සිරැරේ triglycerides මට්ටම වැඩිකිරීමට හේතුවන ඔබගේ වැරදි පුරුදු

February 2, 2022
7,606
Habits that increase triglycerides level
අප ශරීරයේ අඩංගු මේදයෙහි අඩංගු ප්‍රධාන මේද වර්ගයක් ලෙස triglycerides හැඳින්විය හැකි අතර බටර්, මාගරින් සහ තෙල් වැනි විවිධ ආහාරවල ද අඩංගු වනවා. ඔබ පරිභෝජනය කරන triglycerides මේද ප්‍රමාණය මත ඔබගේ රුධිරයේ ඇති triglycerides තීරණය වන අතර ඔබ දිනකට නියමිත කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරනා විට එම අතිරික්ත කැලරි ප්‍රමාණය සිරැර triglycerides මේදය ලෙස සිරැරේ තැන්පත් කරගනු ලබනවා.

නමුත් සිරැරේ අධික ලෙස triglycerides තැන්පත් වීමෙන් හෘද රෝග සහ දියවැඩියාව සඳහා අවදානම් සාධයක් වන Hypertriglyceridemia තත්ත්වය ඇතිවීම කෙරෙහි බලපානු ලබනවා. ඔබගේ ආහාර සහ ජීවන රටාව පිලිබඳව සැලකිලිමත් වීමෙන් ඔබගේ සිරැරේ triglycerides මට්ටම අහිතකර මට්ටමට ළඟාවීමට පෙර පාලනය කරගන්න පුලුවන්. නමුත් ඇතැම් අවස්ථාවල අපගේ සිරැරේ triglycerides මට්ටම අඩුකර ගැනීමට උත්සාහ කිරීමේදි නොදැනුවත්වම කරනු ලබන වැරදි තිබෙනවා.

එසේ නම් ඒ මොනවාද..

සිරැරේ triglycerides මට්ටම අඩුකිරීමට උත්සාහ කිරීමේදි ඔබ නොදැනුවත්ම කරනු ලබන වැරදි

ඔබ ගන්නා කාබෝහයිඩ්‍රෙට් සියල්ල කපා හැරීම

බොහෝ විට ඔබ triglycerides මට්ටම අඩු කිරීමට ගනු ලබන ප්‍රධාන පියවරයන් ලෙස සෝඩා, විවිධ යුෂ වර්ග, පිරිපහදු කරන ලද පිටි වලින් සකසන ලද පාන්, පැස්ටා සහ කෙටි ආහාර වර්ග වැනි ඉහළ කාබොහයිඩ්‍රෙට් ප්‍රමාණයක් සහිත ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් ලැබෙන කැලරි ප්‍රමාණය සීමා කිරීමට උත්සාහ කරනු ලබනවා. නමුත් වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීම ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් ඉහළ යාමට දායක විය හැකි වුවත් එය සම්පූර්ණයෙන්ම සීමා කිරීම නිසා ධාන්‍ය වැනි ඔබගේ සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීමෙන් ලැබෙන තන්තු වැනි අත්‍යවශ්‍ය පෝෂක සිරැරට නොලැබී යාමේ අවධානමක් මතුවිය හැකියි. තන්තු යනු ඔබගේ ආහාර වේලේ අනිවාර්‍යෙන් තිබිය යුතු පෝෂ්‍ය පදාර්ථයක් වන අතර එමගින් ඔබගේ ආහාර ජීර්ණය වේගවත් කරන අතර නිතර ආහාර ගැනීමට ඇති ආශාව පාලනය කිරීමත්, මලපහ මෘදු කර දිනපතා මලපහ පිටවීමට උපකාරි වනවා. එමනිසා ඔබගේ ආහාර වේලට පිරිපහදු කල ධාන්‍ය මගින් සකසන ලද ආහාර වෙනුවට පූර්ණ ධාන්‍ය වලින් සකස් කරන ලද ආහාර එක්කර ගත හැකියි.


