සෙරෙප්පු දාන්නේ නැතුව තණකොළ මත ඇවිදීමෙන් ඔයාට ලැබෙන වාසි

July 24, 2018
13,909
Benefits of walking barefoot on grass
ගොඩක් දෙනෙක් මුළු දවස පුරාම සෙරෙප්පු දාගෙන ඉදලා රෑට නින්දට යනකොට විතරයි කකුල් දෙකෙන් සෙරෙප්පු ඉවත් කරන්නේ. එළියට යනකොට විතරක් නෙමෙයි ගේ ඇතුළේ ඉන්න කොටත් බොහෝ දෙනෙක් සෙරෙප්පු දාගෙන ඉන්නවා. දවස පුරාම සෙරෙප්පු දාගෙන ඉන්න ඔයා කවදාවත් හිතුවද නිතරම සෙරෙප්පු දාන එක ඔයාගේ ශරීර සෞඛ්‍යයට හොද නෑ කියලා. අපේ රටේ තියෙන උෂ්ණාධික කාලගුණය එක්ක සෙරෙප්පු දවස පුරාම දාගෙන ඉන්න එක ශරීරය සෞඛ්‍යයට හොද නෑ. සෙරෙප්පු ගලවලා තණකොළ මත ඇවදීමෙන් ඔයාට ලැඛෙන වාසී ගැන ඇහුවොත් ඔයාට පුළුවන් හැම වේලවකම ඔයා තණකොල ටිකක් පාගලා ඇවිදින්න උත්සාහ කරයි. තණකොළ මත ඇවිදිමෙන් ඔයාට ලැඛෙන ආස්වාදය හා ප්‍රයෝජන ගැන අද hadakari.com තුළින් කතා කරන්න අපි තීරණය කළා. අපි ඔයාට සෙරෙප්පු දාන්නේ නැතුව තණකොළ මත ඇවිදින්න කියන්නේ ඇයි කියලා ඔයා මේ ලිපිය පොඩ්ඩක් කියවලම බලන්නකෝ.

ඔයාගේ ඇස්වලට හොදයි

ඇස්වලට වගේම ඔයාගේ සිරුරේ තවත් අවයව නියෝජනය කරන චිකිත්සා කලාපයන් පාදයේ පතුලේ පිහිටලා තියෙනවා. පාවහන් නැතුව තණකොල මත ඇවිදීමේදී ඔයාගේ පාදයේ පළමු දෙවන හා තුන්වන ඇගිලි මත උපරිම තෙරපීමක් ලබාදීම තුළින් ඔයාගේ ඇස්වල ප්‍රබල චිකිත්සාවක් සිදු වෙනවා. මේ චිකිත්සක කලාපය උත්තේජනය කිරීම මගින් පෙනීම වර්ධනය වීම වගේම ඔයාගේ සමස්ත ශරීරය සෞඛ්‍යය සම්පන්න පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඔයා අවධි වුණු ගමන් පිණි වැටුණු තණකොළ මත සෙරෙප්පු නැතුව ඇවිදින්න. ඒ මගින් ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල රැසක් ලබා ගන්න හැකි වේවී.

ඔයාගේ පාද සෞඛ්‍යය සම්පන්නව පවත්වාගෙන යන්න උපකාරී වෙනවා

සෙරෙප්පු නැතුව ඇවිදිනකොට ඔයාගේ කකුල්වලට ඉතා හොද ව්‍යායාමයක් ලැබෙනවා. පාදයේ මාංශපේශි වගේම බලනහර, වළලූකර, අස්ථී බන්ධනය හා පසුපස මාංශ පේශි සවිමත් වීමත් සිදු වෙනවා. පාදයේ පතුල් සමතලා ස්වරූපයක් ගන්නා අතර තවත් සමහරුගේ යටි පතුල ඝන ස්වරූපයකින් යුක්ත වෙනවා. ඒ වගේම ඉතිං ඔයාගේ පාද පිණි වැටුණු තණකොළවල ස්පර්ශ වීමෙන් නැවුම් ආශ්වාදයක් ලබාගන්න පුළුවන්.

