උදේට නානවා නම් මේ දේ කරන්න නම් එපා

August 30, 2021
5,619
Never do this when you take a shower in the morning
බොහෝ දෙනා උදෑසනම ස්නානය සඳහා පුරුදු වී සිට්නවා.. ඒ සඳහා ගනු ලබන කාලය, ජලයේ උෂ්ණත්වය, ඔබ භාවිතා කරන සබන්, ෂැම්පු ආදිය ඔබගේ ඉතා පුද්ගලික තේරිම් වුවත් වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔබගේ මේ උදෑසන ස්නානය අතරතුර ඔබ ව්සින් වැළකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
ස්නානය කර දවස නැවුම්ව ආරම්භ කිරීමට කැමති හැඩකාරි ඔබත් මේ කරුණු ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්..

උදෑසන අධික ලෙස උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් වැළකිය යුතුයි
සමෙහි ආරක්ෂිත ආවරණයට හානි වීම
මද රස්නයකින් යුතු හෝ සිසිල් ජලය මගින් උදෑසන ස්නානය කිරීම ඔබට වඩාත් යෝග්‍ය වනවා. අධික උණුසුම් ජලය නිසා ඔබගේ සම වියළීමට ලක්වන අතර සමෙහි ඇති ඇසට නොපෙනෙන ආරක්ෂිත ආවරණය සඳහා බාධා එල්ල කරනු ලබනවා. මෙම ආරක්ෂිත ආවරණය දහදිය සහ ස්නේහ ශ්‍රාවයන් (සෙබම්) මගින් සැදුම් ලද්දක් වන අතර අධික උණුසුම් ජලයට නිරාවරණයෙන් ඒ සඳහා හානි ඇතිවනවා. බැක්ටීරියා ඇතුළු වීම වැළකිමට අමතරව සම වියළීම වැලැක්වීම, සංවේදිතාව ආරක්ෂාව, උද්දීපනයෙන් ආරක්ෂාව, සමේ සංකූලතා ඇත්වීම වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත ආවරණය අපට වැදගත් වනවා.

එමෙන්ම උදෑසන ස්නානය සඳහා සිසිල් ජලය භාවිතා කිරීමෙන් නැවුම් බවක් ලබා ගැනීමට, මනා රුධිර සංසරණ වේගයක් පවත්වා ගැනීමට සහ ව්‍යායාමයන් හි නිරත වීමෙන් ඇතිවන වෙහෙස නිවා ගැනීමටත් උපකාරි වනවා.

උදෑසන ස්නානය වඩාත් දිගු වීම සුදුසු නැත
සම සහ හිස කෙස් වියලීම
උදෑසනම වඩාත් දිගු කාලයක් ස්නානය කිරීමෙන් පසුව නැවුම් ආරම්භයක් ලබා ගැනීමට බොහෝ දෙනා ප්‍රියකලත් වෛද්‍යවරුන් පවසන්නේ උදෑසන ස්නානය වඩාත් දිගු නොවී විනාඩි 5ත් 10ත් අතර කාලයකින් අවසන් කිරීම වඩාත් සුදුසු බවයි. දිගුකාලයක් ජලයේ ගත කිරීමෙන් ඔබගෙ සම සහ හිසකෙස් වියළීම සිදුවන බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ.

සමේ රෝගයන් තිබේ නම් උණුසුම් ජලය සහ වැඩි කාලයක් ස්නානය සුදුසු නොවේ..
චර්ම රෝගයන් උග්‍ර වීම
දද , කුෂ්ඨ හෝ වෙනත් චර්ම රෝගයන්ගෙන් පීඩා විදින පුද්ගලයන් ඉතා උණුසුම් ජලයෙන් ස්නානය කිරීම සහ වැඩි වේලාවක් ස්නානය සුදුසු නොවන බවට වෛද්‍යවරුන් අනතුරු අගවනවා. වැඩි වේලාවක්, අධික උණුසුමක් ඇති ජලය ස්නානයෙන් ඇතැම් චර්ම රෝගයන් උග්‍ර විය හැකියි. එමනිසා චර්ම රෝගයන් ඇතිවිට සිසිල් ජලයෙන් ස්නානය සහ හැකිතරම් කෙටි වේලාවක් තුල ස්නානය අවසන් කිරීමට මතක තබා ගැනීම ඉතාමත් වැදගත් වනවා.

ඔබගේ පවිත්‍රකාරක ඉතා හොඳින් තෝරා ගැනීම වැදගත් වනවා
සබන්, ෂැම්පු , කන්ඩිෂනර්,ෂවර් ජෙල් වැනිදෑ තෝරාගැනීම
ඔබගේ උදෑසන ස්නානය සහ කාලය කොතරම් නිවැරදි වුවත් ඔබ ස්නානය කිරීමේදි යොදාගන්නා සබන්, ෂැම්පු, කන්ඩිෂනර්, ෂවර් ජෙල් වැනි නිශ්පාදන නිසි ප්‍රමිතියකින් යුතු නොවේනම් එය ඔබගේ සම සහ හිසකෙස් සඳහා අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. විශේෂයෙන් එම නිශ්පාදනයන්හි PH අගය සිරැරට සුදුසු වනවාදැයි පරික්ෂා කිරීම ඉතාමත් වැදගත් වනවා. එමනිසා සෑමවිටම ඔබගේ සමට සුදුසු නිශ්පාදන තෝරා ගැනීමටත් සමට පෝෂණය සහ තෙතමනය ලබාදෙන මොයිස්චරයිසර් අඩංගු නිශ්පාදන සෑම විටම තෝරාගත යුතු වනවා. විශේෂයෙන් ඔබගේ සම අධි සංවේදි හෝ අධික ලෙස වියළිමට ලක්වනවා වැනි ගැටළු තිබේනම් සමේ රෝග වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   49,602
   43

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Do you know about sheet face mask
   25,360
   41

මුහුණේ සම ඇතුළතින්ම සුරකින ශීට් ෆේස් මාස්ක් ගැන ඔබ දැණුවත්ද?

රූපලාවන්‍ය සත්කාර ලෝකෙන් ඇහෙන අලුත්ම කසු කුසුව තමයි ශීට් ෆේස් මාස්ක් කියන්නේ. මේ මොකද්ද කියල ඔබටත් හිතෙනවා ඇති. ඉතින් අපේ
5 skin care tips for your neck
   39,140
   27

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Kaju Dosi Recipe
   149,262
   27

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed