බේක් කරද්දී සීනි වෙනුවට ඔබට භාවිත කළ හැකි රසවත් සහ සෞඛ්‍ය සම්පන්න විකල්ප!

August 11, 2020
6,757
Alternative for sugar when baking
අපි නොදැනුවත්වම විවිධ ආකාර වලින් අතිරික්ත සීනි ආහාරයට ගන්නවා. ඒක ඇත්තටම සෞඛ්‍යයට අහිතකරයි. නමුත් ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට අනුගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් සහ ඔබේ ආහාර වේලේ කැලරි අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා නම්, එයින් අදහස් කරන්නේ නෑ ඔබ ජීවිතයේ කැමතිම ආහාර අතහරින්න ඕනේ කියලා.

ඔව්, ඔබට ඔබේ කැමතිම කේක් එක කන්න පුළුවන්! නිවසේදී බේක් කරන ආහාර වලින් හොඳ රස‍යක් විඳීන්නට වගේම සීනි නැතුව ඒ ආහාර සෞඛ්‍ය සම්පන්න කර ගන්නට ඔබට උදව් වෙන අපූරු උපදෙස් කිහිපයක් අපි අද කියන්නම්. මෙන්න සීනි නොමැතිව ආහාර බේක් කරගන්න හැටි...

සෞඛ්‍ය සම්පන්න විකල්ප භාවිතා කරන්න

ඔව්, සෞඛ්‍ය සම්පන්න විකල්ප ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා ඒවා සැලකිල්ලට ගන්න. නමුත් ඔබ සීනි වෙනුවට වෙනත් දෙයක් එකතු කරනවා නම්, සෑමවිටම ඒ එකතු කරන විකල්ප අමුද්‍රව්‍ය වල ප්‍රමාණය සහ ස්වභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ.


* පොල් සීනි



මෙය ග්ලයිසමික් දර්ශකයේ පහළින් තිබෙන නිසා ඒවා භාවිතයෙන් ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වෙන්නේ නෑ. ඒ වගේම නිරෝගී මේද හා ආහාරමය තන්තු ද තියනවා! ඔබේ ආහාර වට්ටෝරුවෙ සඳහන් කර ඇති විදිහට පිරිපහදු කළ සීනි ප්‍රමාණය වෙනුවට පොල් සීනි ඒ ප්‍රමාණයම භාවිතා කරන්න පුලුවන්.

* මී පැණි හෝ මේපල් සිරප්



මෙම ස්වාභාවික රසකාරක ද බේක් කළ ආහාරවලට ඉතාම හොඳ රසයක් එක් කරනවා. වට්ටෝරුව තුළ තියන සෑම පිරිපහදු කළ සීනි කෝප්පයක් සඳහාම මී පැණි හෝ මේපල් සිරප් කෝප්ප 3/4ක් භාවිතා කරන්න. මේපල් සිරප් භාවිතා කරනවා නම්, ඔබ සකසන වට්ටෝරුවේ වතුර, කිරි, බටර් මිල්ක් වගේ දියරමය අමුද්‍රව්‍යයක් එකතු කරනවා නම් එයින් මේස හැඳි 2ක් පමණ අඩුවෙන් එකතු කරන්න. මොකද සීනි වෙනුවට අපි දියරමය ද්‍රව්‍යයක් එකතු කරන නිසා.

* පළතුරු සාන්ද්‍රණ



බේක් කරන ප්‍රණීත ආහාර සඳහා ස්වාභාවික පැණි රසක් හා හොඳ රසයක් එක් කිරීමට ඔබට නැවුම් හෝ ශීත කළ පළතුරු සාන්ද්‍රණයක් භාවිතා කරන්න පුලුවන්. ඇත්ත වශයෙන්ම මෙය ගැළපෙන්නේ ඇතැම් වට්ටෝරු වලට පමණයි. සෑම පිරිපහදු කළ සීනි කෝප්පයක් සඳහාම මෙයින් කෝප්ප 3/4ක් භාවිතා කිරීමට මතක තබා ගන්න සහ කලින් කීවා මෙන් දියරමය අමුද්‍රව්‍යයක් එකතු කරනවා නම් එයින් මේස හැඳි 2ක් පමණ අඩුවෙන් එකතු කරන්න.


අමතර රසකාරකයක් එක් කරන්න

ආහාර වලට එකතු වෙන අමතර සීනි ප්‍රමාණය අඩු කරමින් ඔබේ බේක් කරන ආහාර වලට වැඩි රසයක් එක් කරන්නට ගුණදායී රසකාරක ද යොදා ගන්න පුලුවන්. ඔබට උත්සාහ කිරීමට පුලුවන් අදහස් කිහිපයක් මෙන්න:

- ඉහළ රසයක් හා තෙතමනයක් එක් කිරීමට කේක් මිශ්‍රණයට ග්‍රේට් කරපු එළවළු හෝ පලතුරු එකතු කරන්න.



- කුකීස් සහ කේක් සඳහා කුරුඳු, ඉඟුරු වගේ කුළුබඩු රසකාරක වලින් රසය ඉහළ නංවන්න පුලුවන් නිසා වට්ටෝරුවෙන් අඩු වුණු සීනි ප්‍රමාණය ගැන එතරම් දැනෙන්නේ නෑ.



- රට ඉඳි, ක්‍රැන්බෙරි, ආමන්ඩ් ආදි වියළි පලතුරු නට් වර්ග වලින් ස්වභාවික පැණි රසයක් එක් කරන්න පුලුවන්. ඒ එක්කම රසවත් හා සෞඛ්‍ය සම්පන්න සංග්‍රහයක් සඳහා ඔබට ඩාර්ක් චොකලට් චිප්ස් භාවිතා කරන්නත් පුලුවන්!




සෞඛ්‍ය සම්පන්න ලෙස පිළිගන්වමු..

ඔබේ රසවත් බේකින් එකෙන් ඔබේ ශරීරයට එකතු වෙන වැඩිපුර කැලරි ප්‍රමාණය වළක්වා ගැනීමට අයිසින් නොකළ කේක් වලට කැමති වෙන්න. ඔබට කේක් එක සරසන්න ඕනේම නම්, මෙම උපදෙස් භාවිතා කරන්න:

- පැත්තකින් නැවුම් පලතුරු හෝ නැවුම් පලතුරු වලින් සාදා ගත් සෝස් එකක් පිළිගන්වන්න.



- ඩාර්ක් චොකලට් උණු කරලා කේක් එකේ උඩට දමන්න. කුකීස් නම්, උණු කළ ඩාර්ක් චොකලට් වල ගිල්වන්න.



- හෙවි ක්‍රීම් (Heavy cream) සහ රස නොගැන්වූ චොකලට් භාවිතයෙන් චොකලට් ගනාෂ් (Chocolate ganache) සාදන්න. සැම විටම ඔබ ආහාරයට ගන්න ප්‍රමාණය පිළිබඳව සැලකිල්ලෙන් රසවිඳින්න.



- විප් කරගත් ග්‍රීක් යෝගට් සමඟ ස්වාභාවික හා සෞඛ්‍ය සම්පන්න රසකාරකයක් මිශ්‍ර කර භාවිතා කරන්න.



Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1761 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:23 PM
Script:/article/1761/alternative-for-sugar-when-baking.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:03:24 PM
Script:/article/1761/alternative-for-sugar-when-baking.html