මේ ඇඳුම් වර්ග 07 තිබුණොත් ඔයාට හැමදාම ලස්සනට අඳින්න පුළුවන්

September 3, 2018
20,689
If you have these pieces of clothes, you can dress nice every day
ගැහැණු ළමයෙක්ට ඉතිං ඇඳුම් කොච්චර තිබුණත් කොහේ හරි ගමනක් යන්න ඕන වුණාම අඳින්නේ මොකක්ද කියලා හිත හිතා ඉන්න අවස්ථා ඕනෑ තරම්. ඔයාටත් මෙවැනි අත්දැකීම් අනන්තවත් ඇති. ගැහැණු ළමයි ඇඳුම් මිලදි ගන්න කොච්චර කැමතිද කිව්වොත් අතේ සල්ලි කීයක් හරි තියෙනවා නම් මොකක් හරි ඇඳුමක් මිලදි ගන්නවා. ආසාවට ඔයා විවිධාකරයේ ඇඳුම් මිලදී ගත්තත් හැඩට වැඩට අඳින්න පුළුවන් විදිහේ ඇඳුමක් මිලදී ගැනීම තමයි හොඳම දේ වෙන්නේ. මොකද ඔයා ඇඳුමක් මිලදි ගන්න එකේ මුලික අරමුණ වෙන්නේ ලස්සනට ඉන්න නේ. විශේෂයෙන්ම අනිත් හැමෝටම වඩා ලස්සනට ඉන්න තමයි ඔයා හැම වේලාවෙම උත්සාහ කරන්නේ. ඉතිං අද Hadakari අපි ඔයාට කියලා දෙන්නේ ලස්සන ඇඳුමක් ඇඳලා හැඩට වැඩට ඉන්න ඔයා ගාව තිබිය යුතුම ඇඳුම් මොනවාද කියලා. ඉතිං ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ. සමහර විට ඔයා ගාව මේ අඳුම් තියෙනවාත් ඇති. එහෙම නැතිනම් ඔයාට පුළුවන් ආපහු ඔයා ඇඳුම් ගන්න ගිය වේලාවක අපි කියන මේ ඇඳුමක් දෙකක් අරගෙන තියා ගන්න.

සුදු පාට blouse එකක්







ගොඩක් කාන්තාවන් සුදු පාට වර්ණයෙන් යුතු ඇඳුම් එදිනෙදා භාවිත කරන්න ටිකක් කම්මැලියි. මොකද ඉක්මනින් කිලිටි වෙන නිසා. ඒ වුණත් සුදු වර්ණයෙන් ඔයාට එකතු කරන ප්‍රියමනාප බව කිසිම ඇඳුමකින්ගන්න බෑ. ඔයාගේ නේක ඇඳුම් අතරේ තිබිය යුතුම ඇඳුමක් තමයි සුදු වර්ණයෙන් යුක්ත බ්ලවුසයක්. මොකද සුදු පැහැයෙන් යුතු ඇඳුමක් ඇන්දොත් ඕනෑම අවස්ථාවකට වැදගත් පෙනුමක් ඇතිව යන්න පුළුවන්. ඒ වගේම සුදු පැහැයෙන් යුතු බ්ලවුසයක් ඔයාට තියෙනවා නම් දිග කලිසමකට හෝ සායකට අඳින්න පුළුවන්. ඩෙනිමටත් සුදු වර්ණයේ බ්ලවුසයක් හොඳට ගැළපෙනවා. ඉතිං ඔයාට පුළුවන් නම් තරමක් දිග සහ අත් දිග බ්ලවුසයක් ඔයා ගාව තියා ගන්න. කොලරයක් සහිත හෝ රහිත වුණාට කමක් නෑ. සුදු වර්ණය නිසා ඔයා ගාව තියෙන jewelry පැළඳුවොත් ඔයාගේ පෙනුම තවත් වැදගත් වෙලා පේන්න පටන් ගන්නවා.

Pencil cut Skirt (පෙන්සිල් කට් සාය)







ලස්සනට ඉන්න කැමති ඔයා ළඟ තියෙන්න ඕන තවත් ඇඳුමක් තමයි Pencil cut Skirt එකක්. ඔයාගේ සිරුරේ ෂේප් එකට ගැළපෙන විදිහේ ස්කර්ට් එකක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. තද වර්ණයෙන් යුක්ත ස්කර්ට් එකක් ඒ කියන්නේ තද නිල්, කළු, තද අළු වර්ණයන්ගෙන් යුතු ස්කර්ට් එක්ක මිලදි ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔයාගේ උස ප්‍රමාණයට ගැළපෙන විදිහට ස්කර්ට් එක තෝරා ගැනීම තමයි වැදගත්. ඔයා ටිකක් උස කෙනෙක් නම් ඔයාට දණහිසෙන් පහළට වන සේ තරමක් දිග ස්කර්ට් එකක් හොඳට ගැළපෙනවා. එහෙම නැතුව ඔයා උසින් අඩු කෙනෙක් නම් ඔයා දිග ස්කර්ට් එකක් ඇන්දොත් ඔයාව තවත් මිටි වෙලා පේන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ උස අනුව ස්කර්ට් එක තෝරා ගන්න.

