හැඩකාරියෝ නෑම ගැන බොහොම ප්‍රසිද්ධයි. පිරිසිදුව සහ ලස්සනට ඉන්න උනන්දු වෙන අයට මෙය අමුත්තක් නොවන්න පුලුවනි. ඒත් නෑමත් ලෙහෙසි පහසු නැහැ. නෑමෙන් හැඩකාරියන්ට ලැබෙන වාසි කීපයක් තිබෙනවා.
- මාංශපේශි ලඉහිල් වෙනවා
- පටක වලට තෙතමනය ලැබෙනවා. විශේෂයෙන් තද රස්නය ඇති දවස්වලට දිනකට දෙවතාවක් ස්නානය කිරීම පවා අනුමතයි.
- සමට ඛණිජ ලවණ ලැබෙනවා.
- විෂ පදාර්ථ බැහැර වෙන නිසා සමේ තුවාල, දද කුෂ්ටවලටත් සහනයක් ලැබෙනවා.
- ඒ වගේම ඔලුව තෝන්තු වෙලා ඉන්න වෙලාවකදී නාගෙන බලන්නකෝ.. ඔළුවට ලැබෙන සනීපය.
සබන් තෝරා ගනිද්දී..
අපි සබන් කෑල්ලක් ගනිද්දී ඉස්සෙල්ලාම හිතන්නේ එහි සුවඳ, කල් ඉකුත් වීමේ දිනය, අඩංගු ද්‍රව්‍ය ගැන වුනත් මේ සියල්ලටම වඩා අපි නොහිතන දෙයක් තිබෙනවා ඒවා නම්, සබන් කෑල්ලක් මිළට ගනිද්දී එහි මොයිස්රයිචර් ප්‍රමාණය, පී.එච්. අගය වැනි දේ ගැනත්
බලන්න ඕන. මොයිස්රයිචර් අඩංගු නැති සබන් නිසා සම වියැලෙන්න පුලුවනි. ඒ නිසා සබන් කැටයක් මිළට ගනිද්දී එහි අඩංගු මොයිස්රයිචර් ප්‍රතිශතය ගැනත් බලන්න. නෑමටත් වෙලාවක් තිබෙනවා. බොහෝ විට වෛද්‍ය උපදෙස් අනුවත් නෑමට අනුමත වෙලාව මධ්‍යහනයට පෙරාතුවයි. ඒ වගේම ආහාර ගැනීමෙන් පසුව නෑමත් එතරම් හොඳ නැහැ. එය ජීරණ ගැටළු වලට හේතුවක් වෙනවා. හිසකෙස් වියලා ගත නොහැකි වෙලාවට නෑම නිසා පීනස වැනි රෝග තත්වයන් ඇති වෙනවා.
දැඩි සීතල වතුර වගේම දැඩි උනුවතුරත් හොද නැහැ. දැඩි සීතල වතුර නෑවොත් හවස් වෙද්දී ලෙඩ ඇති වෙනවා. ඒ වගේම පමණට වඩා අධික රස්නය ඇති වතුරෙන් නෑවොත් සමේ ඇති අත්‍යවශ්‍ය තෙල් මට්ටම ඉවත් වී සම වියැලෙන්න පුලුවනි. ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක පවතින ජලය වඩාත් හොදයි.
හැමදාම ඔබ ස්නානය කරන විට ස්ක්‍රබ් කිරීමට ගන්නා දේ ප්‍රමිතියක් නැත්නම් ස්වභාවික ආරක්ෂක පටල ඉවත් වී සම තුවාල වෙන්න පුලුවනි. පොඩි දරුවන්ගේ සම කපු පුළුන් කැබැල්ලකින් ඇතිල්ලීම චර්ම රෝග විද්‍යාඥයින් සඳහන් කරනවා.
ස්නානය කරන වතුරට මදටිය කොළ පොතු, අමු කහ, කොහොඹ කොළ, ඇත්තෝර කොළ, වෙනිවැල් ගැට ආදී විෂබීජ නාශක පිරිසිදු කාරක ඖෂධ වර්ග යොදා ගන්නත් පුලුවනි. මේවා අතීතයේ පටන්ම කාන්තාවන්ගේ රුව ලස්සන කළ අමුද්‍රව්‍ය. ඒ වගේම පුංචි පැටවුන් නාවන වතුරටත් වෙනිවැල්ගැට එකතු කළේ විෂබීජවලින් ආරක්ෂා කිරීමට වගේම සම පැහැපත් කිරීමටයි.
සබන් ගෑවාට පසුව හොඳින් ස්නානය නොකලොත් සමේ දද, කුෂ්ට ඇති වෙන්න පුලුවනි.
විශේෂඥයින් විසින් පෙන්වා දෙන්නේ නෑමෙන් පසුව ලෝෂන් වර්ග ආලේප කරනවා නම්, සිරුර පිහ ගත් විටම ආලේප කළ යුතු බවයි.
එන්.ඒ.පි.සි