ඔබේ දරුවාට බියකරු සිහින පෙනෙනවාද? එහෙනම් මේ උපදෙස් පිළිපදින්​න

August 27, 2020
15,690
How to deal with kids nightmares
ගොඩක් වෙලාවට ඔයා සුවට නිදාගෙන ඉන්න රාත්‍රීන් හි ඔබේ දරුවාගේ කෑගැසීම් නිසා හදිසියේම අවදි වෙන අවස්ථා උදා වෙලා ඇති. ඒ වගේ වෙලාවට ඔයා දරුවන් වෙතට දුවලා ගියත්, ඔයාගේ සැනසිලිදායක වචන වලට දරුවා ඉක්මණින් සන්සුන් වෙන්නේ නැද්ද? එහෙනම් දරුවා බියකරු සිහින දැකලා කෑ ගැහුවොත් ඒ වගේ වෙලාවකදී ඔයාගේ දරුවන් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් ක්‍රම පිළිබඳව අද හැඩකාරී අපි කියලා දෙන්නම්. 

නපුරු සිහින කියන්නේ මොනවාද ?
නපුරු සිහින කියන්නේ ළදරුවෙක් ගැඹුරු නින්දක ඉන්නකොට ඇතිවන නරක සිහිනයි. බොහෝ වෙලාවට කුඩා දරුවන්ට නපුරු සිහිනය විස්තරාත්මකව මතක තබා ගන්න පුලුවන්. ඒ නිසා පහුවදා උදෑසනත් දැකපු නපුරු සිහින නිසා කලබල වෙන්න පුලුවන්. 

අලුත උපන් බිළිඳුන්ට බියකරු සිහින පෙනෙන්න පුලුවන් ද කියලා දන්නේ නැහැ. නමුත් ඔවුන් දිනකට පැය 10 කට වඩා වැඩි කාලයක් (REM) ගැඹුරු නින්දේ ගත කරනවා. ඒ නිසා ඔවුන් ද මූලික බියකරු සිහින අත්විඳින්න පුලුවන්. කුඩා දැරුවෙකුට බියකරු සිහින අත්විඳීමට යම් යම් හේතු තිබෙන්න පුලුවන්.

ළදරුවන්ට බියකරු සිහින පේන හේතු

දුක්ඛිත හෝ බියජනක තත්ත්වයන් : 
වැඩිහිටියෙකුට සාමාන්‍ය යැයි කියලා පෙනෙන දේවල් ළදරුවෙක්ට කරදරයක් වෙන්න පුලුවන්. ඔබේ කුඩා දරුවා බිය උපදවන රූපයක් දැකලා නම් හෝ අකමැති ඥාතියෙක් සමඟ කාලය ගත කරලා ඇත්නම් දරුවා බියකරු සිහින අත්විඳින්න පුලුවන්. විශේෂයෙන් හොඳ පරිකල්පනයක් ඇති කුඩා දරුවන් බියජනක කතා ඇසීමෙන් පස්සේ ද බියකරු සිහින වලට ගොදුරු වෙන්න පුළුවන්.

ඖෂධ : 
ඇතැම් ඖෂධ මගින් ද දරුවන්ට රාත්‍රියේදී බියකරු සිහින ඇති කරනවා. ඒ වගේ අවස්ථාවලදී එම ඖෂධ නැවැත්වීම හෝ මාත්‍රාව වෙනස් කිරීම මගින් දරුවාට විවේකයක් ලබා ගන්න දෙන්න.

මානසික ආතතිය සහ කාංසාව : 
ඔයාගේ දරුවා ජීවත් වෙන්නේ යම් දෙයක් ගැන යම් බියෙන් හෝ කනස්සල්ලෙන් වෙන්න පුළුවන්. ඒවා දරුවන්ට බියකරු සිහිනයක් බවට පත් වෙන්න පුලුවන්.

