Belt එකක් විලාසිතාවට ගැලපෙන ලෙස තෝරා ගන්නේ කෙසේද?

April 25, 2021
7,913
How to choose and match women’s belts
කාන්තා විලාසිතා හිදී විශේෂ ස්ථානයක් කාන්තාවන්ගේ බඳ පටි සඳහා හිමි වෙනවා.. බොහෝවිට කාන්තාවන් බඳ පටියක් මගින් ලිහිල් ඇඳුමක් තද කරගන්නවා. එහෙම නැත්තං විලාසිතාවක් ලෙස, ආභරණයක් ලෙස බඳ පටියක් භාවිතා කරනවා.. ඔබත් සමහර විට බඳ පටි විලාසිතාව දැඩිව ප්‍රිය කරනවා වෙන්න ඇති.. හැඩකාරි පහත ලිපිය මගින් ඔබටත් විලාසිතාවක් ලෙස බඳ පටි පළඳින විට සැලකිලිමත් විය යුතු කරුණු ඉදිරිපත් කරනවා..

බඳ පටි පැළඳීමට සාමාන්‍යයෙන් ක්‍රම තුනක් තිබේ ..

1. ඔබගේ ඉණ මත
2. ඉන මතින් ඉහළට කර හෝ ඉන මතින් පහළින්..
3. ඔබේ කලිසම ඉහළට තබා ගැනීමට

මෙම ක්‍රම තුන මගින් එකිනෙකට වෙනස් හැඩයන් ඔබ බෙල්ට් එකක් භාවිතා කරනවා..

ඉණ පටියක් ඔබගේ ඇඳුමට ගැළපෙන පරිදි ඉන මතින් ඉහළට කර හෝ ඉන මතින් පහළට කර පැළඳීමට පුළුවන්. මෙය ගවුම් විලාසිතාවකට එහෙමත් නැතිනම් කලිසමක් සමග තෝරා ගන්න පුලුවන්.. එමෙන්ම ඒ සඳහා දිගු කබායක්, ස්වෙටරයක් පැළදීම මගින් වඩාත් ආකර්ෂණිය පෙනුමක් ලබාගන්න ඔබට පුලුවන් වනවා.

ඔබ දිග කලිසම්ක් සමඟ ඉන පටියක් පළදින විට බෙල්ට් එකේ පළල පිළිබදව සැලකිලිමත් විය යුතුයි. කලිසමේ ලූප් වල උස අනුව බෙල්ට් එක තෝරා ගත යුතුයි. උසින් වැඩි ලූප් තිබෙන කලිසමකට හෝ සායකට පළලින් අඩු බෙල්ට් එකක් භාවිතා කරොත් එය උඩට පහලට යාමට බලනවා. එය ඔබේ විලාසිතාවට හානියක්. ඉතින් ලූප් එකට ගැලපෙන් ප්‍රමානයේ බෙල්ට් එකක් භාවිතා කිරීම වැදගත්. කලිසමේ ලූප් නොමැති විටදී ඉන පටියක් පැළැදීම අවශ්‍ය වන්නේ නැහැ.. නමුත් කලිසම ඉනේ ප්‍රමණයට ගැලපෙන ලෙස තිබිය යුතු වනවා..

ඔබ තෝරාගන්නා ඉන පටිය,

1. ඉන පටිය සෙන්ටිමීටර 1-2 ක් අතර පළල් නම් ගවුම් විලාසිතා සමඟ ගැලපෙනවා..










2. සෙන්ටිමීටර 2-5 අතර අතර පළල් නම් ජැකට් (jackets), ස්වෙටර (sweaters) , ලෝම කබා (cardigans) සහ දිගු කබා සමඟ වඩාත් ගැලපෙනවා..










3. සෙන්ටිමීටර 3-4 අතර පළල පටි, කලිසම්, සාය සහ ජීන්ස් සමඟ වඩාත් ගැලපෙනවා..










4. සෙන්ටිමීටර 5-12 අතර පළල පටි වඩාත් ගැලපෙන්නෙ ඔබ කලිසම / හෝ සාය ඉහළට කර අඳින විට ඉණ වටා පැළඳීමට වඩා ගැලපෙනවා.










