තරබාරු බව හා අධික බර කියන්නේ අපේ බහුතරයක් දෙනා පිඩාවට පත් කරවන තත්ත්වයක්. ඒ වගේම විශේෂයෙන් කාන්තාවන්ගෙන් 70%ක් පමණම තමන්ගේ බර ගැන තෘප්තිමත් වෙන්නේ නැහැ, ඒ වගේම අනවශ්‍ය විදියට සිරුරේ මේදය තැම්පත් වීම නිසා තමන්ගේ සිරුරේ හැඩය ගැනත් සතුටුදායක වෙන්නේ නැහැ.
මෙන්න මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුළුවන් හොඳම ආහාර වර්ග කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන් මෙහිදී සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සහ මේදය දහනය කිරීම වැඩි දියුණු කිරීම සඳහා උදවු වෙන සුපිරි ආහාර වලට ඔබේ දෛනික ආහාර වේල් අතර ප්‍රමුඛතාවය ලබා දෙන්න. මේ ආහාර මඟින් මේදය දහනය කරන අතරතුරම සිරුරට අවශ්‍ය කැලරි නොඅඩුව ලබා දෙනවා.
අනවශ්‍ය ලෙස සිරුරේ බර වැඩි වෙලා තියෙන අය වගේම තමන්ගේ සිරුරේ හැඩය තමන්ටමත් නොදැනී වෙනස් වෙලා ටිකක් මහත් වෙලා එහෙම ඉන්න අයට ආහාර පාලනයකින් තොරව මේ ආහාර පරිභෝජනයෙන් කලින් කිව්වා ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්.
1.බිත්තර සුදු මදය
සිරුරට ප්‍රෝටීන් ලබා ගන්න තියෙන ඉතා හොඳ මුලාශ්‍රයක් බිත්තර. බිත්තර සුදු මදයේ මේදය හා කාබෝහයිඩ්රේට් අඩංගු වෙන්නේ නැති නිසා සිරුරට අනවශ්‍ය විදියට මේදය එකතු වෙන්නේ නැහැ. ඒ වගේම ආහාර ජීර්ණය ප්‍රෝටීන් වලින් ක්‍රමවත් කරන නිසා සිරුර මහත් කරවන්නෙත් නැහැ. තම්බා ගත් කොළ පැහැති එළවලු එක්ක බිත්තර විශේෂයෙන් බිත්තර සුදු මදය ආහාර වේලට එකතු කර ගන්න.
2. අන්නාසි
අන්නාසි ස්ථුල බව අවම කර ගන්න තියෙන හොඳ විසඳුමක්. විශේෂයෙන් මේදය දහනය කරන්න උදවු වෙනවා. අන්නාසි එක්ක එයට යෝගට් ටිකකුත් එකතු කරලම ආහාරයට ගැනීමෙන් රසය වගේම පෝෂණය වැඩි කර ගන්නත් පුළුවන්.
3. අලිගැට පේර
අලිගැට පේර වල අඩංගු වෙන්නේ අසංතෘප්ත මේද අම්ල. ඒ නිසා ඒ මඟින් සිරුරට ලැබෙන මේදය ගැන බිය විය යුතු නැහැ. ඒ වගේම එහි විටමින් E සහ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු වෙනවා. අලිගැට පේර මඟින් ඔබේ සිරුරට ලැබෙන්නේ හිතකර මේදය නිසා කොලෙස්ටරෝල් ඇති වීම ගැන හෝ තරබාරු වීම ගැන ප්‍රශ්න ඇති කර ගන්න ඕන නැහැ. හැබැයි ඉතින් ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගත්තොත් මොන අහාරයත් ලෙඩ ඇති කරනවා.
4. සැමන්
ඔමේගා 3 මේද අම්ල, ප්‍රෝටීන් බහුල සැමන් සිරුරට අවශ්‍ය පෝෂණය ලබා දෙන අතරම ආතතිය අවම කරමින් මානසික සෞඛ්‍ය නැංවීමටත් උපකාරී වෙනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස සිරුර මහත් කරවන මේදය විශාල වශයෙන් අඩංගු නොවන නිසා මේදය හා බර වැඩි වීමට හොඳ විසඳුමක්.
5. ඕට්ස්
ඕට්ස් කියන්නේ සිරුරට හැම අතින්ම හිතකර හා පෝෂ්‍යදායි ආහාරයක්. මෙහි ඇති තන්තු ආහාර ජීර්ණය පහසු කරනවා. ඒ මඟින් සිරුරේ පරිවෘත්තිය ක්‍රියාවලිය ක්‍රමවත් වෙනවා. අනවශ්‍ය මේදය දහනයටත් සිරුරේ බර ක්‍රමවත්ව පාලනය කරන්නත් එය උදවු වෙනවා. ඒ නිසාවෙන්ම රුධිර පීඩනය, කොලෙස්ටෙරෝල් ඇති වීමට තියෙන අවදානමෙනුත් ඔයාව මුදවනවා.
6.තේ
තේ කියන්නේ උදේ හවස අපි පානය කරන දෙයක්, විශේෂයෙන් ග්‍රීන් ටී පානය මඟින් මේද දහනය කර ගන්න පුළුවන් කියන එක ඔයා හොඳටම දන්නා දෙයක්නේ.