අනවශ්‍ය මේදය දහනය කර ගන්න තියෙන පහසුම tips 10 මෙන්න

March 25, 2018
19,498
10 tips to burn fat
අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම කාන්තාවන්ගේ සුන්දරත්වයත්වයට බාධාවක් වගේම සෞඛ්‍යටත් හානිකරයි. මේකට ඉතින් කාන්තා පිරිමි කියලා භේදයක් නැහැ. අනවශ්‍ය විදියට තැන්පත් වෙලා වෙලා තියෙන මේදය දහනය කර ගන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් පහසුම ක්‍රම ටිකක් ගැන තමයි මේ කියන්නේ. අනිවාර්යෙන් මෙ දෙවල් අත්හදා බලන්න. සුන්දරත්වයත් නිරෝගී භාවයත් කියන දෙකම රැක ගන්න එතකොට අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැහැ.

1.සතියකට දින 5ක්වත් මිනිත්තු 20 හෝ තිහක් පමණ වේලාවක් ඇවිදීම, බයිසිකල් පැදීම, උස පැනීම, පඩි නැගීම, පිහිනීම වැනි ක්‍රියාකාරකමක නිරත වීම ඉතාමත් වැදගත්.

2. ඒ වගේම නිවැරැදිව හා ක්‍රමානුකූලව ඔබගේ බර පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ නිසා නිතරම තම බර කිරා වාර්තාවක් ඔබ ළඟ තබා ගන්න.

3. අහිතකර ආහාර ගැනීමට සිතන සෑම අවස්ථාවකම තම තරබාරුව වැඩි කිරීමට එය හේතුවන බවත් අනවශ්‍ය මේදය තැන්පත් වීම ඔබේ සුන්දරත්වයට වගේම ලෙඩ රෝග රැසකට හේතුවන බවත් සිත තබා ගන්න.

4. නිවසින් පිටතට යන සෑම විටම ධාන්‍ය, පලතුරු, කැරට්, යෝගට් වැනි දෙයක් අතුරුපසක් විදියට පිළියෙල කරගෙන බෑගයේ දමා ගන්න. එතකොට පිටතින් අහිතකර කෑම ගැනීමට ඇති ඉඩකඩ ගොඩක් දුරට ඇහිරෙනවා.

5. පිළියෙල කළ ආහාර වෙනුවට ස්වාභාවික ආහාර සෑම විටම ඔබගේ පරිභෝජනය එක්තු කරගන්න අමතක කරන්න එපා. සකස් කළ කෑම වල ට්‍රාන්ස් මේදය බහුලව අඩංගු වන අතර ට්‍රාන්ස් මේදය කියන්නේ දියවැඩියාව, අහිතකර කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය වැනි භයානක රෝගී තත්ත්ව ඇති කරන්න හේතු වෙන දෙයක්.

6. ආහාර වෙනුවට පෝෂණයෙන් යුතු පාන වර්ග වැඩිපුර ගැනීමට උත්සාහ කරන්න. එය සිහින් සිරුරක් පවත්වා ගන්නටත් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. එළවළු සුප්, පලතුරු යුෂ ඊට හොඳම නිදසුනක්.

7.ජලය වැඩි ප්‍රතිශතයක් අඩංගු ආහාර කෑමට එක්කර ගන්න. ඒ වගේම තන්තු බහුල ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. තන්තු බහුල ආහාර මොනවාද සහ ඒවගේ තියෙන වැදගත්කම් මොකක්ද කියලා මීට කලින් ලිපියකින් ඔයාට කිව්වා.

8.උදැසන ආහාරය ගැනීම වැදගත් වගේම ඒ ගන්නා ආහාරය පෝෂජනක වීමත් ඉතාම වැදගත් ඒ වගේම සෑම පෝෂ්‍ය පදාර්තයක්ම අඩංගු වන විදියට සමබර ආහාර වේලක් ගන්න අමතක කරන්න එපා.

9. සෝඩා වැනි කෘතිම ආහාර පාන හැකි තරම් සීමා කරන්න. එක් සෝඩා වීදුරුවක් පානය කිරීමෙන් වසරකට සිරුරේ බර කිලෝ ග්‍රෑම් 6කින් වැඩි වෙනවා. පුදුමයි නේද?

10. සති අන්තයේ බොහෝ දෙනෙකුට අහිතකර ආහාර ගැනෙන දින දෙකක්. ඒ නිසා සති අන්තයේ ඔබ ගන්නා ආහාර පාන ගැන වැඩිපුරම විමසිලිමත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 719 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:18:33 PM
Script:/article/719/10-tips-to-burn-fat.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:18:34 PM
Script:/article/719/10-tips-to-burn-fat.html