සොඳුරු රූ සපුවකට නිවැරදිව සත්කාර කරන්න

June 6, 2018
10,837
Pamper correct to have a beautiful face
අපි ගොඩක් වෙලාවට අපේ ලස්සන රැකගන්න භාවිතා කරන්නේ හිතකර නොවන ක්‍රම, හිතකර නොවන සත්කාර, ඒත් ඒ දේවල්වලින් අපිට ලැබෙන සුන්දරත්වය තාවකාලිකයි. පසුකාලීනව ඒ ලැබුණු සුන්දරත්වයටත් වඩා භයානක ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්. ඒ නිසා තමයි අපි නිතරම ඔයාට කියන්නේ ස්වාභාවික දේවල් වලින් කරන සත්කාර අත්හදා බලන්න කියලා. ඒ දේවල් වලින් ලැබෙන  සුන්දරත්වය තාවකාලික එකක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ මගින් අපිට සෞඛ්‍ය ගැටලු ඇති කරන්නෙත් නැහැ. ඒ නිසා ඔයාගේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න වගේම සෞඛ්‍යය ආරක්ෂා කරගන්න විදියට වැඩ කරන්න.

මුහුණට සත්කාර කරන්න කලින් ඒ කරන සත්කාර අපි කරන්නේ හරිම විදියටද කියලා දැනගෙන ඉන්න එපැයි. ඒ නිසා නිවැරදිව මුහුණට කොහොමද සතාර කරන්නේ කියලා දැනගෙනම ඒ දේවල් වලට යොමු වෙන්න.

මුහුණේ පැහැපත් බව තබා ගැනීම සඳහා මූලිකවම කරන්න ඕන මුහුණෙ සම ආරක්ෂා කරගන්න එක. ආයුර්වේද ක්‍රමයට අනුව නම් සම ආරක්ෂා කරගෙන ගැනීම සඳහා කරන ප්‍රතිකාර කීපයක්ම තියෙනවා. ඒකෙන් එකක් තමයි සම පිරිසිදු කිරීම, ඊළඟට සම්බාහනය කිරීම, ඊළඟට හුමාලය ඇල්ලීම, ඊට පස්සේ සම පෝෂණය කරන ආරක්ෂා කරදෙන සත්කාරයන් සිදු කිරීම.

එදිනෙදා රාජකාරි කටයුතුවලට නිතර එලියට පහළට යන කාන්තාවක් නම් අනිවාර්යෙන් නිතරම කුණු දූවිලි අපද්‍රව්‍ය එක්ක ගැටෙනවා. ඒ නිසා නිරතුරුවම මුහුණේ සම මත ඒ අපද්‍රව්‍ය තැන්පත් වෙන්න පුළුවන්, මෙම අපද්‍රව්‍ය මත බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්. එමගින් අපේ සමට අහිතකර හානි සිදු කරනවා, ඒ නිසා සම හොඳින් පිරිසිදු කිරීම අතිශය වැදගත් කාරණාවක්.ඒ මඟින් අපවිත්‍ර ද්‍රව්‍ය මෙන්ම සම මතුපිටින් ඇති මැරුණු සෛල ඉවත් කිරීමත් කෙරෙන අතර එමගින් සමට නැවුම් බවක් ලැබෙනවා

නිතර නිතර මුහුනේ සබන් ආලේප කිරීම ඒ තරම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා මුහුණ පිරිසුදු කරගැනීමට ඖෂධීය සංයෝගයක් සහිත ෆේෂ් වොෂ් එකක් භාවිතා කරන්න.  නැත්තන් ඔබට ඒ සඳහා නිවසේදීම පිළියෙල කරගත් හොඳ පිරිසුදුකාරකයක් භාවිතා කරන්නත් පුළුවන්. 