වෙහෙස : 
නිසි නින්දක් නොලැබීම තෙහෙට්ටුව සහ වෙහෙසට හේතු වන අතර එමඟින් ළදරුවන්ගේ නිදා ගැනීමේ හා අවදි වීමේ චක්‍රය කඩාකප්පල් වනවා. එමඟින් වක්‍රාකාරව දරුවන්ගේ මොළයට බියකරු සිහින වල හැඩය ගන්නා ඍණාත්මක සිහින දැකීමට මඟ පෑදෙන්න පුලුවන්.

නින්දට පෙර අධික ආහාර වේලක් ගැනීම :
නින්දට පෙර අධික ආහාර වේලක් ගැනීම වැඩිහිටියන්ගේ ද බියකරු සිහින දැකීම් වලට බලපාන එක හේතුවක්. ළදරුවන් ඝන ආහාර පරිභෝජනය හුරු වූණාට පස්සේත් මේ සඳහා ගොදුරු වෙන්න පුලුවන් වුණත්, එය ළදරුවන්ට අදාළ වෙනවාද කියලා නිශ්චිතව ම කියන්න බැහැ.

නපුරු සිහින සමඟ කටයුතු කරන්නේ කොහොමද ?

හුරතල් කරන්න
ඔයාගේ ළදරුවා සමඟ ප්‍රමාණවත් කාලයක් ගත කරන්න. ඔයා දරුවා ළඟ සිටින බවට එයාට සහතික වන්න. ළදරුවන්ට වාචික සහතික කිරීම් නොතේරෙන නිසා ඔවුන්ව තුරුලට ගෙන හුරතල් කරන්න. ඔයාගේ දරුවාව සිනාසෙමින් සමීපව තබාගෙන විවේකීව ඉන්න ගමන් ගීත ගායනා කරන්න.

සිදු වූ දේ පැහැදිලි කරන්න: 
ආරම්භක කාංසාව සමනය වුණාට පස්සේ දරුවාට නරක සිහිනයක් පෙනී ඇති බව පැහැදිලි කිරීමට උත්සාහ කරන්න. නපුරු සිහින සැබෑවක් නොවන බවත්, සැබෑ ජීවිතයට කිසි විටෙකත් ඒවායින් හානියක් කරන්න බැරි බවත් තේරුම් ගැනීමට කුඩා දරුවාට උදව් කරන්න.

මනෝභාවය වෙනස් කරන්න : 
ළදරුවාට තේරුම් ගන්න පුලුවන් අත්දැකීමක් හෝ විහිළුවක් බෙදා ගැනීමෙන් ඒ මොහොත සැහැල්ලු කිරීමට උත්සාහ කරන්න. තවත් පවුලේ සාමාජිකයෙක් සම්බන්ධ කර ගෙන කුඩා දරුවා සමඟ සැහැල්ලු සංවාදයක් පවත්වන්න.

ආරක්ෂක අයිතමයක් තබා ගන්න: 
දරුවාට සුවපහසුවක් ගෙන දෙන යමක් ලබා දෙන්න සහ ආරක්ෂාව පිළිබඳ සංකේතයක් ලෙස එය ක්‍රියා කරනවා කියන්න. ඒක මෘදු බ්ලැන්කට්ටුවක ඉඳන් සරල හුරුබුහුටි සෙල්ලම් බඩුවක් වුණත් වෙන්න පුලුවන්.

දරුවාව නින්දට යනකල් රැඳී සිටින්න: 
එසේම ඔබ කාමරයෙන් පිටත් වෙලා යන්න කලින් දරුවාට සැනසීමක් ලබා දීමට වග බලා ගන්න.

උදේට නපුරු සිහින ගැන කතා එපා: 
නපුරු සිහින ගැන කෙලින්ම කතා කරන්න එපා. ඒ වෙනුවට, ‘ඔයා හොඳින් නිදාගත්තාද?’ වගේ ප්‍රශ්නයක් අසන්න. ඔයාගේ ළදරුවා බියකරු සිහිනය ගැන කතා කිරීමට පටන් ගන්නවා නම් ඒවාට හොඳින් සවන් දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,591
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,013
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,499
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   71,005
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed