සිසිල් ජලය ස්නාන‍යද උණුජලය ස්නානයද වඩාත් සුදුසු.. ලැබෙන වාසි සහ අවාසි

November 13, 2021
7,811
Cold showers or hot showers better?
ඇතැම් විට ඔබ උණුසුම් ජල ස්නානය මගින් ශරීරයට සහ මනසට ලැබෙන ප්‍රබෝධයට ආශා කරනවා ඇති නැතිනම් සිසිල් ජලය ස්නානය කිරීමෙන් ශරීරයට ලැබෙන සිසිලස ප්‍රිය කරනවා ඇති.. එය බොහෝවිට අපගේ කැමැත්ත මත සිදුවූවත් ඇතැම් විට ඔබට සිතී ඇති උණු ජලය සහ සිසිල් ජලය අතරින් වඩාත් ස්නානය සඳහා සුදුසු වන්නේ කුමක්ද කියා.. එසේනම් මේ ලිපිය ඔබටයි..

සිසිල් ජලය ස්නානයෙන් ලැබෙන ප්‍රයෝජන



1. සමේ කසන සුලු ස්වභාවය නතර කරයි.
2. හෘද ස්පන්දනය, ඔක්සිජන් ප්‍රමාණය වැඩිකර ප්‍රබෝධමත් බවක් ලබාදෙයි.
3. රුධිර සංසරණය වැඩි කරයි.
4. ව්‍යායාම් වලින් පසු මාංශ පේශී වේදනාව සමනය කරයි.
5. සිසිල් ජලය ස්නානය මගින් සම සහ හිසකෙස් සඳහා ප්‍රයෝජනවත්වන ස්වභාවික තෙල් වන සීබම් තට්ටුව (sebum layer) ආරක්ෂා කරනු ලබනවා.


සිසිල් ජලය ස්නානය මගින් ඇතිවන අහිතකර බලපෑම්



- ඔබ සෙම්ප්‍රතික්ෂාව වැනි රෝගි තත්ත්වයකින් පෙලෙනවිට සිසිල් ජලය ස්නානය එතරම් සුදුසු වන්නේ නැහැ.. එමගින් ශරීරය සිසිල් කරන අතර නැවත් උණුසුම් වීමට යම් කාලසීමාවක් ගතවන බැවින් රෝගය උත්සන්න වීමේ අවධානම ඇති කරවනවා.

- එමෙන්ම ඔබ වෙනත් අසනීපයන්ගෙන් පසුවන විටදී සිසිල් ජලය ස්නානය මගින් ප්‍රතිශක්තිකරන පද්ධතිය කෙරෙහි බලපෑමක් ඇතිකරනු ලබනවා.


බොහෝදෙනා උණුසුම් ජලය ස්නානයට ප්‍රිය කරන්නේ ඇයි?



- ප්‍රමාණවත් පරිදි නින්ද ලබාගැනීමට නොහැකි විට හෝ ආතතියෙන් පීඩා විදිනවිට උණුසුම් ජලය ස්නානය මගින් සුවයක් ලැබීම සහ නින්ද පහසුවිම.
- මාංශපේෂීන් ලිහිල් කර ශරීරයේ විඩාව දුරලීමට උපකාරි වනවා.
- ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා සහනය දීම
- සිරැරේ ඇති කැළැල් ඉවත් කිරීම


උණුසුම් ජලය ස්නානය ශ්වසන රෝග සඳහා සහනය ලබාදෙන්නේ කෙසේද..?



උණුවතුර අතීතයේ සිට කැස්ස, සෙම්ප්‍රතික්ෂාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනන්ගෙන් සුවය ලැබීමට භාවිතාකර තිබෙනවා.. විශේෂයෙන් උණුවතුර වාශ්ප (හුමාලය) මගින් හුස්ම ගැනීමේ පහසුව සලසන අතර සෙම බුරුල් කිරීමට සහ නාසයේ අවහිරතා ඉවත් කිරීමට උපාකාරි වනවා.


උණුසුම් ජලය ස්නානයේ අහිතකර බලපෑම්



1. දිනපතා උණුසුම්ජලය ස්නානය මගින් සමේ පිටතින් ඇති කෙරටින් සෛලවලට හානි සිදුවන බැවින් සම වියළීම සහ කැසීම් ස්වභාවයන් ඇතිවනවා.
2. ඇතැම් සමවල් මත ඇති දද කුෂ්ඨ තත්ත්වයන් වැඩි වීම.
3. ජලයේ උණුසුම මගින් සමේ මාස්ට් සෛල අන්තර්ගතයන් මුදාහරින බැවින් සමමත කැසීම් ස්වභාවයන් ඇතිකිරීම.
4. උණුසුම් ජලය ස්නානය මගින් රුධිර පීඩනය වැඩි කරන නිසා අධි රුධිර පීඩනය හෝ රුධිර වාහිනි ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙනවා නම් ඇතැම් විට ‍රෝගය උත්සන්න වීමට ඉඩ තිබෙනවා.

උණුසුම් ජලය ස්නානය ද වඩාත් සුදුසු වන්නේ නැතිනම් සිසිල් ජලය ස්නානයද..?

විශේෂඥයින්ගෙ මතය වන්නේ ඇල්මැරුණු ජලය ස්නානය (lukewarm shower) වඩාත් සුදුසු බවයි.. එමගින් ජලයේ අධික උණුසුමක් සහ සිසිල් බවක් නොමැති නිසා අහිතකර බවක් ඇතිවන්නේ නැහැ. සෑම ස්නානයකටම පසුව සම වියළීම වලක්වා තෙතමනය ආරක්ෂා කිරීමට මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම වඩාත් සුදුසු බවයි ඔවුන්ගේ අදහස වන්නේ.. උණුසුම් සහ සිසිල් ජලයෙන් වන හානි සේම ප්‍රයෝජනද වන නිසා තෝරා ගැනීම ඔබ සතුයි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   46,506
   16

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 remedies for dry skin
   31,944
   16

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Match colours of your cloths like this
   42,042
   13

ඇඳුම් වල පාට මේ විදිහට මැච් කරන්න

ඇඳුම් කට්ටල වල වර්ණ ගැලපීම ගැන ඔයාට කරුණු කිහිපයක් Hadakari වෙතින් කියලා දෙන්න තීරණය කළා
chore lists for kids
   70,597
   12

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Know the meaning of your tattoo
   26,367
   12

තේරුම දැනගෙන පච්ච (Tattoo) ගහන්න - (01 කොටස)

ෆැෂන් එකක් විදිහටත්, ආකාර්ෂණීය බවක් ලබා ගන්නත් ඔයා පච්චයක් ගැහුවට ඇත්තටම පච්චයකින් කියැවෙන අරුතක් තියෙනවා. ඔයාගේ ආගම, සංස්කෘතිය, අත්දැකීම්, රුච් අරුචිකම් මේ හැමදේම බලපානවා ටැටූ එකක් ගහන්න. ඔයා මේ ලිපිය කියෙව්වට පස්සේ ටැටූ එකේ නියම තේරුම දැනගෙන ටැටූ එක ගහන්න පුළුවන්

Latest Articles

Most Viwed