මුහුණේ සමට ඉඳලා හිටලා හරි හොද සම්භාහනයක් කරන්න පුළුවන් නම් මුහුණේ රැලි වැටීම් ඉතා ඉක්මනින් අවම කරගන්න පුළුවන්. ශරීර වර්ධනයට ආහාර පාන අවශ්‍යයි වගේම සම්භාහනයත් ඉතා වැදගත්. ඒ වගේම සම්භාහන අනවශ්‍ය හා වැරදි ආකාරයෙන් සිදු කලොත් එයත් ඔබට අවාසි සහගත ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යෙන් නිවැරදි ලෙස සම්බාහනය සිදුකළ යුතුයි. සම්බාහනය කිරීමේදී ඒ සඳහා සුදුසු තෙල් වර්ගයක් භාවිතා කරන්න . විශේෂයෙන් ඒ සඳහා ඔලිව් තෙල්, ආමන්ඩ් තෙල් එහෙම නැත්තන් තල තෙල් වගේ තෙල් වර්ගයක් සුදුසුයි.  

හුමාලය ඇල්ලීමත් මුහුණ පැහැපත් කරගන්න තියෙන තවත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී ඖෂධීය ද්‍රව්‍ය වර්ග කිහිපයක් වතුර භාජනයකට දමා හොදින් රත්කර එම පිටවන හුමාලය මුහුණට ඇල්ලීම සිදු කරන්න පුළුවන්. හුමාලය ඇල්ලීම මගින් සමේ පවතින අපවිත්‍ර ද්‍රව්‍යය ඉවත් වෙනවා. මේ මඟින් සමේ සිදුරු හොඳින් විවෘතව වන නිසා පසුව යොදන ඖෂධ හා සත්කාර සමට හොඳින් උරා ගන්නවා. හැබැයි මේ ප්‍රතිකාරය දිනපතා සිදු කිරීම නුසුදුසුයි. හේතුව මෙමඟින් සම වියළීම සිදු වෙන්න ඉඩකඩ තියෙන නිසා. සතියකට හෝ මාසයකට දෙවරක් පමණ කිරීම හොඳටම ප්‍රමාණවත්.
 
සාමාන්‍ය හා වියළි සම තෙල් සහිත සම ආදී වශයෙන් ඒ ඒ සමේ ස්වභාවයට අනුව මුහුණට ඖෂධීය සත්කාර සිදු කළ යුතුයි. මෙම සත්කාර හරහා ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් ඉටු කරගන්න පුළුවන්. එකක් තමයි බාහිර වශයෙන් සමෙහි මාංශ පේශීන්ගේ කැළැල් ඇතිවීම වැළැක්වීම හා සමේ සෞඛ්‍යමත් බව ආරක්ෂා කරගැනීම. අනිත් කාරණය තමයි සමේ තෙතමනය ආරක්ෂා කිරීම හා අවශ්‍ය විටමින් ඛනිජ ලවණ ලබාදීම. මෙහිදී සමේ ස්වභාවය අනුව පැක් එකක් සාදා ගැනීම තමයි සුදුසුම සත්කාරය වෙන්නේ. සාමාන්‍යයෙන් පැක් එකක් යොදා විනාඩි විස්සක් විතර කාලයක් සිටිය යුතුයි.  පැක් එක මුහුණට යෙදුවට පස්සේ කතා කරන්න යන්න එපා. මොකද එහෙම වුනොත් සම රැළි වැටීමට හා සම එල්ලා වැටීම වෙන්න ඉඩ තියෙනවා. විනාඩි 20කින් පස්සේ පැක් එක සිසිල් ජලයෙන් සෝදාහරින්න.

මේ කිව්වේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න කරන සත්කාරයක් කොහොමද නිවැරදිව කරගන්න කියලා . ආයුර්වේදයේ එන සුන්දරත්වය රැක ගන්න පුළුවන් සත්කාර මොනවද කියලා ඊළඟ ලිපියෙන් අනිවාර්යෙන් ඔයාට කියන්නම්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 856 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:36 PM
Script:/article/856/pamper-correct-to-have-a-beautiful-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:36 PM
Script:/article/856/pamper-correct-to-have-a-beautiful-face.html