දිනපතා මෝර තෙල් ගත්තොත් ශරීරයට වෙන දේ ඔබ දන්නවාද?

December 2, 2019
22,782
Do you what happens if you take cod-liver oil everyday?
තෙල් අධික ලෙස භාවිතයට ගැනීම නුසුදුසුයි කියලානේ අපි අහලා තියෙන්නේ. එහෙත් ශරීර සෞඛයට හිතකර තෙල් වර්ගවලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. මෝර තෙල් (Cod Liver Oil) යනු ද එවැනි තෙල් වර්ගයක්. මේවා මිනිසාට වඩාත් ප්‍රයෝජනවත්. මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට හිතකර ප්‍රතිඑල රාශියක් ලැබෙනවා. විශේෂයෙන්ම අනිත් තෙල් වර්ග වලට සාපෙක්ශව මෝර තෙල් ශරීරයට අතිශයින්ම හිතකර බව සෞඛ්‍ය පරික්ෂණ වලින් සනාථ කරනවා.

දවසට omega 3 මෝර තෙල් අඩංගු පෙති 2 ගානෙ බිව්වොත් මොනවා වෙයිද? ශරීරයට හිතකර ප්‍රතිපල ගොඩක් ලබා ගන්න පුලුවන් දෙයක් තමයි මෝරතෙල් කියන්නෙ. මෝර තෙල් ගුලි හෝ තෙල් වශයෙන් මිලදී ගන්න පුලුවන්. මෝර තෙල් වල ඇති විටමින් A මගින් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය වෙනවා කියලා බටහිර වෛද්‍ය ව්ද්‍යාවේ හොයාගෙන තියනවා. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරන්න omega 3 සංගටකය වැදගත් වෙනවා.

මෝරතෙල් වල පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියනවා. පියයුරු පිළිකා සඳහා සටන් කරන කාන්තාවන්ට අතිශයින්ම වැදගත් තෙල් වර්ගයක් ලෙස මෝරතෙල් නම් කෙරෙනවා.

Omega 3 වල මේද අම්ල අඩංගු නිසා හෘදයා බාධ ඇතිවීම අවම කරනවා. ඒ වගේම ශරීරයේ කොලොස්ටරෝල් මට්ටම නිසිලෙස පවත්වාගන්නටත් උපකාරි වෙනවා.

1. ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි

මෝර තෙල්වල අන්තර්ගත විටමින් D මඟින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් වෙනවා. වියපත් වන කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත් ම ගුණදායකයි. බටහිර වෛද්‍යවරු ප්‍රකාශ කරන ආකාරයට, ක්‍රීඩා කරන
පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය සුදුසුයි.

2. පියයුරු පිළිකා මර්දනය කරයි

Nurses නමැති සෞඛ්‍ය අධ්‍යනය මඟින්, පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායක බව හඳුනාගෙන තිබෙනවා. එමෙන් ම, බටහිර වෛද්‍ය විද්‍යානුකූලව කාන්තාවන්ට විශේෂයෙන් ම ගුණදායක තෙල් වර්ගයක් ලෙසින් ද මෙය හඳුන්වනවා. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර තෙල් සුදුසු බව වෛද්‍ය මතයයි. බටහිර වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෙහි ඇති බවයි.

3. හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි

මෝර තෙල්වල, ඔමේගා 3 මේද අම්ල අඩංගුව ඇති බැවින්, ඒවා භාවිතයෙන් හෘදයාබාධ ඇති වීම අවම කරනවා. එසේම කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට ද එමඟින් හැකියි. එම නිසා, අනෙකුත් තෙල්වලට සාපේක්ෂව මෝර තෙල්
ශරීර සෞඛයට හිතකරයි.

4. මානසික සෞඛ්‍යයට හිතකරය

ඔමේගා 3 පෝෂණ සංඝටකය මඟින් මනසෙහි සංකූලතා අවම කරයි. සාමාන්‍ය සුළු මානසික රෝග වැළඳීමේ ප්‍රවණතාව ද මෝර තෙල් භාවිත කරීමෙන් අඩු කර ගත හැකියි. එසේ ම, දියවැඩියාව හේතුවෙන් මනසෙහි ඇතිවන ව්‍යාකූල බව පාලනය කිරීමට ද මෙය දායක වෙනවා.

5. දියවැඩියාව ඇතිවීම පාලනය කරයි

බටහිර වෛද්‍ය අධ්‍යයන මඟින් හෙළිවී ඇත්තේ, මෝර තෙල් භාවිතයට ගැනීමෙන් දියවැඩියාව පාලනය කළ හැකි බවයි. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කිරීම සඳහා ඔමේගා 3 පෝෂණ සංඝටකය වැදගත්. මෝර තෙල්වල අඩංගු විටමින් A මඟින්, පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1466 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:35:10 AM
Script:/article/1466/do-you-what-happens-if-you-take-cod-liver-oil-everyday.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:35:10 AM
Script:/article/1466/do-you-what-happens-if-you-take-cod-liver-oil-everyday.html