කුණු කූඩයට විසිකරන පළතුරු පොතුවලින් ලස්සන වෙන්නේ මෙහෙමයි

September 17, 2018
9,676
Be beautiful with fruit peels
ලස්සන වෙන්න කොයි කාටත් තියෙන්නේ උන්මාදයක් වුණත් ගොඩක් දෙනෙක් දන්නේ නෑ තාවකාලීක නොවන දිගු කාලීන පරිපූර්ණ ලස්සනක් ලබා ගන්නේ කොහොමද කියලා. ගොඩක් වේලාවට පාටියකට එහෙමත් නැත්තම් උත්සවයකට යන්න ඕන වුණාම බොහෝ කාන්තාවන් කරන්නේ සැලෝන් එකට ගිහින් තාවකාලික ලස්සනකින් හැඩවැඩ වෙලා අවස්ථව වෙනුවෙන් පෙනී ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ යුවතියන් වගේම කාන්තාවන් ගොඩක් වේලාවට විශාල මුදල් වියදම් කරලා රූපලාවණ්‍ය නිෂ්පාදන එක්ක ඔට්ටු වෙනවා ලස්සන වෙන්න. අවසානයේදී තමන්ගේ තියෙන ලස්සනත් නැති කරගෙන තමයි ගොඩක් දෙනෙක් නතර වෙන්නේ. අද Hadakari අපි ඔයාගේ ලස්සන වෙනුවෙන් කළ හැකි සරල පිළියම් ටිකක් කියලා දෙන්න තීරණය කළා. ඔයා සමාන්‍යයෙන් ගුණය දැන හෝ නොදැන පළතුරු ආහාරයට ගන්නවානේ. හැමෝම කරන්නේ පළතුර කාලා පොත්ත කුණු කූඩුයට විසි කරන එක. ඒත් ඔයා හැඩකාරී අද මේ කියන දේවල් ටික ඇහුවට පස්සේ කවදාවත් අපි මේ කියන පළතුරුවල පොතු විසිකරන එකක් නම් නෑ.

කෙසෙල් ගෙඩි පොතු

අපි සමාන්‍යයෙන් කෙසෙල් ගෙඩිය ආහාරයට ගත්තට පස්සේ පොතු විසිකරනවානේ. ඔන්න ඉතිං අද හැඩකාරී අපි කියන මේ කතාව ඇහුවට පස්සේ ආපහු කෙසෙල් ගෙඩිවල පොතු විසි කරන්න ඕන කරන්නේ නෑ. ඔයාගේ මුහුණේ කුරුළෑ සහ කුරුළෑ ලප කැළැල් තියෙනවාද? එහෙමත් තැනිතම් සිරුරේ තැනින් තැන කළු පැහැ වෙලාද? ඉතිං මේ ගැටළුවලට ප්‍රතිකාර කරන්න කුණු කූඩයට විසි කරන කෙසෙල් පොත්ත ප්‍රමාණවත්. ඔයාට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. මුහුණ සහ සිරුරේ තැනින් තැන අවපැහැ වෙලා තියෙන තැන් හොඳින් පිරිසිදු කරන්න. කොසෙල් ගෙඩියේ පොත්ත අරගෙන දැන් හොඳින් ස්ක්‍රබ් කරන්න. ඉතිං ඔයාගේ සමේ මැරුණු සම ඉවත් වෙලා යනවා. සමේ ගොරෝසු තැන සුමුදු බවට පත් කරනවා. මෙයින් ඔයාගේ මුහුණේ ළප කැළැල්වල වර්ණය ටිකෙන් ටික අඩු වෙලා යන්න පටන් ගන්නවා.

දොඩම් පොතු

ලොකු කඩා කවුරුත් අතර ජනප්‍රි‍ය පළතුරක් තමයි දොඩම් කියන්නේ. දොඩම් යුෂවලින් ඔයාට C‍ විටමින් ලැබෙනවානේ. මේ විටමින් ඔයාගේ සිරුරේ ක්‍රියාකාරීත්වයට ඉතාමත් වැදගත් වෙනවා. දොඩම් කාලා හැබැයි පොතු ඉවත දමන්නේ නැතුව දැන් ලස්නන වෙන්නත් භාවිත කළ හැකියි. දොඩම් ගෙඩියේ කහ පාටට හුරු පොත්ත ඉවත් කළාම සුදු පැහැයෙන් පොත්තක් ඉතිරි වෙනවානේ. ඉතිං මේ සුදුපාට පොත්ත සෙමින් ඉවත් කර ගන්න. පසුව එය බ්ලෙන්ඩර් කර ගන්න. මේ විදිහට සකස් කරගත්ත මිශ්‍රණය ඔයාගේ මුහුණේ කුරුළෑ, ලප කැළැල් තියෙන තැන්වල ආලේප කරන්න. නැවත කුරුළෑ ඒම වළක්වාලමින් සමේ තියෙන ළප කැළැල්ද සුවපත් කරනවා.

