එල්ලිලම ඉන්න බලන සහකරුවෙක් එක්ක කටයුතු කරන්නෙ කොහොමද?

October 7, 2020
5,698
How to deal with a clingy partner?
ගැටළු ඇති වන තැනදීම විසඳා නොගත්තොත් ඕනෑම සම්බන්ධතාවයක ශක්තිය ටිකෙන් ටික පහල බහිනවා. ඔබේ සහකරු ඕනෑවට වඩා එල්ලිලම ඉන්න බලන, පැටලිලි සහගත කෙනෙක් බව ඔබ මෑතකදී ඉඳන් දකින්න තියෙනවාද? නැත්නම් මුල ඉඳන්ම ඒක සිද්ධ වුණාද? ඒක ඔබට ඔබේ සහකරු සමඟ තියන සම්බන්ධතාවයට අහිතකර විදිහට බලපානවා කියලා දැනෙනවාද? ඒ වගේම ඔබේ සහකරු එහෙම හැසිරෙන්නේ ඇයි කියලා තේරුම් ගැනීම දුෂ්කරද? හොඳයි, එහෙනම් මුලින්ම සන්සුන් වෙන්න. ඊට පස්සේ මේ කාරණා වලට අවධානය දෙන්න...

1. හානි කර නැති සීමාවන් පනවන්න
ඔබගේ සම්බන්ධතාවයේ සීමාවන් නියම කිරීමට ඔබ කිසිම විටෙක ප්‍රමාද නැ. සීමා පනවන එකට වඩා සෞඛ්‍ය සම්පන්න නොවන විදිහට එකිනෙකා මතම යැපෙන්න පුරුදු වෙලා ඉන්න එකෙන් ඔබේ සම්බන්ධතාවයේ ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. විශේෂයෙන් ම ඔහු / ඇය හැම වෙලාවේම ඔබ සමඟ ඉන්න ඕනේ කියලා බලකරනවා නම්, නිතරම ඔබ ඉන්න ස්ථානය ගැන දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබ ඔහුගේ / ඇයගේ ඇමතුම්වලට පිළිතුරු නොදුන්නොත් එයාගේ මනස අවුල් වෙනවා නම් ඔබ අනිවාර්‍යෙන්ම ඒ සඳහා යහපත් මායිම් සකසන්න ඕනේ. මේ සියල්ල සමඟ ඔබේ ගැටළු පිළිබඳව අනෙකා සමඟ කතා කරන්න. ඒකෙන් ඇති වෙන සහ ඇති වෙන්න තියෙන ප්‍රශ්න වළක්වා ගන්න පුලුවන්. හරි දේවල් සහ වැරදි දේවල් මොනවාද කියලා ඔබේ සහකරු සමඟ විස්තරාත්මකව සාකච්ඡා කරන්න. ඒ පිළිබඳව අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණෙන්න.

2. එහෙම හැසිරෙන්න හේතුව සොයා ගන්න
ඔබේ සහකරුගේ අනුමත කරන්න බැරි හැසිරීම් පටන් ගත්තේ හිටි හැටියේ ම නම් නම් ඒකට හේතුව මොකක්ද කියලා ඔබ සොයා බලන්න ඕනේ. ඔබේ සහකරුවාව හෝ සහකාරියව අවුලුවන, ඔබේ හැසිරීම්, කතා බහ හෝ යන එන ස්ථාන මොනවාද කියලා හොඳින් නිරීක්ෂණය කරන්න. හේතුව සොයා ගත්තට පස්සේ ඒ සාධක අරගෙන ඔබේ සහකරු සමඟ කතා කරමින් ගැටළුව මුලින්ම කඩා ගන්න.

3. උපදේශන සේවාවක සහය ගන්න
ඔහු හෝ ඇය සමඟ මේ ප්‍රශ්නය ගැන කතා කරලත් තත්වය යහපත් තත්තවයට පත් නොවෙන බව පෙනෙනවා නම් උපදේශන සහායක් පැතීම නුවනට හුරුයි. හොඳ උපදේශන සේවා වෘතිකයෙකුට ඔබේ සහකරුවාව මුනගස්වන්න. ඔබත් එයට සහභාගී වීම වැදගත්. එවිට ඔබට ඔබේ ගැටළුව ඇති තැන වටහාගෙන එයට පිලියම් කිරීමට හැකි වේවි. පසුබට වෙන්න එපා. විසඳුමක් ලබා ගන්න ඕනේ නම්, ඔබ ඔබේ උපදේශකයා සමඟ විවෘතව කතා කිරීම වැදගත්.

4. සම්බන්ධතාවය විශ්ලේෂණය කරල බලන්න
සමහර වෙලාවට ඔබ දෙදෙනා අතර තිබෙන ඔය සම්බන්ධතාවය ඇත්තටම ඔබ දෙදෙනාට සතුට සැනසීම ගෙනදෙන දෙයක්ද කියලා විශ්ලේෂණය කරලා බලන්න. තේරුම් ගන්න. ඔබට හැඟෙනවා නම් ඔබ මොන දෙයක් කළත්, ඔබ වැරදි හදා ගත්තත්, උපදේශ්න සහය ලබා ගත්තත්, ඔබේ සහකරු/සහකාරිය සෑහීමකට පත් වෙන්නේ නෑ කියලා, සමහර විට නිමක් නැති ගැටලුකාරී සම්බන්ධතාවය අවසන් කිරීමට තීරණය කරන්න කාලය හරි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1859 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:43:53 AM
Script:/article/1859/how-to-deal-with-a-clingy-partner.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:43:54 AM
Script:/article/1859/how-to-deal-with-a-clingy-partner.html