සහල් වතුරෙන් නොසිතූ ලෙස රුව වඩන සත්කාර

January 1, 2018
12,134
Beauty tip with rice water
සහල් වතුර කියන්නේ අපේ හැම ගෙදරකම හැමදාම උදේ, දවල්, රෑ හාල් ටික හෝදලා අනවශ්‍ය දෙයක් විදිහට විසි කරලා දාන දෙයක්නේ. ඒත් ඔයාගේ සුන්දරත්වය වැඩි කර ගන්න මේ විසි කරන හාල් වතුර ටිකෙන් පුළුවන්. එහෙනම් අද ඉඳලා ගදර උයන්න හාල් ටික හෝදගත්තට පස්සේ හාල් වතුර ටික විසි නොකර ටිකකට පැත්තකින් අරන් තියන්න.

සහල් වතුර වල අඩංගු පෝෂණ ගුණයන් ඔයාගේ සමේ පැහැය වැඩි කරන්නත්, ලප කැළැල් අවම කරන්නත් හිස කෙස් වර්ධනය කරන්නත් උදවු වෙනවා.
සහල් වතුර වල සමට සහ හිස කෙස් සඳහා අනිවාර්යයෙන් අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වෙනවා. විටමින් B, C හා E මෙන්ම ඛනිජ වර්ග හා අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල මෙහි අඩංගු වෙනවා. ඔයාට කරන්න තියෙන්න හරිම පහසු වැඩක්.

සහල් සේදූ වතුර වලින් උදේ හා සවස මුහුණ සෝදන්න. හැබැයි මුහුණ පිසදමන්න එපා. එහෙමම වියලෙන්න දෙන්න. විනාඩි 30කින් පිරිසිදු වතුරෙන් මුහුණ සෝදන්න.

සහල් සේදු වතුර පිරිසිදු භාජනයකට දමා මද ගින්නේ විනාඩි 15ක් පමණ රත් කර ගන්න. ඉන් පසු එය දින එක හමාරක් හෝ දෙකක් හොඳින් වසා තබන්න. දින එක හමාරකට පස්සේ ඒ වතුරින් ඇඟිලි තුඩු තෙමා හිස් කබල හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.

මේ තමයි ඔයාට පහසුවෙන්ම කර ගන්න පුළුවන් සත්කාර. ඊට අමතරව ඔයාට සහල් වතුර වලින් කරන්න පුළුවන් මේ දේවලුත් ඔයාගේ රුව වැඩි කර ගන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

සහල් කෝප්පයක් පිරිසිදු වතුරින් සෝදා ගන්න.
එයට වතුර කෝප්ප තුනක් දාලා බඳුන වහන්නේ නැතුව විනාඩි 15ක් පමණ පිස ගන්න.
ඊට පස්සේ සහල් තැම්බුණු වතුට ටික පෙරලා වෙන් කර ගන්න
සහල් වතුර සිසිල් වෙන්න දීලා ඉන්පසු එය සතියක් දක්වා ශීතකරණයක් තුළ ගබඩා කර තබන්න.

ඊට පස්සේ මේ මිශ්‍රණය කලින් කිව්ව විදියටම ඔයාට අවශ්‍ය විදියට මුහුණේ ආලේප කරන්න හෝ හිසේ ගල්වා සම්බාහනය කරන්න ගන්න පුළුවන්. භාවිතයට ගන්නිද්දී ඊට කලින් මිශ්‍රණය හොඳින් සොලවා පාවිච්චියට ගන්න.

ඒ වගේම කලින් ක්‍රමයේදී කිව්ව විදිහට සහල් තම්බන්නේ නැතිව සහල් සෝදා ගත් වතුර සතියක කාලයක් ශීතකරණයේ තබා කලින් විදිහටම ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 600 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:41 PM
Script:/article/600/beauty-tip-with-rice-water.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:42 PM
Script:/article/600/beauty-tip-with-rice-water.html