පොඩ්ඩොන්ට දඬුවම් කරන්න කලින් මේ ගැන හිතන්න

August 5, 2018
5,925
Think before you punish kids
දෙමාපින්ගේ ලෝකය තමයි දරුවන්. දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කරන්න දෙමාපියන් නොකරන දෙයක් නැති තරම්. දරුවෝ වැරදි කරනවාට දෙමාපියන් කවදාවත් කැමති නෑ. ඒ නිසා වැරැද්දක් දුටු මුල් අවස්ථාවේදීම දෙවතාවක් හිතන්නේ නැතුව වැරැද්ද නිවරදි කරන්න දරුවන්ට දඬුවම් කරනවා. දරුවෝ අතින් කුඩා කුඩා වැරදි වැඩ වලට දඬුවම් කරන්න ගියොත් මොකද වෙන්නේ. දරුවෝ තවත් දඟ වැඩ කරන්න පුළුවන්. ගොඩක් අම්මලා කියන කතාවක් තමයි දරුවන් කියන දෙයක් අහන්නේ නෑ. හරිම දඟයි කියන එක. ඉතිං දරුවෝ අතින් වෙන වැරදිවලට දෙමාපියන් කරන්නේ තැනක් නොතැනක් බලන්නේ නැතුව දඬුවම් කරන එක. දරුවන් අතින් වෙන පොඩි පොඩි වැරදිවලට දඬුවම් කරන්න ගියොත් දරුවන්ගේ ජිවතය අනතුරට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඉතිං දැන් ඔයාට පොඩ්ඩොන්ට දඬුවම් කරන්න කලින් ටිකක් හිතන්න වෙනවා. Hadakari අපි එහෙම කියන්නේ ඇයිද කියලා ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

දඬුවම් කිරීමෙන් දරුවන් ආවේගයට පත් කරනවා

දරුවන් කරන සුළු වැරදිවලට දඬුවම් කිරීමෙන් සිදු වෙන්නේ ඔවුන්ව තවත් ආවේගයට පත් කිරීමයි. අවුරුදු තුනේදී දඬුවම්වලට කායික වශයෙන් ලක් වුණු දරුවෙක් අවරුදු පහ පමණ වන විට වඩාත් කලහකාරි හා මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. කුඩා දරුවන් අතින් සිදුවන වැරදි නිවැරදි කරන්න දඬුවම් කරන්න එපා. මොකද හොඳ නරක වෙන් වෙන් වශයෙන් තේරුම් කර දිය යුත්තේ දරුවාව තවත් ඔබ ළඟට ළං කර ගනිමින්. දරුවන්ට දඬුවම් කිරීමෙන් ඔවුන් තවත් මුරණ්ඩු වැඩ කරන්න පෙළෙඹෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඒ වගේම පිරිසක් ඉදිරියේ දරුවන්ට දඬුවම් කිරීම සුදුසු වෙන්නේ නෑ. එහෙම වුණොත් ඔයාගේ දරුවාගේ මනසට එය විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්.

කුඩා දරුවෝ වැරදි නිවරදි කර ගන්නේ නෑ

ඔයා දරුවට සැර කරලා තරවටු කරපු වේලාවට පමණක් දරුවා නිහඬව සිටීවි. නමුත් කවදාවත් ආපහු ඒ වරැද්ද නොකර ඉන්නේ නෑ. මොකද ඒ වේලවට ඇති බිය නිසා චුට්ටක් විතරක් නිහඬ වේවී. නමුත් එය එය නතර කරන්නේ දරුවාට හොඳ නරක තේරුම් ගන්න පුළුවන් වුණාට පස්සේ. ඒ නිසා කුඩා දරුවන්ට දරුවන් කිරීමෙන් ඔහුන්ව නිවැරදි මාර්ගයට ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

නිවැරදි ආදර්ශයක් වෙන්නේ නෑ

කායික හිංසාවලට ලක් වුණු දරුවන් අනාගතයේදී තමාගේ දරුවන්ටත් කායික වද හිංසා පමුණුනවා. මෙවැනි දරුවන් අපරාධවලට නැඹුරු වීමේ ඉඩ වැඩියි. ඒ වගේම යාලූවෝ අතරේ සහෝදරයෝ අතරේ කායික හිංසා කරන දරුවෝ බොහෝමයක් කුඩා අවධියේ දෙමව්පියන්ගේ දඬුවම්වලට ලක්වූවන්. කවදා හෝ දවසක ඔවුන් දෙමාපියන් උනාමත් තමන්ගේ දරුවන්ට පහර දීලා, තරවටු කරලා තමයි දරුවන්ව සුමගට ගන්න උත්සාහ කරන්නේ.

දරුවන්ගේ පෞර්ෂයට බාධාවක්

දරුවන්ට දඬුවම් කිරීමෙන් සිදු වෙන්නේ ඔවුන් මානසික වශයෙන් පීඩනයට ලක් වීමයි. එහි ප්‍රතිඵලයක් විදිහට නිවෙස් හැර යාම, මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආබාධවලට ලක් වීම වැනි කරුණු රැසකට ඔබගේ දරුවා පත්විය හැකියි. විශේෂයෙන් දරුවන්ගේ සියදිවි නසා ගැනීම්වලට පවා හේතු වෙන්නේ කුඩා කළ ඇති වුණු මෙවැනි අමිහිරි අත්දැකීම් නිසයි. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වගේම නිර්මාණශීලි හැකියාවන්ද දියාරු වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩියි.

දරුවන්ගේ මොලයේ හැකියාවන් හානීයට පත් විය හැකියි

දරුවන්ට දිනපතා හෝ වරින් වර දඬුවම් කිරීමෙන් සිදු වෙන්නේ මොලයේ පැහැදිළිවම වෙනස්වීම් හට ගන්නවා. අවපීඩනය වීම්, වෙනත් මානසික ආබාධවලට ලක් විය හැකියි. බොහෝ පර්යේෂණ සොයා ගැනීම්වලට අනුව කායිකව දඬුවම් කරන ලද දරුවන් වැඩිහිටියන් වෙනකොට විවිධ සංකූලතා වලට පත්වෙනවා. විශේෂයෙන්ම දඬුවම්වලට ලක්වු දරුවන් තුළ පවතින ආතතිය හා පීඩනය ඉතාමත් වැඩියි. ඒ නිසා ඔවුන් ඕනෑම වැරැද්දක් කරන්න යොමු විය හැකියි.

යහපත් දරුවෙක් සමාජයට දයාද කරන්න හොදම හා එකම ක්‍රමය දරුවන්ට දඬුවම් කිරීම නොවෙයි. දරුවන්ට දඬුවම් කිරීමෙන් තොරව ඔවුන්ට ඉතා සමීපව ආදරෙන් කියලා දුන්නොත් දරුවෝ ඕනම වැරදි පුරුදුදක් අත් හරිවී. ඒ නිසා දරුවන්ට කායික හා මානසික වශයෙන් දඬුවම් නොකර දරුවන්ව නිවැරදි මාර්ගයට ගන්න දෙමාපියන් වන ඔබට වගකීමක් හා යුතුකමක් තියෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1000 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:15:54 AM
Script:/article/1000/think-before-you-punish-kids.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 2:15:54 AM
Script:/article/1000/think-before-you-punish-kids.html