රුධිරයේ සිනි මට්ටම පාලනය කරගන්නේ නැති කම

අධික ලෙස සීනි අඩංගු ආහාර වර්ග ගැනීමට සිරැරේ triglycerides මට්ටම ඉහළ යා හැකි‍යි.. ඔබ සීනි පරිභෝජනය කරන විට ඔබේ අක්මාව එහි කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට පත් කර ඒවා ග්ලයිකෝජන් බවට පරිවර්තනය කර පසුව ශක්තිය ලෙස භාවිතා කිරීමට සිරැරේ ගබඩා කරනු ලබනවා. මෙම මේද අම්ල පසුව ට්‍රයිග්ලිසරයිඩ සෑදීමට යොදා ගන්නා අතර ඒවා මේද සෛල තුළ තැන්පත් වී සිරුරේ මේද මට්ටම ඉහළ දැමීමට දායක වනවා.

එමෙන්ම ශරීරයේ සෛල සඳහා යතුරක් ලෙස ක්‍රියා කරන ඉන්සියුලින් ශක්තිය නිපදවීම සඳහා සෛල තුළට ග්ලූකෝස් ගමන් කිරීමට උපකාරී වනවා. නමුත් ඔබ අධික ලෙස සීනි පරිභෝජනය කිරීමෙන් මෙම ක්‍රියාවලියට බාධා සිදුවිය හැකි අතර අග්න්‍යශය තුළ ඉන්සියුලින් නිපදවීමේ කාර්‍ය‍ය මන්දගාමී විය හැකියි. එමනිසා රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය පරාසයක තබා ගැනීම හෘද සෞඛ්‍යය ඇතුළු සමස්ත ශරීර සෞඛ්‍යයටම එකලෙස වැදගත් වනවා. කාබෝහයිඩ්‍රේට් අඩංගු හිතකර ආහාර තෝරා ගැනීමත්, සකස්කල ආහාර වර්ග ආහාරයට ගැනීම සීමා කිරීම ආදිය තුළින් රුධිරයේ සීනි මට්ටම කළමනාකරණය කිරීමටත් සිරැරේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම සෞඛ්‍ සම්පන්න පරාසයක තබාගැනීමටත් උපකාරි වනවා.


නුසුදුසු මේද වර්ග ආහාරයට ගැනීම

වර්තමානයේ බොහෝ දෙනා තරබාරුවෙන් මගහැරීමට මේදය අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා.. එමෙන්ම කිටෝ වැනි ආහාර රටාවන් සත්ව ප්‍රෝටීන වර්ග සහ පූර්ණ මේදය ආහාරයට ගැනීමට වැඩි වශයෙන් දිරිගන්වනවා. එමනිසා බොහෝ විට ඔබගේ ආහාර වේල්හි සංතෘප්ත මේදය (saturated fat) වැඩි වශයෙන් අන්තර්ගත වනවා. සංතෘප්ත මේදය අධික ලෙස ආහාරයට ගැනීම ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම ඉහළ යාම සමඟ සම්බන්ධ වන බැවින් ඔබගේ දෛනික කැලරි පරිභෝජනයෙන් 10% කට වඩා සංතෘප්ත මේදය අඩංගු නොවන බවට වග බලා ගත යුතුයි.. එමෙන්ම සංතෘප්ත මේදය වෙනුවට ඔබට සිරැරට හිතකර ධාන්‍ය වර්ග, හණ බීජ, ඔමෙගා 3 අඩංගු මාලු වර්ග සහ අලිගැට පේර තෙල් සහ ඔලිව් තෙල් වැනි දෑ ආහාරයට එක්කර ගත හැකියි.


