කැමති ඕනෑම විලාසිතාවක් කරන්න පුළුවන් විදිහේ කොණ්ඩයක හිමිකාරිනියක් වෙන්නේ මෙහෙමයි

July 9, 2017
15,141
6 Extremely Effective Tips For Healthy Hair
කාන්තාවකට නිරෝගී පිරිපුන් දිගු කෙස් කළඹක් කියන්නේ ඇයගේ ලස්සන වෙනුවෙන් ඇයට හිමිකර ගන්න පුළුවන් වටිනාම දෙයක්. මේ නිසාම තමයි කාන්තාවන් බහුතරයක් තමන්ගේ කොණ්ඩය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ. අපි අපේ කොණ්ඩය ගැන දක්වන සැලකිල්ල මත තමයි අපේ කොණ්ඩයේ නිරෝගී බව රැදිලා තියෙන්නේ. මේ නිසා කාන්තාවක් විදිහට ඔබත් ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම් ඔබ කැමතිම විදිහේ විවිධ විලාසිතා කරන්න පුළුවන් කොණ්ඩයක් ඔබ සකස් කර ගත යුතුමයි.

ඇත්තටම හිතන්න ඔබේ කොණ්ඩය නිරෝගී නැති එකක් කියලා. මෙහෙම කොන්ඩයකට අපි මොන විදිහේ විලාසිතා කරත් අපි බලාපොරොත්තු වෙන විදිහේ ලස්සනක් අපිට ලබාගන්න බැහැ. නමුත් අපේ කොණ්ඩය ඝනව දිගුව වැඩුන නිරෝගී එකක් නම් ඔබට පුළුවන් ඕනෑම විලාසිතාවක් පහසුවෙන් වගේම ලස්සනට කරගන්න. ඒ නිසා අපි අද බලමු කැමතිම කොණ්ඩ විලාසිතා ලස්සනට පහසුවෙන් කරගන්න පුළුවන් නිරෝගී ඝනව දිගට වැඩුන කොණ්ඩයක හිමිකරිනියක් වෙන්න අපි මොකද කරන්න ඕනේ කියලා.

1. ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් බහුලව එකතු කර ගන්න

ඔබේ කොණ්ඩයට අවශ්‍යම දෙයක් තමයි ප්‍රෝටීන් කියන්නේ. මේ නිසා ප්‍රෝටීන් බහුල ආහාර ඔබ දිනපතා ඔබේ ආහාර වේලට එක් කර ගන්නවා නම් එය ඔබේ කොණ්ඩයට ඉක්මනින් සහ නිරෝගීව වර්ධනය වෙන්න උදවුවක් වෙනවා. මේ නිසා දිනපතා ඔබේ ආහාර වේලට ප්‍රෝටීන් බහුල මාංශ, බිත්තර, මාළු, රටකජු වැනි දේවල් එකතු කර ගන්න.

2. කොණ්ඩයට නිතරම පිරිසිදුව තබාගන්න.

පිරිසිදුකම නිරෝගී භාවයට හේතුවක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. මේ වගේම තමයි අපේ කොණ්ඩයේ නිරෝගී භාවයට පිරිසිදුකම බලපානවා. මේ නිසා නිතරම උත්සහ කරන්න කොණ්ඩය පිරිසිදුව තබාගන්න. මේ සදහා ඔබ සතියකට තුන් වතාවක් පමණ කොණ්ඩය සේදීම ප්‍රමාණවත්.

3. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන හොදම නිෂ්පාදන තෝරාගන්න

සබන් කොණ්ඩයට භාවිතා කිරීම නම් කිසිම අවස්ථාවක කරන්න එපා. මේ නිසා වෙන්නේ ඔබේ කොණ්ඩයට හානි සිදුවෙන එක. ඔබ අනිවාර්යෙන්ම තෝරාගන්න ඕනේ ඔබේ කොණ්ඩයට ගැළපෙන හොද shampoo වර්ගයක්. ඔබට අවශ්‍ය ඔබ කැමති විදිහේ කොන්ඩ විලාසිතා කරන්න පුළුවන් ඝන දිගු කොණ්ඩයක් නම්, ඒ සදහා වෙළදපොලේ තිබෙන හොද නිෂ්පාදනයක් තමයි Sunsilk Lusciously Thick & Long Shampoo මෙහි අඩංගු වෙන keratin yogurt මගින් ඔබේ කොණ්ඩයට දෙගුණයක ඝනකමක් ලබා දෙනවා. ඒ වගේම ඔබට පුළුවන් ශක්තිමත් දිගුව වැඩුණු කොන්ඩයකට හිමිකම් කියන්න.

3. කොණ්ඩයේ අගිස්ස කපන්න

අපි කොණ්ඩයේ අගිස්ස කපන එක අපේ කොණ්ඩය වැවෙන්න නම් හේතුවක් වෙන්නේ නැහැ. නමුත් ඒ නිසා ඔබේ කොණ්ඩයට හොද පෙනුමක් ලැබෙනවා. ඒ වගේම තමයි පැළුන අගිස් සහිත කොණ්ඩය කපා ඉවත් නොකිරීම නිසා ඒවා තවත් පැලෙනවා. මේ නිසා කොණ්ඩයේ නිරෝගී පෙනුම නැතිවෙලා යනවා. මේ නිසා සති 12 කට වරක් වත් කොණ්ඩයේ අගිස්ස කපා ඉවත් කරන්න.

4. හිස් කබල හොදින් සම්භාහනය කරන්න

හිස් කබල හොදින් සම්බාහනය කිරීම නිසා ඔබේ කෙස් ගස් මුලට හොද රුධිර සැපයුමක් ලැබෙනවා. මේ නිසා කෙස් ගස් ඝනව වගේම ශක්තිමත්ව ඉක්මණින් වර්ධනය වෙනවා. මේ නිසා පොල් තෙල් වැනි ස්භාවික තෙල් වර්ගයක් භාවිතා කර සතියකට වතාවක් හිස් කබල හොදින් සම්භාහනය කරන්න.

5. කොණ්ඩය තදින් පිටුපසට කර බදින්න එපා.

කොණ්ඩය තදින් පිටුපසට කර ගැටගැසීම නිසා ඔබේ කොණ්ඩය ඉක්මනින් කැඩී යාමට පුළුවන්. ඒ වගේම මේ නිසා කෙස් ගස් වල මුලටත් හානි සිදුවෙනවා. මේ නිසා නිතරම කොණ්ඩයට හානියක් නොවෙන්න කොණ්ඩය බදින්න. විශේෂයෙන් රාත්‍රී කාලයේදී ඔබේ කොණ්ඩය සැහැල්ලුවෙන් තබාගන්න.

6. කොණ්ඩය නිතර පීරන්න

කොණ්ඩය නිතර පීරීම නිසා අනවශ්‍ය ලෙස කොණ්ඩය ගැට ගැසීම පාලනය කරගන්න පුළුවන් වගේම හිස් කබලේ තිබෙන ස්භාවික තෙල් කොණ්ඩය පුරා තැවරීමද සිදුකර ගත හැකියි. ඒ වගේම කොණ්ඩය නිතර පීරීම නිසා හිස් කබලේ රුධිර සැපයුමත් සක්‍රියව සිදු වෙනවා. මේ නිසා සුදුසු පනාවකින් කොණ්ඩයට හානියක් නොවෙන ආකාරයට නිතරම කොණ්ඩය පීරන්න.

මේ ක්‍රම ටික අනුගමනය කරොත් නම් නිරෝගී දිගු ශක්තිමත් කොණ්ඩයක් හිමිකර ගන්න එක එච්චර අමාරු දෙයක් නොවෙයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඕනෑම විදිහක කොණ්ඩ විලාසිතාවක් ලස්සනට වගේම පහසුවෙන් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 343 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:56:56 PM
Script:/article/343/6-extremely-effective-tips-for-healthy-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:56:57 PM
Script:/article/343/6-extremely-effective-tips-for-healthy-hair.html