ඔබත් දරුවාත් අනතුරේ හෙලන මේ ආසාත්මිකතා වලක්වා ගන්න

July 18, 2018
5,714
Are you aware of the infections while you are pregnant?
මාතෘත්වය අපේක්ෂාවෙන් සිටින ඔබ ගර්භණී අවධිය තුළ ශරීර සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුයි. අපිට ජීවිත කාලය පුරාම වගේම කාන්තාවකට ගර්භණී සමයේදීත් ආසාදන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ගර්භණී අවධිය තුළ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම විවිධ හේතුන් මත සීමා වන බැවින් අසාදන තත්ත්වයක් ඇති වීමට පූර්වයෙන් දැනුවත්ව සිටීම ඉතා වැදගත්. එය ඔබට වගේම ඔබ තුළ වැඩෙන දරුවාගේ රැකවරණයටද මනා පිටුවහලක් බවට පත් වේවී. ඒ නිසාම අද www.hadakari.lk  තුළින් ගර්භණී සමයේදී ඔබට ඇතිවිය හැකි ආසාධණ තත්ත්වයන් පිළිබදව දැනුම්වත් කරන්න අපි තීරණය කළා.

පැපොල රෝගය

ගර්භණී අවධිය තුළ පැපොල රෝගය ඇති වීම මවටත් දරුවාටත් බරපතල තත්ත්වයක්. එහි ප්‍රබලත්වය කොතරම්ද කියනවා නම් එමගින් දරුවාට විවිධ සංකූලතා ද ඇති විය හැකියි. කාන්තාවන්ට කුඩා කාලයේදී පැපොල රෝගය සදහා ප්‍රතිශක්තිකරණය ශරීරය තුළ ගැබ්වී තිබෙනවා. කෙසේ නමුත් ඔබට මෙම රෝගය වැළදී නැත්තම් පැපොල රෝගය වැළදුණු දරුවකු හෝ වැඩිහිටියෙකු සමග සම්බන්ධ වීමට සිදු වුවහොත් ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍යය නිළධාරිනිය හමුවිම ඉතා වැදගත්. රුධිර පරීක්ෂාවකින් අනතුරුව ඔබ ආසාදනයට ලක් වී ඇත්දැයි හදුනා ගත හැකියි.

සයිටෝමෙගලෝ වෛරසය

සයිටෝමෙගලෝ වයිරසය සාමාන්‍ය හර්පිස් වයිරස් මාදිලියේම වයිරසයක්. මේ වයිරසය මගින් සෙම්ප්‍රතික්ෂාව, තුවාල, පැපොල ආදී ආසාදන තත්ත්වයන් ඇති විය හැකියි. සයිටෝමෙගලෝ වයිරසය ආසාදනය වීම ඔබේ දරුවාට අහිතකර අයුරෙන් බලපෑ හැකියි. මෙම වයිරසය පෙර අසාදනය වී නොමැති නම්, මෙම වෛරසය ආසාදනය වීම මගින් ඇස් පෙනීම දුර්වල වීම, ශ්‍රවණාබාධ, ඉගෙනීමේ දුර්වලතා, අපස්මාරය වැනි රෝග දරුවාට ඇති විය හැකියි. ඒ නිසා මෙවැනි තත්ත්වයක් මගහරවා ගැනීම ඔබට මෙන්ම ඔබගේ දරුවාටද ඉතාමත් වැදගත්.

01. මෙම වයිරසය කුඩා දරුවන් අතර බහුලව තිබෙන බැවින් ඔවුන්ගේ මුහුණ සිප ගැනීමෙන් වළකින්න

02. ඔබේ දෙඅත් නිතරම සබන් යොදා පිරිසිදු කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් සමග ගනදෙනු කිරීමේදී වඩාත් සැළකිලිමත්ව කටයුතු කරන්න

03. ඔබගේ ආහාර, කෑම, බීම සදහා භාවිත භාජන, උපකරණ පොදුවේ භාවිත නොකරන්න


ස්ට්‍රේ‍ප්ටෝකොකොස් බැක්ටීරියාව

මෙම බැක්ටීරියාව කාන්තාවන්ගේ අන්තරය හා යෝනී මාර්ගය තුළ නිතරම දක්නට ලැබෙනවා. ඉතා කලාතුරකින් හානීකර තත්ත්වයන් මෙමගින් ඇති විය හැකියි. කෙසේ වුවත් දරු ප්‍රසුතියට ආසන්නයේදී හෝ දරු උපත සිදු වීමේදී මෙම බැක්ටීරියාව දරුවාට ආසාදනය වී දරුණු රෝග තත්ත්වයක් ඇති විය හැකියි. මෙම බැක්ටීරියාව අසාදනය වු මව්වරුන්ට දරු උපත සිදු කිරීමේදී ප්‍රතිජීවක ඖෂධ ලබාදී දරුවාට අසාදනය වීම අවම කරනවා.