දොඩම් ගෙඩියේ විසි කරන කහ පැහැති පොත්ත ඔයා හරියට පාවිච්චි කළොත් දැන් සමේ පැහැපත් බව ලබා ගන්න පුළුවන්. දොඩම් පොතු ටික ඉවත් කරගෙන හොඳින් අව්වේ වියළා ගන්න. පසුව මේ දොඩම් පොතු බ්ලෙන්ඩර් කර ගන්න. බ්ලෙන්ඩර් කර ගත් දොඩම් පොතු කුඩුවලට කිරි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඔයාගේ මුහුණේ අඳුරු පැහැය ඉවත් කරලා නව පෙනුමක් ගෙනවින් දෙනවා ඔයා මේ සත්කාරය කිහිප සැරයක් කළාම.

ගස්ලබු පොතු

ගස්ලබු කියන්නෙත් කා අතරත් ජනප්‍රිය පළතුරක්. ගස්ලබු ආහාරයට නොගන්නා කෙනෙක් අද හොයා ගන්නත් නැති තරම්. දැන් ලස්සන වෙන්න ගස්ලබු පොත්ත ඔයාට භාවිත කළ හැකියි. ගස්ලබු කෑවාට පස්සේ පොත්ත විසි කරන්නේ නැතුව ශීතකරණයේ මද වේලාවක් තියලා තියන්න. ඊට පස්සේ බෙල්ලේ සහ මුහුණේ හොඳින් ආලේප කරන්න. මෙයින් මුහුණේ සහ බෙල්ලේ තියෙන රළු බව ඉවත් වෙලා ගිහින් මුහුණේ සහ බෙල්ලේ සම සුමුදු කරනවා.

අලිගැට පේර පොතු

අලිගැට පේරවල මදය ඉවත් කර ගත්තට පස්සේ අපි පොතු ටික කුණු කූඩුයට විසි කරනවානේ. මේ ඉවත් කරන අලිගැට පේරවල පොත්ත ඔයාට භාවිත කළ හැකියි සමේ පැහැපත් බව ලබා ගන්න. අලි ගැට පේරවල මදය ඉවත් කර ගත්තට පස්සේ ඉතිරිවන පොත්ත හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. එවිට ඔයාට තළපයක් ආකාරයෙන් මේ මිශ්‍රණය ලබාගත හැකියි. පසුව මුහුණ, බෙල්ල, අත් සහ කකුල්වල ආලේප කරන්න. විනාඩි 30 විතර ගියාට පස්සේ සෝදා ඉවත් කරන්න. ඔයා දින කිහිපයක් මේ සත්කාරය කරනකොට ඔයාටම තේරෙන්න පටන් ගනීවී කොතරම් පැහැයක් ඔයාගේ සමට ලැබිලා තියෙනවාද කියලා.

ඇපල් ගෙඩියේ පොතු

සමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ඇපල් ගෙඩිය කන්නේ පොතු එක්කමනේ. ඒත් ඔයා ඇපල් ගෙඩියේ පොත්ත ඉවත් කර ගත්තොත් ඔයාගේ සමට පැහැපත් බවක් ලබා ගන්න භාවිත කළ හැකියි. ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. ඇපල්වල පොතු ටික ඉවත් කරගෙන පෙර ආකාරයටම හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. එතකොට තලපයක් විදිහේ මිශ්‍රණයක් සකස් කර ගන්න එක වඩාත් පහසුයි. පසුව මේ මිශ්‍රණය හොඳින් මුහුණේ සහ අත පයවල ආලේප කරන්න. මේ සත්කාරය මගින් ඉතා ඉක්මනින් ඔයාට පැහැපත් සමක් ලබා ගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1079 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:09 AM
Script:/article/1079/be-beautiful-with-fruit-peels.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:09 AM
Script:/article/1079/be-beautiful-with-fruit-peels.html