මලබද්ධයට හොඳම විසඳුම් දැන් ගෙදරදීම හොයා ගන්න පුළුවන්

November 12, 2017
10,886
Solutions for constipation from your kitchen
මලබද්ධය කියන්නේ නොකිව්වට ගොඩක් දෙනෙක්ට පොදු ප්‍රශ්නයක් වුනු දෙයක්. හැබැයි ඒ ප්‍රශ්නේ ගැන කතා කරන්න වැඩිය කැමති නැහැ. ඒ වගේම ප්‍රතිකාර සඳහා යොමු වෙන පිරිසත් ඉතා අඩුයි. එදිනෙදා ජිවිතය අවුල් කරන්න වගේම ඔයාව ගොඩක් අපහසුතාවයට පත් කරන්නත් මේ තත්ත්වය හේතු වෙනවා. අපි ගන්නා ආහාර වල වගේම ජිවන රටාවේ පවතින වැරදි නිසා අපි අපිටම ලොකු හානියක් කර ගන්නවා. විශේෂයෙන් තන්තුමය ආහාර ඉතා අවම වශයෙන් ආහාරයට ගැනීම නිසා මේ ක්‍රියාවලිය තවත් අමාරු කරනවා

ඒ වගේම දිගු කාලීනව මලබද්ධය පැවතීම පසු කාලීනව බොහෝ ලෙඩ රෝග ඇති කරන්න හේතු වෙනවා. නැති ලෙඩ හදා ගන්නේ නැතුව දැන් ගෙදරදීම මේ තත්ත්වය මඟ හරින්න විසඳුම් තියෙනවා. බලන්න ඒ මොනවද කියලා. බලලා විතරක් මදි. මේ ආහාර වර්ග දැන්වත් නොවරදවාම ආහාර වේලට හෝ ඒ අතරට එකතු කර ගන්න.

1. කජු

ගස් කජු, ආමන්ඩ් වැනි ආහාර වලින් මලබද්ධය අවම කරන තන්තු සහ ශරීරයට අවශ්‍ය කරන හිතකර මේදය සහ ප්‍රෝටීන් වර්ග ලබා දෙනවා. ඒ වගේම රට කජු කියන්නෙත් මේ සඳහා අමතක කරන්නම බැරි දෙයක්. දිනපතා ඔයාගේ ආහාරට මේ දේවල් එකතු කර ගන්න. ඕනවට වඩා කන්න යන්නත් එපා. එහෙම වුනොත් වෙනත් අහිතකර තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හැම දෙයක්ම අවශ්‍ය ප්‍රමාණයට විතරක් ශරීරයට එකතු කර ගන්න.

2. මිදී

මිදි කියන්නේ අපි ගන්නා ආහාර හොඳින් ජීර්ණය කිරීමට හැකි අතුරුපසක් විදියට ආහාර ගන්න පුළුවන් පළතුරක්. මිදී ගෙඩි කිහිපයක් සවස් කාලයේ ආහාරයට ගත්තොත් උදෑසනට මලබද්ධය නිසා ඇති වුණු අපහසුතා සියල්ලක්ම මඟ හැරෙනවා.

3. බ්‍රකෝලි

අමුවෙන් සලාද ලෙස හෝ පිසූ බ්‍රකෝලි ආහාරයට ගැනීමෙන් මලබද්ධය අවම කර ගන්න, වළක්වා ගැනීමට හැකියි. බ්‍රකෝලි කෝප්පයක අඩංගු තන්තු ප්‍රමාණය ග්‍රෑම් 5-6 ක් වෙනවා. ඒ නිසා එය ඉතා හොඳින් ආහාර ජීර්ණය පහසු කර මළපහ පිටවීමේ ක්‍රියාවලිය පහසු කරනවා.

4. බතල

බතල කියන්නෙත් මලපහ පිටවීම පහසු කරවන ඉතා ඉහළ තන්තු ප්‍රමාණයක් අඩංගු ආහාරයක්. බතල ග්‍රෑම් 100 ක තන්තු 3 - 3.5 ග්‍රෑම් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා. බතල වල පොත්ත ඉවත් නොකර හොඳින් පිරිසිදු කර ආහාරයට ගන්නවා නම් ඊටත් වඩා තන්තු ප්‍රමාණයක් ශරීරයට ලබා ගන්න පුළුවන්. .

5. පෙයාස්

පෙයාස් මල බද්ධයට ඉතා හොඳ ස්වාභාවික පිළියමක්. දිනපතා පෙයාස් ආහාරයට ගැනීම කරන්න ටිකක් අමාරු දෙයක් ඒ නිසා සතියට දවස් දෙකක් වත් පෙයාස් ආහාරයට ගැනීම හෝ පෙයාස් යුෂ පානය මේ ප්‍රශ්නයට ඉතාමයි ගුණදායකයි. කුඩා දරුවන්ට ඇති වන මලබද්ධය තත්ත්වයන්ට පෙයාස් ඉතාමත් යෝග්‍යයි.

මේ ආහාර වර්ග වලින් එකක් හෝ දිනපතා ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න ගමන් නිවැරදි ජිවන රටාවක් පවත්වා ගැනීම මඟින් මලබද්ධය තව දුරටත් ඔයාව අපහසුතාවයට පත් කරන්නේ නැති වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 508 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:20:28 AM
Script:/article/508/solutions-for-constipation-from-your-kitchen.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:20:28 AM
Script:/article/508/solutions-for-constipation-from-your-kitchen.html