කඩා හැළෙන හිසකෙස් ලබා ගන්න කැමති ද?

January 12, 2019
19,082
How to have a falling hair
සුන්දර යුවතියකට පංච කල්‍යාණය අතුරෙන් හිසකෙස් කියන්නේ ඉතා වැදගත්ම අංගයක්. කඩා හැලෙන හිස කෙස් ඔයාගේ මුහුණට විශේෂ පෙනුමක් ලස්සනක් එකතු කරනවා. ඉතින් කාන්තාවක් විදිහට ඔයා ඔයාගේ කෙස් කළඹ ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම නම් අත්‍යවශ්‍යයි. ඔයාගේ කෙස් කළඹ නිරෝගීව සහ කඩා හැලෙන ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැනුවත් කරන්න හැඩකාරී අපි අද තීරණය කළා.

පොල් කිරි සත්කාරය 

අවශ්‍ය ද්‍රව්‍ය :
අළුත් පොල් ගෙඩියක කිරි 
වතුර ස්වල්පයක්

පොල් ගෙඩියක කිරි ගෙන එයට වතුර කෝප්පයක් පමණ එකතු කර මිරිකා ගන්න. උකු පොල් කිරි ටික පමණක් ගෙන පැයක පමණ කාලයක් ශීතකරණයේ තබන්න. පසුව පොල් කිරි සහ ජලය වෙන් වී තියෙනවා දකින්න පුළුවන්. එයින් කිරි ටික පමණක් හැන්දකින් සෙමෙන් වෙනත් භාජනයකට අයින් කර ගන්න. එවිට පොල් කිරි ටික ක්‍රීම් එකක් විදිහට ලබා ගන්න පුළුවන්. සිතල ඉවත් වූ පසු  හිස මත සහ කෙස් මත පොල් කිරි ටික අලේප කර සම්බාහනය කර පැයක් පමණ හිස කෙස් වල තියෙන්න හරින්න. පසුව ෂැම්පු එකක් භාවිතා කර සෝදා හරින්න හරින්න. මෙම සත්කාරය මාසයක් පමණ සිදු කිරීමෙන් ඔයාගේ හිස කෙස් ස්වාභාවිකවම කඩා හැළෙන ස්වරුපයක් ගන්නවා.

පොල් කිරි කියන්නේ ස්වභාවික කන්ඩිෂනර් එකක්. ඉතින් ඔයාගේ හිසකෙස් වලට ස්වභාවික තෙතනමනය සහ වැඩි වේගයකින් හිසකෙස් වර්ධනය වීම සිදු වෙනවා. හිසකෙස් වර්ධනය කරනවාත් සමග හිස කෙස් වල ඝනකම් බවක්ද ඇති කරනවා. පොල් කිරි ඔයාගේ හිස් කෙස් මත අලේප කර සම්භාහනය කිරීමෙන් ඔයාගේ හිස කෙස් කඩා හැළෙන දිදුලන බවක් ඇති වෙනවා.

කඩා හැලෙන හිසකෙස් තබා ගැනීමේ වාසි 

කාන්තාවන් අතරේ ජනප්‍රියම විලාසිතාවක් තමයි කොණ්ඩය කඩා හැලෙන්න දැමීම. අපි කියන්නේ loose hair kiyalaa. හිස කෙස් ස්වාභාවිකව කඩා හැලෙන ස්වරුපයක් ඇති විට හිස කෙස් වලට ආකර්ශණීය පෙණුමක් ලබා දෙන්වා. කඩා හැලෙන හිස කෙස් හිමි කාන්තාවකට ඕනෑම ආකාරයට කෙස්කළඹ හැසිර වීමට හැකියාව තියෙනවා. විනෝද ගමනකට, සැන්දෑ උත්සවයකට, රැකියාවට යාමේදී සහ මිතුරු හමුවන් වලට යෑමේදී පවා ඉකමනින් හිසකෙස් විලාසිතාවක් දැමීමට හරිම පහසුයි.

ඔයාගේ හිස කෙස් සිනිදු වෙන්න වෙන්න ඉතා ඉක්මනින් හිස කෙස් කැඩී යාමට බලනවා. අනික අවුල් වූ කෙස් ඔබේ රූපයට අලංකාරයක් එකතු කරන්නේ නෑ. ඉතින් ස්වභාවික මෙන්ම නියත ප්‍රථිඵල දෙන ප්‍රතිකර්මයක් වෙන පොල් කිරි සත්කාරය ඔබේ හිස කෙස් වලටද කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1227 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:16:37 PM
Script:/article/1227/how-to-have-a-falling-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:16:38 PM
Script:/article/1227/how-to-have-a-falling-hair.html