ඔබ කැමතිම සපත්තු සෙරෙප්පු වලට කකුල තුවාල කරගන්නේ නැතුව කාලයක් පාවිච්චි කරන්නේ මෙහෙමයි

April 22, 2017
23,397
7 Great Tricks So Your favorite Shoes Won’t Hurt
වෙළදපොලේ තියෙන ලස්සන ලස්සන සපත්තු සෙරෙප්පු වලට කාන්තාවන් දක්වන්නේ පුදුම ආසාවක්. එත් ඉතින් මේ අය මේවා මිලදී ගන්නත් බයයි කකුල කැපිලා තුවාල වෙයි. දාන්න අපහසු වෙයි කියලා. සමහර කාන්තාවන් ආසාවට මේ සපත්තු සෙරෙප්පු මිලදී අරගෙන බයට ඒවා දාන්නේ නැතුව තියාගෙන ඉන්නවා. නමුත් ඉතින් මේ ප්‍රශ්නේ පහසුවෙන්ම විසදගන්න පුළුවන් එකක්. ඔබ කැමතිම සපත්තු සෙරෙප්පු ඔබට අපහසුවක් නැතුව පළදින්න පුළුවන් ක්‍රම ටිකක් තමයි අද අපි ඔබට කියලා දෙන්න යන්නේ.

1. වෙළදපොලේ මිලදීගන්න තියෙන සාමාන්‍ය තුවාල ප්ලාස්ටර්

මේක බොහෝ දෙනෙක් භාවිත කරන ක්‍රමයක්. සපත්තුව සමේ ඇතිල්ලීම නිසා තුවාල සිදුවීමට ඉඩ ඇති ප්‍රදේශ වල මේ ප්ලාස්ටර් ඇලවීමෙන් මේ ප්‍රශ්නය විසදා ගන්න පුළුවන්. නමුත් ඉතින් මෙහිදී පිටතට නොපෙනෙන ලෙස තමයි මේවා අලවගන්න ඕනේ. නැතිනම් ඔබ තෝරාගන්න ඕනේ ඔබේ සමේ පැහැයට සමාන ප්ලාස්ටර්. එවිට කිසිදු ප්‍රශ්නයක් නැතිව ඔබට තැනකට යා හැකියි .

2. පවුඩර්

ඔබ සපත්තුවක් පැළදීමට පෙර හොදින් වියළාගත් දෙපාවල පවුඩර් හොදින් අලේප කර ගැනීමෙන් ඔබට පුළුවන් සපත්තුවට කකුල කැපෙන එක වලක්වා ගන්න. ඒ වගේම මේ නිසා ඔබ සපත්තු පැලදීම නිසා ඇතිවෙන දුගදත් පාලනය කරගන්න පුළුවන්.

3. ඝනකම මේස් යුගලයක් සහ කොණ්ඩය වියලනයක් (hair dryer)

මුලින්ම මේස් දෙක ඔබේ කකුලට දමාගෙන ඔබට අවශ්‍ය සපත්තු දෙක දමාගන්න දැන් කොණ්ඩය වියලනය ක්‍රියාත්මක කර සපත්තුවේ ඔබේ කකුලට හිර ප්‍රදේශ හොදින් රත්කර ගන්න දැන් සපත්තුව හොදින් සිසිල් වෙන තුරු ඇවිදින්න. මේ ක්‍රියාව නැවත නැවතත් සිදුකරන්න. එවිට ඔබේ සපත්තු දෙක ඔබේ කකුලට පහසු ප්‍රමාණයට සැකසෙනවා. නමුත් මේ වැඩේ ඔබට කරන්න පුළුවන් ස්භාවික අමුද්‍රව්‍ය වලින් සකස්කළ සපත්තු වලට විතරයි. ලෙදර් සපත්තු වලට මෙය හොද සාර්ථක පිලියමක්.

4. දහඩිය පාලනය කිරීමට අපි අත් යට අලේප කරන deodorant

අපේ කකුලේ වැඩිපුරම කැපිලා තුවාල වෙන ප්‍රදේශ තමයි කකුලේ වළලු කර, ඇගිලි ආදී ප්‍රදේශ. සපත්තු පැළදීමට පෙර මේ ප්‍රදේශ වල deodorant අලේප කිරීමෙන් ඔබට පුළුවන් කකුල තුවාල වෙන එක වලක්වා ගන්න.

5. සිලිකන් වලින් සකස් කල සපත්තු අඩි

මේවා විවිද ප්‍රමාණ වලින් ඔබට වෙළදපොලෙන් මිලදී ගත හැකියි. ඒ වගේම ඇගිලි ආවරණ, වළලුකර ආවරණ ආදී ලෙස ඔබේ පාද වල නිතරම කැපීම් නිසා තුවාල ඇතිවෙන ප්‍රදේශ වලට සකස් කල සිලිකන් ආවරණ ඔබට මිලදී ගත හැකියි.

6. අයිස්

ඔබට පැළදීමට අපහසු සපතු ගෙන ඒ තුළට වතුර පිරවූ ප්ලාස්ටික් බෑග් දමා අධි ශීතකරණයේ රැයක් පුරාවට තබන්න. උදෑසන සපත්තු පිටතට ගත් විට ඔබට පෙනේවි ඔබේ සපතු තරමක් ප්‍රමාණයෙන් විශාල වී ඇති බව.

7. Alcohol සහ කඩදාසි

සපත්තුවේ හිර ප්‍රදේශ වලට ඇතුලතින් හොදින් තෙත් වනතුරු Alcohol ඉස ගන්න. පසුව කඩදාසි වලින් සපත්තුව පුරවාගන්න හොදින් තදවෙන තුරු. උදෑසන වනතුරු තබා කඩදාසි ඉවත් කර මද වෙලාවක් සපතු දෙක පැළදගෙන ඇවිදින්න. එවිට සපත්තු දෙක ඔබේ කකුලේ හැඩයට ගැලපෙන ලෙස සකස් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 229 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:56:11 AM
Script:/article/229/7-great-tricks-so-your-favorite-shoes-won-t-hurt.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:56:11 AM
Script:/article/229/7-great-tricks-so-your-favorite-shoes-won-t-hurt.html