දවස පුරාම වෙහෙසෙන ඔයාගේ ඇස්වලට විවේකයක් දෙන්නේ මෙන්න මෙහෙමයි

August 27, 2018
5,915
How to give a rest to your eyes
ඇස් දෙක තරම් ඔයාට වටිනා තවත් දෙයක් මේ ලෝකයේ නොමැති තරම්. මොන සැප සම්පත් තිබුණත්, කොච්චර ලස්සන රූපයක් අරගෙන මේ ලෝකෙට ඉපදුණත් වැඩක් නෑ දෑස් අහිමි නම්. ඇස් දෙක ඒ තරම්ම අපිට වටිනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඇස් පේන්නේ නැතුව මේ ලෝකයට උපදින කී දෙනෙක් නම් දුක් විඳිනවාද ලෝකය දිහා බලන්න බැරුව. තවත් සමරහරුන්ට මුලින් ඇස් පෙනිලා පස්සේ ඇස් නොපෙනී යනවා. ඒ අහිමිවීම තරම් වේදනාවක් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ නොමැති තරම්. ඉතිං මෙවැනි අවාසනාවන්ත සිදුවීම් අතරේ ඔයාට හොඳට පෙනන ඇස් දෙක ඇස් දෙක වාගේ පරිස්සම් කරගන්න එක කොච්චර වටානවාද කියලා ඔයා කවදාහරි නිකමටවත් හිතලා තියෙනවාද? අද අපි ඔයාට කියලා දෙන්නේ දවස පුරාම වෙහෙසවන ඔයාගේ ඇස්වලට පුංචි විවේකයක් දෙන්න මොනවද ඔයා කරන්න ඕන කියලා. Hadakari වෙතින් ඔයාට පිදෙන මේ ලිපිය පොඩ්ඩක් කියවලම බලන්නකෝ ඔයාගේ ඇස්වලට විවේකයක් දෙන්න මොනවද කරන්න ඕන කියලා.

නිතරම වෙහෙසන ඔයාගේ ඇස්වලට පුංචි සහනයක් දෙන්න පුළුවන් ව්‍යායාම කිහිපයක්

01. ඔයා නොදැනුවත්ම සමහරවිට මේ ව්‍යායාමය කරලත් ඇති. හොඳට මතක් කරලා බලන්නකෝ ඔයා පාඩම් කරපු එකක් මතක් වුණේ නැති වුණාම ඔයා ඇස්වලට අත් දෙක තියාගෙන අනන්තවත් ඉඳලා ඇති. එහෙමත් නැත්තම් කාර්යාලයේ වැඩ වැඩි වුණාම ඔයා අස් දෙක තදින් අල්ලගෙන ඉඳලා ඇති. මේක ඔයාගේ ඇස්වලට හොඳ ව්‍යායාමයක්. දෑස් හොඳින් පියා ගන්න. ඇන් ඔයාගේ වැලමිට මේසය මත තියාගෙන දෑත්වලින් ඇස් දෙක වසා ගන්න. මිනිත්තු කීපයක් අඳුරේ ඇස් දෙක පියාගෙන ඉන්න. කෙටි වෙලාවකින් පසුව ඔයාගේ ඇස් වලට සැහැල්ලුවක් ලැබේවී.

02. සෘජුව හිට ගන්න. ඔයාගේ හිස හරවන්නේ නැතුව ඇස්වලින් ඔයාගේ වම් අත පැත්ත බලන්න. නැවත දකුණ බලන්න. මේ ආකාරයෙන් පස් වතාවක් පමණ කරන්න. මෙයින් ඔයාගේ ඇස්වල මාංශ පේශීවලට නිසි ව්‍යායාමයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ ඇස්වල යම් ආතතියක් තියෙනවා නම් එය මගහරවනවා විතරක් නෙමෙයි ඔයාගේ ඇස්වලට විවේක සුවයක් ගෙන දෙනවා.

03. කෙලින් හිට ගන්න. කලින් වතාවේ ව්‍යායාමයේදී ඔයා වම දකුණ බැලුවා වගේ දැන් ඔයාට තියෙන්නේ ඒ ඉරියව්වෙන්ම හිටගෙන ඉහළ පහළ බලමින් මේ ව්‍යායාමය කිරීමයි. විනාඩි 03 ක් පමණ මේ ව්‍යායාම කිරීමෙන් ඔයාගේ ඇස්වලට විවේකයක් ලැබෙනවා.

04. පෙර පරිදිම සෘජුව හිට ගන්න. ඔයාගේ ඇස් විතරක් හරවා ඔයාගේ දකුණුපස පහළ බලන්න. ඔයාට පෙනෙන යම් දෙයක් දෙසට අවධානය යොමු කරන්න. නැවත ඉදිරිය බලන්න. ඔයාගේ වම් ඇසටත් මේ ව්‍යායාමය මේ විදිහට කරන්න. මේ ව්‍යායාමය කිහිප වතාවක් සිදු කිරීම තුළින් ඇස්වල විඩාව මගහැරි ඔයාට සුවයක් ලැබෙනවා.