ජර්මන් සරම්ප

ගර්භණී කාලයේදී විශේෂයෙන්ම පළමු මාස 03 දි රුබෙල්ලා ආසාදනය වීමෙන් උපදින්න සිටින දරුවාගේ දෘෂ්ටිය, ශ්‍රවණය හා හදවතේ ක්‍රියාකාරිත්වයට මෙන්ම මොලයේ වර්ධනයටද ඉතා හානිදායක ලෙස බලපා හැකියි. බොහෝ පුද්ගලයින් ළමා කාලයේදීම රුබෙල්ලා සදහා ප්‍රතිශක්තිකරණය එන්නත් ලබාගැනීම සිදු කරනවා. ගර්භණී සමයේ පසුවන ඔබට රුබෙල්ලා ආසාදනය සිදු වුවහොත්  හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු වීම ඉතා වැදගත්. රුධිර පරීක්ෂණ මගින් ඔබට රුබෙල්ලා අසාදනය වී ඇත්දැයි වෛද්‍යවරයාට දැනගත හැකියි.

පැරුවෝ වයිරසය

මෙම වයිරසය කුඩා ළමුන්ට බහුලව ආසාදනය වන රෝගි තත්ත්වයක්. එහි බලපෑම මගින් මුහුණේ රතු පාට ස්වරූපයක් ගන්නවා. ගර්භණී සමයේ පසුවන කාන්තාවන්ට මේ සදහා ප්‍රතිශක්තිය ලබාදීම අත්‍යාවශ්‍යයි. මෙම වෛරසය ඉතා තදින් අසාදනය වී ගර්භයේ සිටින දරුවා කෙරෙහිද අහිතකර බලපෑම් ඇති විය හැකියි. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍යය නිළධාරිනිය දැනුවත් කරන්න.

ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන තත්ත්වයන්

ලිංගිකව සම්ප්‍රේ‍රෂණය වන ආසාදන තත්ත්වයන් වලදී බොහෝ විට රෝගී ලක්ෂණ නොපෙන්වන බැවින් ඔබ නොදැනුවත්ම ඔබට එවැනි තත්ත්වයක් ඇති වී තිබිය හැකියි. ලිංගික සම්ප්‍රේ‍රෂණය වන ආසාදන මගින් ගර්භණී කාලයේදී දරු උපතෙන් පසුවද දරුවට බලපෑම් ඇති කිරීමේ අවධානමක් තිබෙනවා. එවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.

HIV ඒඞ්ස්

බොහෝ විට HIV ආසාදනය වී තිබුණත් රෝගී ලක්ෂණ නොපෙන්වා යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පෙන්නුම් කළ හැකියි. නමුත් ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍යය නිලධාරිනියගේ උපදෙස් ලබා ගෙන ඔබගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය වීමට අති අවදානම අඩු කර ගත හැකියි.

හෙපටයිටීස් බී

හෙපටයිටීස් බී වයිසරය මගින්  බලපෑම් කරන්නේ අක්මාවට. මෙය සම්ප්‍රේ‍රෂණය වෙන්නේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් මගින් හේ ආසාදිත රුධිරය මගින්. බොහෝ රෝග ලක්ෂණ පෙන්නුම් නොකර මෙම රෝගය අසාදිතව සිටින පිරිස ඉතාමත් වැඩියි. මෙම වෛරසය අසාදනය වි ඇත්නම් දරු උපත සිදු කිරීමේදී ඔබේ දරුවාට එය සම්ප්‍රේෂණය විය හැකියි. ඔබේ දරුවාට එවැනි අවධානමක් ඇත්නම් උපතෙන් පසු පැය 24 ක් ඇතුළත හෙපටයිටීස් බී එන්නත ලබා දෙනු ලැබේ.

හර්පීස්

හර්පීස් රෝගය සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණය වෙන්නේ ලිංගික සංසර්ගයෙන්. මේ රෝගී තත්ත්වය ඔබගේ අලූත උපදින දරුවාට ඉතාමත් අහිතකරයි. ගර්භණී සමය මුල් කාලයේදී මෙය අසාදනය වුවහොත් සිසේරියන් සැත්කමක් සිදු කිරීමෙන් දරුවාට සම්ප්‍රේ‍රෂණය වී වළක්වාගත හැකියි. ඔබට හෝ ඔබේ සහකරුවාට මෙවැනි රෝගී තත්ත්වයක් පවතී නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රකාර වෙත යොමු වීම ඉතා වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   56,678
   46

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   27,026
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   57,274
   18

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
Changes in your body if you consume cod-liver oil daily
   98,300
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Seeni Sambol Recipe
   10,675
   17

සීනි සම්බෝල - Recipe

කිරිබතක්, ඉඳිආප්ප ටිකක්, රෝස් පාන් කෑල්ලක් කනකොට සීනි සම්බොලයක් ගෙදරම හදා ගත්තොත් ඒ ආහාර වේල සතුටින් රසවිඳින්න පුලුවන් වෙයි

Latest Articles

Most Viwed