5. සිහින් සහ ලෝහ පටි සහිත ආභරණ ලෙස සැකසූ බඳ පටි ගවුම් සහ කබා සඳහා ගැලපෙනවා.






බඳ පටි ඔබගේ සිරුරේ හැඩයට ගැලපෙන ලෙස තෝරාගන්නේ කෙසේද..

1. උසින් වැඩි කාන්තාවන්ට මහත ඝනකම් බඳ පටි වඩාත් සුදුසුයි. එමගින් ඔවුන්ගේ ශරීරය කෙටි කර, සාමාන්‍ය කර පෙන්වනවා.






2. ශරීර ප්‍රමාණයෙන් කෙටි කාන්තාවන්ට සිහින් බඳ පටි පැළඳීමෙන් වඩාත් උස පරිපූර්ණ පෙනුමක් ලබා දෙනවා.






3. ඇතැම් බද පටිවල අලංකාර පළලින් වැඩි ආභරණ ලෙස සැකසූ ගාංචු තිබෙනවා.. නමුත් ඔබ විශාල පෙනුමැති ආභරණ පැළඳීමෙන් වැළකී සිටිනවා නම් ඔබට බද පටිය ද සියුම් ලෙස සැකසූ ප්‍රමාණයෙන් කුඩා ගාංචු තිබෙන බඳ පටියක් තෝරාගන්න පුළුවන්.








4. සිහින්/දිගු බද පටි සැහැල්ලු විලාසිතා සඳහා වඩාත් උචිත වනවා..






5. ඔබේ බඳ පටිය ඔබට කැමති නම් ඔබගේ පාවහන් සමඟ ගලපන්න පුළුවන්.. නමුත් විලාසිතා කිරීමේ දී එය අනිවාර්ය දෙයක් නොවෙයි.. ඔබේ කැමැත්ත මත සිදු කරන්න පුළුවන්. වඩාත් සැහැල්ලු අවස්ථා සඳහා ඔබට ඔබගේ පාවහන් වල පැහැයට ගැලපෙන ලෙස බඳ පටිය තෝරගන්න පුළුවන්.. නමුත් මෙය ඉතාමත් සාම්ප්‍රදායික විලාසිතාවක්..






6. සෑමවිටම බඳ පටිය නිවැරදි දිගකින් යුතු ව තෝරා ගන්න.. එය අනවශ්‍ය ලෙස ශරීරය වටා එතීමෙන් වළකින්න.






7. ඔබගේ බද පටිය සෑම විටම ඔබගේ පෙනුම වැඩි කරනවාදැයි සලකිලිමත් වන්න.. පළමුවෙන් ඔබ ඔබගේ විලාසිතා ශෛලිය අවබෝධ කරගෙන විලාසිතාවට ගැලපෙන ආකාරයට බඳ පටි තෝරා ගත යුතුයි.. උදාහරණයක් ලෙස ඔබ තෝරා ගන්නා අලංකාර රන්වන් හෝ රිදී බඳ පටි ගැලපෙන්නේ ඔබ ස්මාට් ඇඳුමක් සමඟ අඳින විටයි, ඒ වගේම ගෙත්තම් කල බෙල්ට් එකක් ගැලපෙන්නේ කැෂුවල් ඇඳුමක් අඳින විටයි..














කාන්තා අපි ස්වභාවයෙන්ම විවිධ විලාසිතා අනුගමනය කරන්න කැමතියි. බොහෝවිට අපි ඒකාකාරී විලාසිතාවලට කොටු වී සිටිනවා.. දැන් ඔබට පුළුවන් වෙනසක් ලෙස ඔබ තෝරා ගන්නා විලාසිතාවට සුදුසු ආකාරයට බඳ පටි එක් කර ගන්න.. එමගින් ඔබගේ පෙනුම ඉතාමත් වැඩි දියුණු කර පෙන්වාවි..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1969 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:17:12 AM
Script:/article/1969/how-to-choose-and-match-women-s-belts.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:17:12 AM
Script:/article/1969/how-to-choose-and-match-women-s-belts.html