ඩෙනිම් කලිසමක්





ඕනම ගැහැණු ළමයෙන් ළඟ ඩෙනිම් කලිසමක් නම් අද කාලයේ නැති වෙන්නේ නෑ. ඉතිං ලස්සනට හැඩට වැඩට අඳින්න වගේම දවසේ ඕනෑම වේලාවක අඳින්න පුළුවන් අඳුමක් තමයි ඩෙනිම කියන්නේ. ඔයා ඩෙනිම් කලිසමට ලස්සන බ්ලවුස් එකක් ඇන්දොත් party look එකේ ඉදලා sacual look දක්වා අඳින්න පුළුවන්. ඔයා ඩෙනිමක් අඳින්න යම් මුදලක් වැය කරනවානේ ඉතිං ඒ නිසා තැනකට අඳින්න පුළුවන් විදිහේ වැදගත් පෙනුමක් තියෙන ඩෙනිමක් කලිසමක් මිලදි ගන්න.

සුදු පාට ටී ෂර්ට් එකක්







මුලින් කිව්වා වගේ සුදු පාට මගින් ඔයාට නිතරම වැදගත් පෙනුමක් එකතු කරනවා. ඉතිං ඒ නිසා පෙනුමෙන් ඉහළ ඒ වගේම ටිකක් මිල අඩු ටී ෂර්ට් එකක් ඔයා ළඟ තියා ගන්න. ඔයාට කිසියම් වැඩකට එළියට යන්න ඕන වුණාම මේ සුදු ටී ෂර්ට් එක ඩෙනිමකට හෝ කලිසමකට අඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හැමෝම අඳින වර්ගයේ ටී ෂර්ට් එකක් නැතුව ටිකක් වෙනස් විදිහේ සුදු පාට වර්ණයේ ටී ෂර්ට් එකක් මිලදි ගන්න.

තද පැහැති pencil cut (පෙන්සිල් කට්) කලිසමක්







ඔයා එදිනෙදා රැකියාවකට යන කෙනෙක් නම් ඔයා ළඟ තිබිය යුතුම කලිසමක් තමයි මේ කලිසම. විශේෂයෙන්ම තද පැහැයෙන් යුක්ත ඒ කියන්නේ කළු හෝ තද නිල් පැහැයෙන් යුක්ත මනාව නිම කළ කලිසමක් ඔයා ළග තියා ගන්න. එවිට ඔයාට ඕනම වේලාවක පුළුවන් බ්ලව්ස් එකක් හෝ ජැකට් එකක් භාවිතා කරන්න. සමාන්‍ය ගමනක ඉදලා විශේෂ උත්සව අවස්ථාවක් දක්වා ඔයාට මේ ඇඳුම අඳින්න පුළුවන්. තද වර්ණයෙන් යුතුව කලිසම තෝරා ගත්තම ඔයාට පුළුවන් ඕනෑම වර්ණයකින් උඩ ඇඳුමේ කොටස මනාව ගළපා ගන්න.

තනිපාට ගවුමක්







හැඩට වැඩට අඳින්න කැමති ඔයා ළග තිබිය යුතු තවත් ඇඳුමක් තමයි ගවුම. මෙතනදි අදහස් කරන්නේ විවිධ වර්ණයන්ගේන් හා හැඩතල වලින් රටා මැවු ගවුම් නම් නෙමෙයි. තනි වර්ණයකින් යුතු ගවුම ඕනෑම අවස්ථාවකට ගැළපෙනවා. එ විතරක් නෙමෙයි වැදගත් පෙනුමකුත් තියෙනවා. ඔයාට ඕන නම් මේ සඳහා පෙන්සිල් කට් වර්ගයේ ගවුමක් තොරා ගන්න පුළුවන්. ඉතිං ඔයාගේ උස ගැන හිතලා ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු වෙලා පේන විදිහේ ගවුමක් තෝරා ගන්න.

ෂෝල් / ස්කාෆ් එකක්







ගොඩක් දෙනෙක් ෂෝල් හෝ ස්කාෆ් එක භාවිත කරන්නේ සීතලෙන් ආවරණය වෙන්න. එහෙමත් නැත්තම් අව්ව රශ්මියෙන් ටිකක් ආවරණය වෙන්න. ඒත් ඔයාට අඳින ඇඳුමට අමුතුම ආකාරයේ ලස්සනක් එකතු කර ගන්න මේ ෂෝල් හෝ ස්කාෆ් භාවිත කළ හැකියි. ඉතිං ඒ නිසා ඔයාට පුළුවන් ඔයා ළග තියෙන ඇඳුම් වලට ගැළපෙන විදිහේ ෂෝල් හෝ ස්කාෆ් එකක් ඔයා ළඟ තියා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1062 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:37:42 PM
Script:/article/1062/if-you-have-these-pieces-of-clothes-you-can-dress-nice-every-day.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:37:43 PM
Script:/article/1062/if-you-have-these-pieces-of-clothes-you-can-dress-nice-every-day.html