05. කෙලින් හිට ගන්න. දැන් ඔයාගේ ඉදිරිය බලන්න. පසුව ඔයාගේ දෑස් ක්‍රමානූකූලව දකුණු පැත්තේ සිට රවුම් ආකාරයට කරකවන්න. නැවත වමේ සිට දකුණු පැත්තට මෙපරිද්දෙන්ම කරන්න. මේ ව්‍යායාමය තුන් වතාවක් කිරීමෙන් ඔයාගේ ඇස්වලට විවෙකයක් ලැබෙනවා.

06. කෙලින් හිටගන්න. පෑනක් හෝ පැන්සලක් අතට ගෙන ඔයාගේ ඇස් ඉදිරියෙන් අල්ලා ගන්න. මුලින්ම පැන්සල දිහා බලන්න. පසුව පැන්සලට තරමක් දුරින් තියෙන වස්තුවක් දෙස බලන්න. මේ විදිහට මාරුවෙන් මාරුවට මේ ව්‍යායාමය පස් වතාවක් පමණ සිදු කරන්න.

07. කෙලින් පෙර විදිහටම හිට ගන්න. ඔයාගේ ඇහි බැම අතරට අවධානය දෙන්න. තප්පර කිහිපයක් ඇහිබැම දිහා බලාගෙන ඉන්න. නැවත පෙර පරිදි ඇහි බැම මැදට අවධානය යොමු කරන්න. නැවත ඉදිරිය බලන්න. මේ විදිහට කිහිප සැරයක් මාරුවෙන් මාරුවට කරන්න. එවිට ඔයාගේ ඇස්වලට විවෙකයක් ලැබේවී.

08. පුටුවක සෘජුව ඉද ගන්න. දැන් ඔයාගේ නාසයේ කෙළවර දිහා බලන්න. නැවත ඉදිරිය බලන්න. නැවත නාසය දිහා බලන්න. මේ ව්‍යායාමය පස් වතාවක් පමණ සිදු කරන්න.

09. ඔයාගේ ඇස් තදින් වසාගෙන තප්පර කිහිපයක් ඉන්න. පසුව ඇස් අරින්න. නැවත ඇස් තදින් පියන්න. මේ විදිහට කිහිප වතාවක් සිදු කිරීමෙන් ඔයාගේ විඩාබර ඇස්වලට විවේකයක් ලබා ගත හැකියි.

ඇස්වලට විවේකය කියන්නේ ආහාර වේලක් හා සමානයි. හරියට පෝෂණයක් ඇහැට නොලැඛෙන විට තමයි ඇස් ආශ්‍රිත විවිධ රෝග තත්ත්වයන් ඇති වෙන්නේ. ඇස් ආශ්‍රිත දැවිල්ල, ඇස් කැසීම, ඇස්වලින් ඌෂ්ණය පිට වීම ආදී වු රෝග තත්ත්වයන් රැසකටම හේතුව වෙන්නේ ඇස් ආශ්‍රිත රෝගී තත්ත්වයන්. ඔයා නිතරම පරිඝණකය එක්ක වැඩ කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒකාකාරී රටාවෙන් මිදෙන්න ගහකොළ දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න. මොකද හරිත වර්ණය ඔයාගේ වෙහෙසකර ඇස්වලට ඉතාමත් ගුණදායකයි. ඔයාට විකල්පයක් විදිහට හරිත වර්ණයෙන් යුත් ශාකයක් ඔයාගේ ඔෆිස් කාමරයේ හෝ මේසය උඩ තියලා තියන්න පුළුවන්. ඇස්වලට විඩාව දැනෙන විට ඔයාට මේ ශාක දිහා බලලා ඇස් වලට යම් විවේකයක් ලබාගත හැකියි.

ඔයාගේ ඇස් දෙක ආරක්ෂා කරන්න ඕන නම් මේ වැරදි කවදාවත් කරන්න එපා

01. අව්වට යනවා නම් අව් කණ්නාඩියක් භාවිත කරන්න අමතක කරන්න එපා
02. දීර්ඝ වේලාවක් පරිගණකය හෝ රූපවාහිනිය දිහා බලන්න එපා
03. අඳුරු එළියකදී ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිත කිරීමෙන් වළකින්න
04. රූපලාවණ්‍ය කටයුතුවලදී ඇස් වලට ආරක්ෂණ වැසුම් යොදන්න අමතක කරන්න එපා
05. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න
06. තද උණුසුම් ජලයෙන් මුහුණ සෝදන්න එපා. උණුසුම් වතුර ඇස්වලට අහිතකරයි.
07. සෑම පැයකට වරක්ම ඇස්වලට සුළු විවෙකයක් ලබා දෙන්න
08. ඔබේ පරිගණකයටෙ බහු මොනිටර් ආධාරකපද්ධතියක් භාවිත කරන්න අමතක කරන්න එපා
09. Eyeleo වැනි ඔබගේ ඇස්වලට කෙටි විරාමයක් ලබා ගැනීමට ඔයාට මතක් කරලා දෙන PC Application භාවිත කරන්න. එය ඔබේ ආතතිය මගහරවා ගැනීමටද උපකාරී වේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1046 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:33 AM
Script:/article/1046/how-to-give-a-rest-to-your-eyes.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:36:33 AM
Script:/article/1046/how-to-give-a-rest-to-your-eyes.html