තණකොළ මත ඇවිදීමෙන් ඔයාගේ ආතතිය දුරු කර ගන්න

උදෑසන කාලයේදී සෙරෙප්පු දාන්නේ නැතුව තණකොළ මත ඇවිදීමෙන් ඔයාගේ මනසට සැහැල්ලූ බවක් ලබා ගන්න පුළුවන්. නැවුම් වාතය, උණුසුම් හිරු එළිය, කොළ පැහැති පරිසරය වගේම සාමකාමී උදෑසන පරිසරය මගින් ඔයාගේ මානසික සෞඛ්‍යය වර්ධනය කරනු ලබනවා. ඒ වගේම ඔයාට නැවුම් ඔක්සිජන් වාතය ලැබීම ශරීරයේ ඉන්ද්‍රිය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ඉතාමත් වැදගත්. උදෑසන හිරු කිරණින් ඔයාගේ ශරීරයට විටමින් D ලබෙන නිසා ඔයාගේ මනස වගේම ශරීරය සැහැල්ලූ වී ආතතිය දුරු වීමක් සිදු වෙනවා. ඔයත් වැඩ රාජකාරී එක්ක ආතතියෙන් යුක්ත පරිසරයක ජීවත් වෙනවා නම් ඔයාටත් පුළුවන් දැන් උදේට ටිකක් තණකොළ මත සෙරෙප්පු නැතුව ඇවිදලා ආතතිය චුට්ටක් නැති කර ගන්න. හැමදාම උදේට විනාඩි 30 ක් විතර සෙරෙප්පු නැතුව ඇවිදලා බලන්නකෝ. ඔයාට හැම දවසකම ඔයාගේ සියලූ වැඩ කටයුතු හොදින් ඉටු කර ගන්න පුළුවන් ශක්තිය ලැබේවී.


විටමින් D ලබා ගන්න

උදෑසන හිරු රශ්මියෙන් ඔයාට විටමින් D ලැඛෙනවා කියලා ඔයා දන්නේ පොඩි කාලේ ඉඳලමනේ. ඉතිං ඔයා උදෑසන කාලයේ සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදීමෙන් හිරුණ කිරණේ විටමින් D මගින් ඔයාව පෝෂණය කරනවා. අස්ථී සෞඛ්‍යය සම්පන්නව පවත්වාගෙන යාමටත් ඔස්ටියෝ ආතරයිටීස් සහ අස්ථී සම්බන්ධ වෙනත් රෝග වලිනුත් ඔයාව ආරක්ෂා කරනු ලබනවා. විටමින් D ඌනතාව නිසා අධි රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇති වීම වළකාගත හැකියි. ගර්භණී මව්වරුන්ට ශරීරයට විටමින් D ලබා ගැනීම ඉතාමත් වැදගත් වන අතර සෙරෙප්පු නැතුව තණකොල මත ඇවිදීම ගර්භණී සමයේ පසුවන මව්වරුන්ට ඉතාමත් වැදගත්.

පොළව මත තියෙන ඉලෙක්ට්‍රෝන ශක්තිය ඔයාගේ ශරීරයට ලැබෙනවා

සෙරෙප්පු නැතුව තණකොළ මත ඇවිදිමෙන් පොළොව මතුපිට තියෙන ඉලෙක්ට්‍රෝන ශරීරයට හුවමාරු වී ඔයාගේ ශාරීරයට යහපත් වෙනස්කම් රැසක් සිදු කරනවා. මේ ඉලෙක්ට්‍රෝන තුළ ප්‍රතිඔක්සිකාරක බලයන් ඇතුළත් වෙන අතර ඔක්සිකාරක මගින් ආතතිය දුරු කරලා ඔයාගේ ශරීරයේ තියෙන සියලූ වේදනා සහ රෝගාබාධ දුරු කිරීම සිදු කරනු ලබනවා.

පාවහන් නැතුව තණකොළ මත හෝ පස් මත ඇවිදීමෙන් මිහිතලය මත ගබඩා වී තියෙන ශක්තිය ඔයාගේ සිරුරට මෙන්ම මනස හා අත්මයටද ගබඩා කරලා තියන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවාද? ඒ වගේම ඔයා තණකොළ මත ඇවිදීමෙන් ඔයාට සුවදායක නින්දක් ලබා ගන්නත් පුළුවන්. ඔයාගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යාමටත් මොළය වර්ධන කිරීමට, ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙන්ම ස්නායු පද්ධතිය වර්ධනය කිරීමටද තණකොළ මත ඇවිදීම උපකාරි වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,491
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed