දියවැඩියාවට තියෙන හොඳම ප්‍රතිකාරය, උළුහාල්

April 15, 2018
16,282
Fenugreek, the best medicine for diabetics
දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා. ඒ අතරිනුත් හදවත් රෝග, කොලේස්රරෝල්, හා දියවැඩියාව කියන්නේ වැඩි දෙනෙකුට වැළඳෙන ප්‍රධානම රෝගී තත්ත්වයන්. නිරෝගී සම්පත තරම් විටිනා ලාභයක් අපිට තවත් නැහැ. ඒ නිසා විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම අපි හැමදාම ඔයාට ලබා දෙනවා.

දියවැඩියාව කියන්නෙත් අද වෙද්දී බහුතරයක් දෙනා තුල දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. මේ තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නත් රෝගය වැළඳුනු අයට සුවපත් වෙන්නත් තියෙන වටිනා ඖෂධයක් තමයි උළුහාල් කියන්නේ. උළුහාල් තේ හැන්දක

කැලරි 35.5
කාබෝහයිඩ්රේට 6.4g
ප්‍රෝටීන් 2.5 g
මේදය 0.7 g
කෙඳි 2.7 g
යකඩ 3.7 mg
තඹ 0.1 mg
විටමින් B6 0.1 mg ක ප්‍රමාණයක් අඩංගු වෙනවා.

උළුහාල් කියන්නේ ඔබට පසසුවෙන්ම සපයා ගන්නත් පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ වගේම ඔබේ ආහාර වේල රසවත් කරන උළුහාල් වලින් දියවැඩියාව සුව කර ගන්න ලොකු සහයක් ලැබෙනවා. උළුහාල් වලට ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කිරීමේ ඉහල හැකියාවක් තියෙනවා. ඒ නිසා උළුහාල් භාවිතයෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග කිහිපයක අවදානමෙන් මිදෙන්න ඔබට පුළුවන්. බලන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා.

1. පිරිසිදු වතුර වීදුරුවකට උළුහාල් තේ හැන්දක් දමා රැයක් තියෙන්නට හැර උදෑසන පානය කරන්න.

2. හැමදාම උදේට මද උණුසුම් උණු වතුර වීදුරුවක උළු හාල් කුඩු තේ හැන්දක් දිය කර පානය කරන්න.

3. උළු හාල් ඇට, සූදුරු ඇට සමානව අරගෙන හොඳින් අඹරා ගන්න. මේ මිශ්‍රණයෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් මද උණුසුම් වතුරට එක් කර පානය කරන්න.

4. ඒ වගේම ඔබ අහාර පිළියෙළ කරද්දීත් ආහාර වලට අමතක නොකර උළුහාල් එකතු කරන්න. ආහාර වල රසය වගේම ඔබේ සෞඛ්‍යයත් ආරක්ෂා වේවි.

ඒ වගේම ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලටත් හොඳ විසඳුමක්. සීනි හා කාබෝහයිඩ්‍රේට උරා ගැනීමත් අඩු කරමින් දියවැඩියා තත්ත්වය ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අවම කරනවා. ශරීරය සීනි වැය කරන ප්‍රමාණය ඉහළ නංවන්නත් දායක වෙනවා. බඩේ අමාරුව, බඩවැල් හා ආමාශයේ ආසාදන වැනි බොහෝ ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලට උදව් වෙන්න උළුහාල් වලට පුළුවන්.ඒ වගේම මෙහි ඇති තන්තු මලබද්ධය වැනි තත්ත්වයන්ටත් සහනය සලසනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,452
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,838
   34

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,847
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Milk Toffee Recipe
   125,045
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed