උදෑසන ආහාරය මඟින් ඔබව තරබාරු කරවන වැරදි 4ක් මේ

January 20, 2021
7,417
4 breakfast mistakes lead you to gain weight
උදේ ආහාරය දවසේ වැදගත්ම ආහාරය කියලා අපි කවුරුත් දන්නවා. මුලු දවස පුරාම ඔබට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ඔබ ගන්නා උදේ ආහාරයයි. නමුත් ඔබ නිවැරදි ආහාර අනුභව නොකළොත් නම්, ඒ හරහා ඔබව සෞඛ්‍යසම්පන්න නොවන බර වැඩි වීමකට අරන් යන්න පුලුවන්.

තාමත් නව වසරේ ආරම්භක කාර්තුවේ ඉන්න නිසා උදේ ආහාරය මඟ හැරිය යුතුද නැද්ද යන්න පිළිබඳ විවාදය පසෙකට දමලා, ඔබ උදේ ආහාරය සඳහා අනුභව කරන දේවල් වලට අවධානය යොමු කරන්න පටන් ගන්න. ඔබේ බර අඩු කරන්නේ හෝ වැඩි කරන්නේ එයයි.

ඔබ බර අඩු කර ගැනීමට උත්සාහ කරන විට, බර අඩු කර ගැනීමෙන් 70% ක් ඔබේ ආහාර වේල මතයි රඳා පවතින්නේ. ඒ අතර 30% ක් ඔබේ ශාරීරික ක්‍රියාකාරකම් මත රඳා පවතිනවා. ඉතින්, දැන් ඔබ දන්නවා ඔබ කන දේ ගැනත්, ඔබ කන විටත් සිහියෙන් සිටීම කොයි තරම් වැදගත්ද කියලා. ඔබ ජිම් එකේ කොයි තරම් වෙහෙස මහන්සි වෙලා ව්‍යායාම කළත්, ඔබේ ආහාර රටාව නිසි පරිදි ක්‍රියාත්මක වෙනකල් ඔබේ අනවශ්‍ය බර අඩු වෙන්නේ නම් නෑ.

උදේ ආහාරය ගැන කතා කරනකොට එය දවසේ වැදගත්ම ආහාරය බව බොහෝ අය දැනගෙන හිටියත් ඔවුන් තවමත් බර වැඩිවීමේ අවදානමට ලක්වන මට්ටමේ බොහෝ වැරදි කරනවා. එහෙනම් මෙන්න ඔබේ බර වැඩි කරවන වැරදි හතරක්.

1. ඔබ ජූස් පානය කරනවා
ජූස් පානය කිරීම සෞඛ්‍ය සම්පන්නයි කියලා මෙච්චරකල් හිතන් හිටපු ඔබ ඒවායේ තියන වැරැද්ද මොකක්ද කියලා දැන් සිතනවා ඇති. ඒත් ජූස් පාන වලිනුත් ඔබේ සෞඛ්‍යසම්පන්න බව කඩා දමනවා. අපි බොහෝ විට නැඹුරු වෙන්නේ සුපිරි වෙළඳසැලෙන් ඇසුරුම් කළ ජූස් පරිභෝජනය කිරීමටයි. මේවායේ අධික කැලරි සහ සීනි ප්‍රමාණයක් එකතු වෙලායි තියෙන්නේ. ඒ නිසා එම ජූස් නිෂ්පාදන වලින් ලැබෙන පෝෂණය ඉතාම අඩුයි.

එසේම, ඔබ ගෙදරදී හදන් නැවුම් ජූස් වර්ග පානය කළත් ඒවායේ තන්තු ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා, ජූස් වෙනුවට නැවුම් පලතුරු ආහාරයට තෝරා ගැනීම ඔබට වඩා හොඳයි.

2. ඔබේ ආහාර වේලෙ ප්‍රෝටීන් අඩුයි
මාංශ පේශි සෑදීම සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වන නමුත් එය ඔබේ ශරීරයේ අනෙක් ගොඩනැඟීම් වලට ද අවශ්‍ය වෙන මූලික කොටසයි. ඒ හැරුණු විට, බර අඩු කර ගැනීම සඳහා ද එය අත්‍යවශ්‍ය වෙනවා. මොකද ප්‍රෝටීන් වලින් ඔබට පූර්ණ හැඟීමක් ඇති කරවන අතර ඔබේ ආහාර තෘෂ්ණාවන් ද සමනය කරන නිසා. ඔබේ උදේ ආහාරය තුළ ප්‍රෝටීන් වලින් පරිපූර්ණ හොඳ ආහාරමය කොටසක් තිබීම ඔබට ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන බව සහතික කරවනවා. ඒ අතර ඔබේ දවස ආරම්භ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ප්‍රෝටීන් සහිත ආහාර වලිනුයි.

3. ඔබ අනුභව කරන්නේ වැරදි carbs
ඒවා ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය නිසා ඔබ ඩයට් කරන විට පවා, ඔබ සම්පූර්ණයෙන්ම carbs කපා හරින්න ඕනේ නෑ. ඒ වෙනුවට, ඔබ කරන්න ඕනේ නිවැරදි ආකාරයේ carbs තෝරා ගැනීමයි. ඔබ මීට පෙර උදේ ආහාරයට ගත්තේ පාන් හෝ පෑන්කේක් නම්, දැන් ඕට් මීට් හෝ ධාන්‍යමය ආහාර වලට මාරුවීමට උත්සාහ කරන්න, මොකද ඒවා තන්තු අන්තර්ගතයෙන් ඉහළයි.

4. ඔබ මේද ඇතුළත් කරගන්නේ නෑ
මේදය කියන්නේ සෑම විටම නරක දෙයක් නෙමෙයි. මතක තබා ගන්න, carbs මෙන්ම මේද ද ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය වෙනවා. Monounsaturated මේද ඔබට කුසගින්න පිළිබඳව නිතර දැනෙන හැඟීම් මැඩපවත්වන අතර ඔබේ කුසට හොඳින් පිරුණු හැඟීමක් ලබා දෙනවා. තවද රටකජු බටර්, බිත්තර කහ මදය, වට්ටක්කා සහ තල ඇට වගේ බීජ වල ද සෞඛ්‍ය සම්පන්න Monounsaturated මේද අඩංගු ආහාර විදිහට ඔබට අරගන්න පුලුවන්.

ඔබත් ඉහත කිව්ව කිසියම් වැරැද්දක් මෙච්චර කල් කළා නම්, ඒවා නිවැරදි කර ගනිමින් බර වැඩිවීම වළක්වා ගැනීමට දැන් කාලයයි !

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,891
   62

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
10 symptoms shows you are pregnant
   55,658
   50

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to manage your money
   8,047
   41

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
How to reduce under arm sweating
   26,050
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,093
   25

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න

Latest Articles

Most Viwed