නිකැළැල් සමක් හීනයක්ම වෙලාද? මෙන්න නොවරදින සත්කාර

June 13, 2018
14,257
Treatments for clear face
සම කියන්නේ අපේ සිරුරේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. ඒ වගේම සංවේදීම ඉන්ද්‍රිය. විෂබීජ, කුණු, දූවිලි, හානිකර හිරු කිරණ ඇතුළු හැම දෙකින්ම අපිව ආරක්ෂා කරන්නේ අපේ සම. ඒ වගේම අපේ පෙනුම තවත් සුන්දර කරලා පෙන්නන්නෙත් අපේ සම. ඒ නිසා අනිවාර්යෙන් අපි අපේ සම ගැන වැඩි සැලකිල්ලක් දක්වන එක ගොඩාක් වැදගත්.  ලප කැළැල් වලින් තොර පැහැදිලි සමක් සඳහා කරන සත්කාර වලින් නිකැළැල් සමක් වගේම සමට අවශ්‍ය පෝෂණයත් ලැබෙනවා. ඒ නිසා පොඩි වෙලාවක් වෙන් කරගෙන මේ සත්කාර වලින් එකක් දෙකක් හෝ try කරන්න.

කෝමාරිකා කියන්නේ සමට තෙතමනය හා පෝෂණය ලබා දෙන අමුද්‍රව්‍යක්. කෝමාරිකා වල විටමින් C, E බීටා කැරොටින් සහ ස්වාභාවික එන්සයිම අඩංගු වෙනවා. එමගින් ඔබගේ සමේ PH අගයද සමබරව පවත්වා ගන්න හැකියාව තියෙනවා. කෝමාරිකා යුෂ සහ මී පැණි මිශ්‍ර කර මුහුණේ ආලේප කර කපු පුළුන් භාවිතයෙන් ඉවත් කරන්න. එය ඔබේ සමට ඉතා හොඳ ස්වාභාවික ක්ලේන්සර් එකක්. සම පිරිසිදු වීම මඟින් සමට එළියක් එක වෙනවා.

භාවිතයට ගෙන ඉවත් කරන ලද tea bag හෝ තේ කොළ මුහුණේ අඳුරු පැහැ ගත් ස්ථාන වල තබා සිටීමෙන් සමේ අඳුරු පැහැය ඉවත් කර ගන්න පුළුවන්. විශේෂයෙන් ඇස් වටා ඇති අඳුරු ස්වභාවය අවම කර ගන්න මේ මඟින් පුළුවන්.

කෝමාරිකා යුෂ ස්වල්පයකට සහල් පිටි මේස හැදී එකක් හෝ සිනි හැන්දක් එහෙමත් නැත්තන් කඩල පිටි යොදා මුහුණේ ආලේප කර හොඳින් සම්භාහනය කරන්න.

අමු කහ වලට දෙහි යුෂ ස්වල්පයක් හා මි පැණි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර සම්භාහනය කරන්න. කහ කියන්නේ විෂබීජ නාශකයක්. ඒ වහෙම එයින් සම දීප්තිමත් වෙනවා 

සීනි මේස හැදී එකක්, දෙහි යුෂ මේස හැදී එකක්, කෝමාරිකා යුෂ මේස හැදී එකක් සහ රෝස වතුර මේස හැදී එකක් හොදින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 15-20 ත් අතර කාලයක් තිබෙන්නට හරින්න. ඉන් පසු මද උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න.

ඇපල් සයිඩර් විනාකිරි මේස හැදී එකක් පිරිසිදු ජලය මේස හැදී 2-3 ක් සමඟ මිශ්‍ර කර මුහුණ හොදින් පිරිසිදු කරගැනීමෙන් පසු මුහුණේ ආලේප කරන්න.
එහි ඇති පොටෑසියම් සහ මැග්නීසියම් ඔබගේ මුහුණ හොදින් පිරිසිදු කරවන අතරම කුරුලෑ වලින්ද ඔබව ආරක්ෂා  කරනවා. හිරු රශ්මිය නිසා අවපැහැ වුනු සමටත් හිරු රශ්මිය නිසා ඇති වුනු ලප කැළැල් අවම කර ගන්නටත් මේක ප්‍රතිකාරයක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 877 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:56:57 PM
Script:/article/877/treatments-for-clear-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:56:57 PM
Script:/article/877/treatments-for-clear-face.html