හැමදාමත් ලස්සනට ඉන්න අලිපේර වලින් සුපිරිම FACE MASKS

June 15, 2018
13,663
Super face masks with avocado
හැමදාම ලස්සනට ඉන්න තමයි අපි කවුරු උනත් කැමති. ඒ නිසා අපි අපේ ලස්සන රැක ගන්න වගේම ලස්සන වෙන්නත් එක එක දේවල් කරනවා. අපි ලස්සන වෙන්න තෝරාගන්න දේවල් ගොඩක් වෙලාවට අපිට තාවකාලිකව ලස්සනක් ලබා දුන්නත් ටික කාලයක් යනකොට ඒවගේ අතුරු ආබාධත් එක්කම අපි ඉක්මනට අවලස්සන වෙලා යනවා. මේ නිසා තමයි අපි නිතරම ස්භාවික දේවල්ම තෝරාගන්න ඕනේ අපේ ලස්සන වෙනුවෙන්. අලිපේර කියන්නේ රසවත් ගුණවත් කෑමක් වගේම අපිව ලස්සන කරන්න පුළුවන් දෙයක්. අලිපේර වල තියෙන ඇමයිනෝ අම්ලයට පුළුවන් අපේ සම අලුත් කරන්න වගේම හානි වෙලා තියෙන සමට ප්‍රතිකාර කරන්න. මේ නිසා අලිපේර තියෙනවා නම් දැන් ලස්සන වෙන එක හරිම පහසු වගේම ආරක්‍ෂිත දෙයක්. අලිපේර වලින් හදාගන්න පුළුවන් මේ FACE MASK ඔයාටත් පුළුවන් ලස්සන වෙන්න පවිච්ච්චි කරලා බලන්න.

01. සම පැහැපත් වෙන්න

මේ FACE MASK එක හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් එකක්. ඒ වගේම තමයි ඉක්මනින් සම පැහැපත් කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ මේ දේවල් තමයි.

හොඳින් ඉදුණු අලිපේර ගෙඩි බාගයක්
මීපැණි තේ හැඳි 2 ක්
උණු වතුර තේ හැඳි 2 ක්

මේ FACE MASK එකෙන් හොඳම ප්‍රතිපල ගන්න ඕනේ නම් අලිපේර හොදට ඉදුණ ඒවා වෙන්න ඕනේ. අලිපේර ටික පොඩි බාජනයකට දාගෙන උණුවතුර ටික ටික එකතු කරන ගමන් ගෑරුප්පුවකින් හොඳට පොඩිකර ගන්න දැන් මේකට මීපැණි ටිකත් දාල හොඳට කලවම් කරගන්න.මේ විදිහට හදාගත්ත FACE MASK එක මූණේ හොඳට අලේප කරගෙන විනාඩි 10 විතර තියලා උනුසුම් වතුරේ පොඟවා ගත් තුනී රෙදි කෑල්ලකින් පිහදලා අයින් කරගන්න. මේ FACE MASK එක සතියට දෙතුන් පාරක් කරනකොට ඔයාට ඉක්මනින්ම ඔයාගේ සම පැහැපත් කරගන්න පුළුවන්.

02.වියලි සමට

මුහුණේ සම වියලි උනාම අපි කොච්චර ලස්සනට ඉන්න හැදුවත් අපේ මුහුණේ කිසිම ප්‍රාණවත් බවක් පෙන්නේ නැහැ. මේ ඕට්ස් මිශ්‍ර අලිපේර FACE MASK එක ඔයාගේ සමේ වියලි බව අඩු කරලා තෙතමනය රැක දෙනවා.

ඕට්ස් අඬු කෝප්ප බාගයක්
දෙහි බෑයක යුෂ
අලිපේර ගෙඩි බාගයක්
උණුවතුර කෝප්ප 3/4

මුලින්ම ඕට්ස් ටිකට උණුවතුර එකතු කරලා තරමක් නිවෙන්න පැත්තකින් තියන්න. උණු වතුර නිසා ඕට්ස් ටික තරමක් තැම්බෙනවා. මුහුණේ ආලේප කල හැකි ප්‍රමාණයට එය නිවුණු පසු දෙහි යුෂ සහ හොඳින් පොඩි කරගත් අලිපේර ටික කවලම් කරලා FACE MASK එක හදාගන්න. හොඳින් පිරිසුදු කරගත් මුහුණේ මෙම FACE MASK එක ඇඟිලි තුඩු වලින් තවරමින් රවුමට රවුමට ඇඟිලි තුඩු මුහුණ පුරා යවමින් හොඳින් විනාඩි 10 සම්බාහනය කරන්න. පසුව FACE MASK එක විනාඩි 10 පමණ තිබෙන්නට හැර ඉවත්කර ගන්න. සමේ වියලි බව නැතිවෙලා දීප්තිමත්ව තියෙන විදිහ ඔයාට බලාගන්න පුළුවන්.

03. සුමුදු සමක්

සිනිදු සුසිනිදු සමක් කියන්නේ අපි කාගේ උනත් හීනයක්. මේ FACE MASK එකෙන් ඔයාට පුළුවන් ඒ හීනෙ හබවක් කරගන්න. මේ තමයි ඒකට ඕනේ වෙන දේවල් ටික.

බිත්තරයක සුදු මදයක්
දෙහි බෑයක යුෂ
අලිපේර ගෙඩියකින් භාගයක්

බිත්තර සුදු මදය සහ දෙහි යුෂ ටික එකතු කරලා ගෑරුප්පුවකින් හොඳින් ගසාගන්න. දැන් මේ මිශ්‍රණයට හොඳින් පොඩි කරගත් අලිපේර ටික එකතු කරලා සෙමින් කලවම් කරගන්න. මේ FACE MASK එක මුහුණේ ආලේප කරලා විනාඩි 15 ක් 20 ක් තියලා ඉවත්කර ගන්න. ඔයා බලාපොරොත්තු වෙන සුසිනිදු බව ඔයාට පහසුවෙන්ම ලබාගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 883 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:13 PM
Script:/article/883/super-face-masks-with-avocado.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:13 PM
Script:/article/883/super-face-masks-with-avocado.html