අධික ඇල්කොහොල් පරිභෝජනය

අධික ලෙස මත්පැන් පානය කිරීම මගින් ඔබගේ ශාරිරික සහ මානසික සෞඛ්‍යය පිරිහීමට ලක්වනවා. මත්පැන් වල ඇල්කොහොල් අඩංගුවන අතර ඉහළ කැලරි ප්‍රමාණයක් අඩංගුවන අතර කෝලා හෝ සිරප් වැනි පැණිරස බීම වර්ගවලද ඇල්කොහොල් අඩංගුවන බැවින් කාලයක් ගතවන විට ඔබගේ රුධිරයේ triglycerides මට්ටම ඉහළ යාමට හේතු විය හැකියි. එමෙන්ම මත්පැන් පානය හේතුවෙන් සිරැරේ බර වැඩිවීම, හෘදය සහ අක්මාවා අශ්‍රිත රෝග ඇතිවීම වැනි දෑ සිදුවිය හැකියි. එමනිසා ඔබ දැනටමත් මත්පැන් පානය කරනවා නම් එ‍ය අඩුකල යුතුයි.. සමාන්‍යයෙන් පිරිමි පුද්ගලයකු සඳහා මත්පැන් ඒකක දෙකකුත් කාන්තාවක් සඳහා මත්පැන් ඒකක එකකුත් ගැනීම සුදුසු බවටයි පැවසෙන්නේ.


ප්‍රමාණවත් පරිදි ව්‍යායාම් හි නිරත නොවීම

දෛනිකව ව්‍යායාම් හි නිරත වීමෙන් ඔබගේ හදවත නීරෝගි වන අතර සිරැරේ තැන්පත් වී ඇති අතිරික්ත කැලරි දහනය කිරිමෙන් triglycerides මට්ටම පහළ දැමීම සිදුවනවා. විශේෂයෙන් Aerobic අභ්‍යාසයන් හි නිරත වීමෙන් ඔබගේ හෘද සෞඛ්‍යය ඉහළ නංවන අතර පෙනහළු සහ සංසරණ ක්‍රියාකාරිත්වය උපරිමයෙන් පවත්වා ගැනීමට උපකාරී වනවා.. Aerobic අභ්‍යාසවලට අමතරව වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, දිවීම වැනි ව්‍යායාම්ද වඩාත් යෝග්‍ය වනවා. සතියකට අවම වශයෙන් මිනිත්තු 150ක පමණ කාලයක් ක්‍රියාශීලිව සිටීම මනා සෞඛ්‍යක් ප්‍රවර්ධනයට සහයවනවා.


දුම්පානය කිරීම

ඔබට සිරැරේ triglycerides මට්ටම ඇත්තටම අඩු කරගැනිමට අවශ්‍යනම් දුම් පානය කිරීම හැකි ඉක්මනින් නතර කල යුතුයි. මන්ද ඔබ අඛන්ඩව දුම්පානය කරන විට ඔබගේ ධමනි තුළ මේදය තැන්පත් කිරීම (plaque formation in the arteries) වැඩිකරන අතර එය බොහෝ හෘද රෝග සඳහා අවදානම් සාධකයකි. Plaque යනු LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ වලින් සෑදී ඇති මේද තට්ටුවකි. එමගින් ධමනි අවහිර කරන අතර එය රුධිර සංසරණය සඳහා බාධා එල්ල කරනු ලබනවා. නමුත් ඔබ කෙතරම් උත්සාහ කළත් දුම්පානය නතර කල නොහැකිනම් ඔබේ වෛද්‍යවරයා හමුවී දුම්පානය නැවැත්වීම සඳහා උපදෙස් ලබාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   56,670
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   27,024
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   57,262
   17

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
Changes in your body if you consume cod-liver oil daily
   98,298
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Seeni Sambol Recipe
   10,673
   16

සීනි සම්බෝල - Recipe

කිරිබතක්, ඉඳිආප්ප ටිකක්, රෝස් පාන් කෑල්ලක් කනකොට සීනි සම්බොලයක් ගෙදරම හදා ගත්තොත් ඒ ආහාර වේල සතුටින් රසවිඳින්න පුලුවන් වෙයි

Latest Articles

Most Viwed