයට වෛද්‍යවරයෙකුගේ අනුමැතිය අනිවාර්යයෙන් අවශ්‍ය වනවා.

7.Light therapy - විකිරණ ප්‍රතිකාර ක්‍රමයක්.. මෙය වෛද්‍ය උපදෙස් අනුව කළ යුතුයි.

මෙයට කළ හැකි ස්වභාවික ප්‍රතිකාර නැද්ද.. හැඩකාරි අපි ඒ සම්බන්ධයෙනුත් සොයා බැලීමක් කළා..
ඇරෝමාතෙරපි
2. කටු චිකිත්සාව
3. කෝමාරිකා යුශ පානය කිරීම
4. ලුණු යුශ හිස්කබලේ ආලේප කිරීම
5. ලැවෙන්ඩර්, රෝස්මෙරී, ජොජෝබා, ඔලිව් වැනි ස්වාභාවික තෙල් වර්ග හිස් කබලේ ගැල්වීම සහ සම්භාහනය කිරිම.
6. හරිත තේ පානය කිරීම

ඒ වගේම තමයි මේ කිසිදු ප්‍රතිකාරයක් සායනික මට්ටමෙන් බොහෝ විට පර්යේෂණ කර නැහැ.. ඉතින් මේ ක්‍රම සාර්ථක වෙන්න හෝ අසාර්ථක වෙන්න පුළුවන්.. බොහෝවිට එක් ක්‍රමයක් පමණක් යෙදීම ප්‍රමාණවත් වන්නේත් නැහැ.. ඉතින් ඔබටත් ඉහත ක්‍රම එකක් හෝ කීපයක් අත්හදා බලන්න පුළුවන්.. වඩාත් වැදගත් වන්නේ ඔබ ඇත්ත වශයෙන්ම ඔබට alopecia areata තත්වය ඇත්දැයි වෛද්‍යවරයෙකු හමු වී හඳුනාගෙන ක්‍රියා කිරීමයි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1966 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:43 AM
Script:/article/1966/everything-you-need-to-know-about-alopecia-areata.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:44 AM
Script:/article/1966/everything-you-need-to-know-about-alopecia-areata.html