ඔබ දන්නවාද තායි ආහාරවල බහුලව භාවිතා වන අමුද්‍රව්‍යයක් තමයි සේර කියන්නේ. ලෝකය පුරා සුප්, මස් සහ එළවළු නිෂ්පාදන වැනි කෑම වර්ග වල බහුලව භාවිතා වෙන අමුද්‍රව්‍යයක් ඒක. ඒ වගේම මෙම ශාකය මානසික ආතතිය දුරු කිරීමට, නින්ද වර්ධනය කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වෙන බොහෝ ප්‍රයෝජනවත් දෙයක්. ඉතින් ඔබටත් පුළුවන් ඒ ප්‍රතිලාභ ලබා ගන්න ඔබේ ආහාරයට සේර එකතු කරලා බලන්න, ඒකෙන් ලැබෙන ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ පහක් මෙන්න...
1. සේර වලට ප්‍රතිඔක්සිකාරක ගුණ ඇත
අධ්‍යයන වලට අනුව සේර වල ප්‍රතිඔක්සිකාරක කිහිපයක් ඇති අතර ඒක ඔබේ ශරීරයේ රෝග ඇති කරන රැඩිකල්ස් වලට එරෙහිව සටන් කිරීමට උපකාරී වෙනවා. ධමනි වල සෛල අක්‍රිය වීම වැළැක්වීමට ද ඒවා උදව් වෙනවා.
2. සේර ජීර්ණ පද්ධතිය වඩා යහපත් කරනවා
ඔබේ එදිනෙදා තේ එකට සේර යොදා ගන්නවා නම් ඒක ආමාශයේ ගැටලු වලටත් විකල්ප පිළියමක්. ඒ වගේම බඩේ කැක්කුම් සමනය කරන්නත් ඒකට පුළුවන්. මේ ශාකයේ ඇති තෙල් අපේ ආමාශය හානි නොවී තියාගන්න උපකාර කරනවා.
3. සේර වල ක්ෂුද්‍ර ජීවී ගුණ තියනවා
මෙය ක්ෂුද්‍ර ජීවී නාශකයක් නිසා මුඛ ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහාත් භාවිතා කරන්න පුළුවන්. දත් දිරායාමට හේතු වන බැක්ටීරියා වලට එරෙහිව සේර ඵලදායී බව අධ්‍යයනවලින් හෙළි වෙලා තිබෙනවා.
4. බර අඩු කර ගන්න
සේර තේ මඟින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය උත්තේජනය කරවනවා. ඒකෙන් අනවශ්‍ය බර ප්‍රමාණයත් අඩු කර ගන්න පුළුවන්. ඒක ස්වාභාවික diuretic (ශරීරයට තරල ඉවත් කිරීමට උපකාරී වන සංයෝග) එකක් විදිහට ක්‍රියා කරමින් ඔබේ බර අඩු කර ගැනීමේ ඉලක්කයට ඔබව සමීප කරවයි. කෙසේ වෙතත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් නිසා ඔබ ඒක දිනපතා පරිභෝජනය කරන්න එපා. වෛද්‍ය උපදෙස් ඇතුව ගන්න. සේර තේ ජලය හෝ වෙනත් පැණිරස නොකළ පාන වර්ග සමඟ විකල්ප පානයක් විදිහට භාවිතා කරන්න උත්සාහ කරන්න.
5. සේර ශරීරයේ දාහයට එරෙහිව ක්‍රියා කරනවා
සේර වල පැඟිරි හා ජර්මිනල් සංයෝග අඩංගු නිසා ඒවායේ ශරීරයේ දාහයට එරෙහිව ක්‍රියා කරන ගුණ තියනවා. ඒ හරහා ශරීරයේ දැවිල්ල ඇති කරන තත්ත්වයන් ද අඩු කරවනවා.