SARS-CoV-2 එසේ නොමැති නම් හැමෝම දන්න COVID-19 රෝගය පැතිර යෑමත් සමග අපට නිරන්තරව ඇසෙන දෙයක් ලෙස PCR පරීක්ෂණය සහ RAPID පරීක්ෂණය හැඳින්විය හැකියි.
කොරෝනා වෛරසය පරීක්ෂාව සඳහා සිදුකරන මූලික පර්‍යේෂණ දෙකකි.
1. Antigen test ( ප්‍රතිදේහ පර්‍යේෂණය) - රැපිඩ් ඇන්ටිජන් පර්‍යේෂණය මගින් කොරෝනා වෛරසයට විශේෂිත වූ ප්‍රෝටීන් කොටස් හඳුණා ගැනීම සිදුකරනවා. මෙය රෝහලකදි, සායනයක දී වැනි ඕණෑම ස්ථානයකදි කිරීමට හැකි අතර විනාඩි 15ත් 20ත් අතර කාලයකදී ප්‍රථිඵල ලබාගත හැකියි.
2. PCR test (Polymerase Chain Reaction)
කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ “gold standard” ලෙස PCR පරීක්ෂාව හඳුන්වනු ලබනවා. මෙමගින් කොරෝනා වෛරසයට විශේෂිත වූ RNA හඳුනා ගන්නා අතර රෝග ලක්ෂණ නොමැති අයට පවා රෝගය ආසාදනය වී ඇත්දැයි දින කිහිපයක් ඇතුළත හඳුණාගැනීමර හැකියාව තිබෙනවා. පරීක්ෂණය සායනයක, රෝහලක හෝ ඔබේ මෝටර් රථයේ සිටම පවා කල හැකියි. පර්යේශණ පැය 24 ත් 48ත් අතර කාලයකදී ලබාගත හැකියි.
RAPID ඇන්ටිජෙන් පරීක්ෂාවක් සිදුකල යුත්තේ කවුරුන් සඳහාද..?
COVID-19 රෝග ලක්ෂණ ඇති රෝගියෙකු සඳහා RAPID ඇන්ටිජෙන් පරීක්ෂාවක් මගින් ඉක්මන් ප්‍රථිපල ලබාගත හැකි අතර ඇතැම් අවස්ථාවල ප්‍රථිපල නිවැරදි නොවීමටද ඉඩ තිබෙනවා.
FALSE NEGATIVE (ව්‍යාජ සෘණ අනුපාතය) හෝ FALSE POSITIVE (ව්‍යාජ ධන අනුපාතය) ප්‍රථිපල ලෙස හඳුන්වන්නේ කුමක්ද..?
රෝග ලක්ෂණ නොමැති අය තුළ, ව්‍යාජ සෘණ අනුපාතය (FALSE NEGATIVE) - එනම් මගේ RAPID පරීක්ෂණය ඍණාත්මක නමුත් ඇත්ත වශයෙන්ම මට රෝගය තිබේ.. මෙවැනි අවස්ථාවක ඔබට රෝගය ඇති බව 50% තරම් ඉහළ අගයක් විය හැකියි. අපි COVID-19 පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන විට මෙය රෝගය පැතිරීමට දැවැන්ත ප්‍රමාද දෝෂයක්, බාධාවක් වෙනවා.
ව්‍යාජ ධනාත්මක අනුපාතය (FALSE POSITIVE) - ඇතැම් විට මගේ රැපිඩ් ටෙස්ට් එක පොසිටිව් (positive) වුනත් මට රෝගය නොමැති වෙන්න පුලුවන්. නමුත් එවැනි අවස්ථා හරිම අඩුයි. ඉතින් රැපිඩ් ටෙස්ට් (Rapid Test) එකකින් පොසිටිව් (positive) උනොත් බොහෝ දුරටමා හට රෝගය වැළඳී තිබෙනවා.
RAPID ඇන්ටිජෙන් පරීක්ෂාව ඍණාත්මක (NEGATIVE) වුවත් රෝග ලක්ෂණ පවතින්නේ නම් කලයුත්තේ කුමක්ද?
ඔබට RAPID ඇන්ටිජෙන් පරීක්ෂාව සිදුකිරීමෙන් පසුව ඍණාත්මක (NEGATIVE) ප්‍රථිපලයක් ලැබුණත් තව දුරටත් රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබ PCR පරීක්ෂාවක් සිදුකර ගත යුතුයි.. විශේෂයෙන් ඔබ කොරෝනා ආසාදිතයකු සමිපව ආශ්‍රය කලා නම් ( පැය 24ක් ඇතුලත මිනිත්තු 15කට වඩා වැඩි කාලයක් සමීපව සිටියානම් ඉහළ අවධානමක් සහිත ලෙසයි සලකනු ලබන්නේ..)
COVID-19 පැතිරීම වැලැක්වීමට ඔබට ගත හැකි පියවර මොනවාද..?
- සෑම විටම නිවසින් පිටතට යනවිට නියමිත ප්‍රමිතියෙන් යුතු මුව ආවරණයක් පළඳින්න.
- සමාජ දුරස්ථභාවය - අඩි 6 ක් පමණ පවත්වාගන්න.
- අවම වශයෙන් තත්පර 20 ක් සබන්ගා දෑත් පිරිසිදු කරගන්න.
- 60% ක් පමන ඇල්කොහොල් අඩංගු විෂබීක නාශක දියරයක් සෑමවිට ළඟ තබාගන්න.
- දෑත් පිරිසිදු කරගැනීමෙන් තොරව ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න.
- අසනීප අවස්ථාවල නිවසින් පිටතට නොයා සිටින්න.
- කැස්ස හෝ කිවිසුම් යනවිට මුව ආවරණය කරගන්න.
- නිතර ස්පර්ශ වන වස්තූන් සහ මතුපිට මත විෂභීජනාශයකක් මගින් පිස දමන්න.
- ඔබට යම් රෝග ලක්ෂණයක් හෝ රෝගය වැළදී ඇතැයි සැකයක් තිබේනම් සිදුකල යුතු කොරෝනා පරීක්ෂණය පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.
කොවිඩ් 19 රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ
- උණ
- හිසරදය
- ඇඟපත රිදීම
- සීතල /උගුරේ වේදනාව
- හුස්ම ගැනීමේ අපහසුතා
- ඔක්කාරය හෝ වමනය හෝ පාචනය