තරුණියන්ගේ සම මත ඇති වෙන තවත් ලොකු කරදරයක් තමයි බ්ලැක් හෙඩ්ස් කියන්නේ. ඒකත් එක්ක තියන ප්‍රධානම ගැටළුව වෙන්නේ නිවැරදි හා ඵලදායී පිළියමක් සමඟ ප්‍රතිකාර කළේ නැත්නම් බ්ලැක් හෙඩ්ස් ඉවත් කර ගැනීම අභියෝගයක් වෙන එක. ඒ සඳහා ඕනේ තරම් නිෂ්පාදන වෙළඳපොළේ තියෙනවා. ඒ ඕනෑම විකල්පයකට වඩා ලාබදායී ස්වාභාවික DIY ෆේස් ස්ක්‍රබ් එකක් ඔබටම හදාගන්න පුළුවන්.
මෙම ස්ක්‍රබ් එකේ තියන හොඳම දේ තමයි සියලුම අමුද්‍රව්‍ය ඔබේ මුළුතැන්ගෙයින්ම පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙන එක. ඉක්මන්, ලාබදායී, වැදගත් හා ඵලදායී මේ ස්ක්‍රබ් එක සඳහා පියවරෙන් පියවර උපදෙස් මෙන්න :
අමුද්‍රව්‍ය :
ඕට්ස් (Oatmeal) - කෝප්ප 1/4
බේකිං සෝඩා - තේ හැන්දක්
ලෙමන් යුෂ - මේස හැන්දක්
සාදන ක්‍රමය :
මිශ්‍ර කිරීම් කරන බඳුනක් අරගෙන එයට Oatmeal එක් කරන්න. ඕට්ස් කැබලි විශාල වැඩි නම් මුලින්ම ඒවා අඹරාගන්න. සමේ මැරුණු සෛල මෘදු විදිහට ඉවත් කිරීමට, සිදුරු පිරිසිදු කිරීමට සහ අතිරික්ත තෙල් අවශෝෂණය කර ගැනීමට Oatmeal උපකාරී වෙනවා.
Oatmeal වලට බේකිං සෝඩා එකතු කරන්න. බේකිං සෝඩා සමේ සිදුරු පිරිසිදු කිරීමට, සමේ pH අගයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට සහ මිය ගිය සමේ සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා.
දැන් මිශ්‍රණයට ලෙමන් යුෂ එක් කරන්න. ලෙමන් යුෂ කියන්නේ අප කවුරුත් දන්නා විදිහට සමේ සිදුරු වලින් අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් සම ගැඹුරු ලෙස පිරිසිදු කිරීමට උපකාරී වන ස්වාභාවිකඅමුද්‍රව්‍යයක්. එසේම එහි අඩංගු විටමින් සී සමට දීප්තිමත් බවක් ලබා දෙනවා.
බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීම සඳහා ෆේස් ස්ක්‍රබ් භාවිතා කරන්නේ මෙහෙමයි…
මුලින්ම මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. සමේ සිදුරු විවෘත කිරීම සඳහා ස්ටීම් කරන එක වඩා හොඳයි.
ඔබ ස්ක්‍රබ් ආලේප කරනකොට ඔබේ සමේ තෙතමනය රඳවා ගන්න වග බලා ගන්න.
විනාඩියක් පමණ රවුමට ඔබේ මුහුණ ස්ක්‍රබ් එකෙන් මෘදු ලෙස සම්බාහනය කරන්න. නාසය සහ නිකට වැනි බ්ලැක් හෙඩ්ස් ඇති ප්‍රදේශ ගැන ද අවධානය යොමු කරන්න.
විනාඩියකට පමණ පස්සේ මෙය වතුරෙන් සෝදා හරින්න. ඊට පස්සේ ඔබේ සාමාන්‍ය මොයිස්චරයිසර් ක්‍රීම් එකක් මුහුණේ ආලේප කරගන්න.