මැග්නීසියම් (magnesium) අපේ නින්දට උදව් කරන්නේ කොහොමද..

April 13, 2021
5,062
How magnesium help us to have a better sleep
අප අතර සිටින බොහෝ දෙනා නිතර කියන දෙයක් තමයි අනේ මට නින්ද යන්නෙ නැහැනේ.. කොච්චර ට්‍රයි කලත් මට නිදාගන්න බැහැනේ කියලා.. මෙයට පිළියමක් විදියට බොහෝ දෙනා සිතනවා තේ හෝ කෝපි වලින් අපි ගන්න කැෆේන් ප්‍රමාණය අඩු කිරීමෙන් ලේසියෙන් නින්දට යන්න පුළුවන් කියලා.. සමහර වෙලාවට එය එක් එක් පුද්ගලයින්ට සාර්ථක ක්‍රමයක් වෙන්න පුළුවන්.. සමහර වෙලාවට එය එතරම් සාර්ථක නොවෙන්නත් පුළුවන්..

අප එතරම් නොසිතන නින්ද යෑමට උදව් කරන තවත් එක් ජනප්‍රිය ක්‍රමයක් තමයි මැග්නීසියම් අතිරේකයක් ලබා ගැනීම.. මැග්නීසියම් ශරීරයෙ ක්‍රියාකිරීමෙන් අපට වඩාත් සුවදායී නින්දක් ලබා දෙන්න පුළුවන්.

දැන් අපි බලමු කොහොමද මැග්නීසියම් අපිට සුව නින්දක් ලබා දෙන්නෙ කියලා..

ඇත්තටම මොනවද මේ මැග්නීසියම් කියලා කියන්නේ..
*බොහෝ ආහාර වල අඩංගු ලෝකයේ බහුලව භාවිතා වන ඛනිජ වර්ගයක්.
*අපගේ ශරීරයට අත්‍යවශ්‍ය වන අතර ශෛලිය ප්‍රතික්‍රියා 600 කට පමණ හේතු වනවා.
*අපගේ සිරුරේ මොළය හෘදය වස්තුව ආදී සෑම සෛලයකටම ඉන්ද්‍රියකටම මෙම ඛනිජය අවශ්‍ය වනවා.
*අපට නිතර ඇතිවන මලබද්ධය ,ආසාදන, රුධිර පීඩනය අඩු කිරීමට ආධාර වෙනවා.
** ඒ වගේම තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය වෙන නින්ද නොයෑමට ප්‍රතිකාරයක් ලෙසත් මැග්නීසියම් භාවිතා කරන්න පුළුවන්..

අපි හැමෝම දන්න කාරණයක් තමයි අපට සුව නින්දක් ලැබීමට නම් අපගේ ශරීරය සහ අපගේ මනස නිරවුල් විය යුතුයි. මැග්නීසියම් වල ඇති ඛණිජ මගින් අපගේ ශරීරය සහ මොලය සන්සුන් කරනවා. එය අප නින්දට පත් කරන මෙලටොනින් හෝමෝනය ක්‍රියා කර මනස සහ අපේ ශරීරය සංසුන්කර සුව නින්දක් ලබා දීමට උදව් කරනවා. ශරීරයෙහි මැග්නීසියම් ප්‍රමාණය අඩු වුණොත් අපගේ සුව නින්දට බාධා ඇතිවෙන්න පුළුවන්.

දැන් බලමු අපේ ඇඟේ මැග්නීසියම් අඩු වුණත් කොහොමද එය අපිට බලපාන්නේ කියලා..

1. මූලිකම කරුණ තමයි අපේ සුව නින්දට බාධා වීම. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි අපේ ඇඟේ මැග්නීසියම් අඩුවීමත් නින්දට බාධා කරනවා වගේම මැග්නීසියම් වැඩිවීමත් නින්දට බාධා කරනවා කියලා.

2 .ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග තියන අයට බොහෝවිට අපේ සිරුරට ඕනේ කරන ඛනිජ ලවණ අවශෝෂණය කර කරගන්න නොහැකි වෙනවා. ඒ වගේම දියවැඩියා රෝගයට ප්‍රතිකාරයක් වශයෙන් ඉන්සියුලින් ලබා ගන්න පුද්ගලයන්ගේ සහ මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ශරීරය තුළත් මැග්නීසියම් ප්‍රමාණය අඩු කරනවා.

3. බොහෝවිට තරුණ අයට වඩා වැඩිහිටි අය ආහාර ගන්නා ප්‍රමාණය අඩු නිසා ශරීරයට අවශ්‍ය කරන ඛනිජ ලවණ ලැබීමත් අඩු වෙනවා.

සාමාන්‍යයෙන් වැඩිහිටි කාන්තාවක් සඳහා දිනකට මැග්නීසියම් මිලි ග්‍රෑම් 310 - 360 ත් අතර ප්‍රමාණයකුත් වැඩිහිටි පිරිමි පුද්ගලයකු සඳහා මැග්නීසියම් මිලි ග්‍රෑම් 400 - 420 ත් අතර ප්‍රමාණයකුත් ඕනෙ කරනවා. අපි ඔබට කියලා දෙන්නම් කොහොමද ශරීරයට අත්‍යාවශ්‍ය මැග්නීසියම් ලබාගන්නේ කියලා..

ඔබ පානය කරන පිරිසිදු ජලයෙන්..
කොළපාට එළවළු සහ පලතුරු වලින්..
ධාන්‍ය වර්ග, සීරියල්, රටකජු, කජු, ආමන්ඩ් වැනි දෑ මගින්..
මස් මාලු ආහාරයට ගැනීමෙන්..

පර්යේෂකයන්ට අනුව අපේ ඇගේ මැග්නීසියම් ප්‍රමාණය අඩු වැඩි වීම අපගේ නින්ද කෙරෙහි බලපානවා වුණාට නිසි වෛද්‍ය අනුමැතියක් නැතුව අපිට පිටතින් මේ වගේ ඛනිජ වර්ග ශරීරයට ලබා ගන්න බැහැ.. අපිට කරන්න පුළුවන් නිවැරැදිම දේ තමයි ඉහතින් දක්වලා තියෙන පහසු පියවරවල් අනුගමනය කරලා ස්වාභාවිකව මැග්නීසියම් අපේ ශරීරයට ලබාගන්න එක..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1963 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:39:49 AM
Script:/article/1963/how-magnesium-help-us-to-have-a-better-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:39:49 AM
Script:/article/1963/how-magnesium-help-us-to-have-a-better-sleep.html