තරුණියන්ට මාසික ඔසප් වීමේදී ඇතිවෙන අධික වේදනාව ස්භාවිකවම අඩු කරගන්නේ මෙහෙමයි

May 12, 2017
19,977
Menstrual Cramp Home Remedies for Natural Relief
වැඩිවියට පත්වූ බහුතරයක් තරුණියන් අත්දකින දෙයක් තමයි මාසික ඔසප් වීමේදී ඇතිවෙන වේදනාව කියන්නේ. සමහර තරුණියන් බොහෝ අපහසුතාවයන්ට පත්වෙනවා මේ නිසා. මේ තත්වය හැම තරුණියක්ම අත්විදින්නේ නැති උනාට සාමාන්යෙන් සෑම කාන්තාවන් 4 දෙනෙක්ගෙන් 3 න් දෙනෙක්ම මේ තත්වයට මුහුණ දෙනවා. ඇත්තටම මේ තත්වය කාන්තාවන්ගේ එදිනෙදා කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල කරනවා. ඒ වගේම කාන්තාවන් මේ නිසා දැඩි මානසික පීඩනයකටත් ලක් වෙනවා. අද අපි ඔබට කියන්නේ ස්භාවිකවම මේ වේදනාව අඩුකර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන.

1. මද රස්නය

ඔබේ යටිබඩ ප්‍රදේශයේ මාංශ පේෂීන් වලට මද රස්නයක් දැනෙන්නට සැලැස්වීමෙන් ඔබට පුළුවන් ඔබේ වේදනාව අඩුකර ගන්න. මේ සදහා ඔබට පුළුවන් පැනල් රෙදි කැබැල්ලක් උණු වතුරේ දමා යටිබඩේ තැබිය හැකි රස්නයට නිවුණු පසු රෙදි කැබැල්ල යටිබඩ ප්‍රදේශයේ තබාගන්න. නැතිනම් වතුර බෝතලයකට උණුවතුර දමා එය සාමාන්‍ය ප්‍රමාණයකට නිවුණු පසු එය යටිබඩ ප්‍රදේශයේ තබාගන්න ඔබට පුළුවන්. මේ ප්‍රතිකාරය සැබෑවටම ඔබට ඉක්මන් සහනයක් ගෙනදේවි.

2. හිරු එළිය

පර්යේෂණ වලින් පෙන්වා දී තිබෙනවා හිරු එළියට නිරාවරණය වීම නිසා අපේ සිරුරට ලැබෙන විටමින් D වලට හැකියාවක් තිබෙන බව ඔසප් වීම නිසා ඇතිවෙන වේදනාව පාලනය කිරීමේ. මේ නිසා ටික වෙලාවක් ඔබට හිරු එළිය වැටෙන තැනකට වී සිටීමෙන් හෝ ඇවිදීමෙන් ඔබේ වේදනාවට ඉක්මන් සහනයක් ලබාගත හැකියි.

3. කුරුදු තේ

කුරුදු කුඩු මේස හැදි බාගයක්, මීපැණි මේස හැන්දක්, උණු වතුර වීදුරුවක් , අවශ්‍ය නම් දෙහි ස්වල්පයක්. මේ දේවල් ටික හොදින් කවලම් කරලා දවසට දෙපාරක් පානය කිරීමෙන් ඔබට පුළුවන් ඔසප්වීම නිසා ඇතිවෙන අධික වේදනාව පාලනය කරගන්න.

4. ව්‍යායාම

ඔබට මේ වෙලාවට ව්‍යායාම කරනවා තියා සමහර විට ඒ ගැන හිතන්නවත් බැරිවේවි. නමුත් ඔබට කිරීමට පහසු ව්‍යායාම දෙක තුනක් කිරීමෙන් ඔබට වේදනාව අඩුකර ගත හැකියි. වඩාත් සුදුසුයි ඔබට ඇවිදීමට හැකිනම්.

5. ඉගුරු

ඉගුරු මගින් ඔබේ ඔසප් වේදනාව අඩුකරනවා වගේම ඔබට අවශ්‍ය ශක්තියත් ලබාදෙනවා. පිරිසිදු ඉගුරු කැබැල්ලක් තලාගෙන එය උණු කරගත් වතුර වීදුරුවකට දමා විනාඩි 5ක් පමණ තබන්න. මෙයට මීපැණි මේස හැන්දක් සහ දෙහි යුෂ ටිකක් එක් කිරීමෙන් එය වඩාත් රසවත් සහ ගුණවත් කරගත හැකියි.

6. උණු වතුර

ඔසප් වේදනාව ඇති කාන්තාවන්ට මත්පැන් පානය කිරීම සුදුසු නැතිබව වෛද්‍යවරුන් පවා නිර්දේශ කරනවා. ඔබට උණු වතුර වීදුරුවක් පානය කල හැකි නම් එයට හැකියාව තිබෙනවා ඔබේ ඔසප් වේදනාව නැති කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 269 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:26 PM
Script:/article/269/menstrual-cramp-home-remedies-for-natural-relief.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:07:27 PM
Script:/article/269/menstrual-cramp-home-remedies-for-natural-relief.html