වඩා හොඳ නින්දක් සඳහා ඔබට කළ හැකි පුංචි දේවල් හයක්

May 30, 2020
6,950
6 tips to get a good night sleep
කුඩා කාලයේදී නම් නින්දට යනවා කියන්නේ අපිට ලැබෙන ලොකුම දඬුවමක් වගෙයි පේන්නේ. ඒත් වැඩිහිටියන් වුණාට පස්සේ නින්දට වඩා සනීපයක් තවත් නෑ කියලා අපිට තේරෙනවා. හොඳ රාත්‍රී නින්දකට පුළුවන් අපිට දිවා කාලයේදී හොඳ හැඟීමකින් වැඩ කරන්න ශක්තිය දෙන්න. ඒ නිසා නින්ද කියන්නේ අනවශ්‍ය සුඛෝපභෝගී දෙයක් නෙමෙයි. ඔබට රාත්‍රියේ හොඳින් නින්ද යන්නේ නැද්ද? මේක කොච්චර කරදරකාරී ද කියලා ඔබ දන්නවා. රාත්‍රියේදී වඩා හොඳින් නිදා ගැනීමට ඔබට කරන්න පුළුවන් කුඩා දේවල් කිහිපයක් තිබෙනව. මේ දේවල් කලාම ඔබට හොඳ රාත්‍රී නින්දක් ළඟා කරගන්න පුළුවන් වෙයි...

සවස් වරුවේ කෝපි බොන්න එපා
රාත්‍රී ආහාරයෙන් පස්සේ කෝපි කෝප්පයක් පානය කිරීම ඔබට සතුටක් වෙන්න පුළුවන්. නමුත් ඔබට නිදා ගැනීමට අපහසුතාවක් තිබෙනවා නම් සවස් වරුවේ තේ හෝ කෝපි වලින් වැළකීලා සිටීම වඩාත් සුදුසුයි. මොකද ඒවායේ අඩංගු කැෆේන් වලට පුළුවන් රාත්‍රියේදී අපිව අවදියෙන් තියන්න. ඔබ වයසට යනකොට ඔබේ ශරීරයට කැෆේන් වලින් අපහසුතා ඇති වෙන්නත් පුළුවන්.

වැඩිපුර මැග්නීසියම් ගන්න
දුර්වල නින්දකට හේතු වෙන තවත් කාරණයක් තමයි ප්‍රමාණවත් මැග්නීසියම් ප්‍රමාණයක් ශරීරය තුළ නොතිබීම. ඒ බව අධ්‍යයන කිහිපයකින්ම සොයාගෙන තිබෙනවා. මැග්නීසියම් බහුල ආහාර අනුභව කිරීමෙන් ඔබට රාත්‍රියේ හොඳින් නිදා ගන්න පුළුවන් වෙනවා. ආමන්ඩ්, මාළු, කුකුල් මස්, කෙසෙල් සහ කොළ එළවළු ද මැග්නීසියම් සඳහා හොඳ ප්‍රභවයන් වෙනවා.

chamomile තේ කෝප්පයක් ගන්න
නින්ද නොයාමට හොඳම විසඳුම ඖෂධීය තේ ද යන්න ගැන විද්‍යාඥයින්ට තවමත් විශ්වාසයක් නෑ. සමහරු එය එසේ යැයි කිව්වත් අනෙක් අය තවමත් ඒ කාරණය පිළිගන්නේ නෑ. එසේ වුණත් නිදාගන්න කලින්, නිස්කාන්සුවේ chamomile තේ කෝප්පයක් රසවිඳින එක ඔබට සැනසීමක් වේවි. ඒකෙන් ඔබට හානියක් වෙන්නෙත් නෑ.

නිදාගන්න පැය තුනකට කලින් ඔබේ දුරකථනය ඉවතට දමන්න
නිදාගන්න කලින් පැය තුනකට කලින් වත් ඔබගේ දුරකතනය ඉවත් කරන්න. ඒක පුරුදු වීමට යම් කාලයක් ගත වෙයි. නමුත් ඒක ඔබේ ජීවන රටාවේ වගේම නිදි රටාවේත් විශාල වෙනසක් ඇති කරයි.

සන්සුන් සංගීතය ලැයිස්තුවක් සාද ගන්න
සමහරු නින්දට යාමට පෙර ෆේස්බුක් එකේම ඉන්නයි ප්‍රිය කරන්නේ. නමුත් නින්දට යාමට පෙර සන්සුන් සංගීතයට සවන් දීම කියන්නේ ඊට වඩා සෑහෙන හොඳ දෙයක්. මුලින්ම ඔබට කැමති ගීත ලැයිස්තුවක් හදා ගන්න. ඔබ නින්දට යාමට පෙර තෝරාගත් සන්සුන් සංගීතයට සවන් දෙන්න. එවිට ඔබව වඩාත් සැහැල්ලුවෙන් නින්දට වැටෙයි.

හොඳ ඇඳ ඇතිරිලි සඳහා ආයෝජනයක් කරන්න
වෙළඳසැල් වලින් උත්සව කාලයට ලබා දෙන වට්ටම් හරහා ලබා ගන්න ඇඳ ඇතිරිලි ලාභ වෙන්න පුළුවන් නමුත් හොඳින් නිදා ගැනීමට ඒවා ඔබට උපකාරී වෙනවා ද? නැහැ. ඔබ එය නිතිපතා සේදුවත් ඒවායින් නින්දට පහසුවක් ලැබෙන්නේ නෑ. ඔබේ සුව නින්දට ගැලපෙන ගුණාත්මක ඇඳ ඇතිරිලි පමණක් මිල දී ගැනීමට යොමු වෙන්න. හොඳ ඇඳ ඇතිරිලි ඔබේ රාත්‍රී නින්ද සුවපහසු කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1629 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:58:57 AM
Script:/article/1629/6-tips-to-get-a-good-night-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:58:57 AM
Script:/article/1629/6-tips-to-get-a-good-night-sleep.html