කාන්තාවක් වීම ගැන ඔබේ හිතේ තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?

February 7, 2018
17,638
What is your feeling of being a woman?
 
මේ ප්‍රශ්නය දකිද්දීම ඔබ කල්පනා කරන්න ගන්නවා ඇත්තටම මම කාන්තාවක් වීම ගැන මම සතුටු වෙනවද? එහෙම නැත්තන් ඒ ගැන හිතේ තියෙන්නේ අකමැත්තක් , දුකක්ද? කියන එක ගැන. පිරිසක් තමන් කාන්තාවක් වීම ගැන ආඩම්බර වෙද්දී තවත් පිරිසකට ඒ ගැන තියෙන්නේ අකමැත්තක්. තවත් පිරිසක් කිව්වට බහුතරක් කාන්තාවන් තුළ මේ කියන අප්‍රසාදය තියෙනවා. කලකිරීම තියෙනවා. කාන්තාවක් කියන්නේ ඉපදුණු දවසේ ඉඳලා ජිවිතයේ අවසානය දක්වා විවිධ දුක් කම් කටොලු, බාධාවන්, වේදනාවන් වලට මුහුණ දෙන චරිතයක්. ඒ දේවල් නිසාවෙන්ම ඔබට හිතෙනවා ඇති ඇයි මම ගැහැණියක් වුනේ කියලා.

ඔව් ළදැරියක්, තරුණියක්, බිරිඳක්, මවක් ආදී වශයෙන් අපි පහු කරන හැම අවධියකදිම අසීමිත දුක් කම් කටොලු වලට මුහුණ දෙනවා තමයි. එත් ඒ හැම අවධියකදිම ඔබ විඳින හැම වේදනාවක්ම අවසානයේ බිහි වන්නත් ශක්තිමත් කාන්තාවක්. ඒ හැම වේදනාවක්ම ඉවසා දරා ගෙන ඔබ ඔබේ ජීවිතයට වගේම තවත් ජිවිත රැසකට එළිය දෙනවා. ගෙදරක පහන වෙන්නේ වෙන කෙනෙක් නෙවෙයි අම්මා කියන කතාව මොන තරම් නම් සාධාරණද කියන එකට අමුතුවෙන් උදාහරණ දෙන්න ඕන වෙන්නේ නැහැ. ඔබට ඔබේ අම්මා දිහා බැලුවොත් ඒක පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙයි.

ඔබේ අම්මට, තාත්තට ඔබ රත්තරන් දියණියක්. දෙමව්පියන්ගේ අගය හඳුනන, ඒ දෙපළට අසීමිතව ආදරය, සෙනෙහස දක්වන දියණියක්. ඕනම ගෙදරක මුලින්ම ඉපදෙන දරුවා දුවෙක් වෙනවා නම් ඒක හරිම වාසනාවක් කියලයි ගොඩක් අය කියන්නේ. ඒ වගේම ගොඩක් අම්මලා, තාත්තලා කියන දෙයක් තමයි "අපි වයසට ගියාම අපිට ගෙදර දොර අරින්න ඉන්නේ අපේ කෙල්ල විතරයි" කියලා. ඒ විශ්වාසවන්ත දියණිය වෙන කෙනෙක් නෙවෙයි ඔබ. අම්මගේ, තාත්තගේ ආදරණිය දුව ඔබ. ඉතින් ඒ ගැන මොන තරම් නම් සතුටු වෙන්න ඕනද. කවදාවත් පුතෙක්ට ඒ වචන ටික අහගන්න බැහැ

ඒ වගේම ඔබ හොඳ සහෝදරියක්. නිකන්ම නිකන් සහෝදරියක් නෙවෙයි විශ්වාසවන්ත සහෝදරියක්. තමන්ගේම සහෝදර සහෝදරියන්ට විතරක් නෙවෙයි හැම කෙනෙක්ටම සහෝදරත්වයෙන් ළං වෙන, දුක වේදනාව හඳුනන, හැඟීම් බෙදා හදා ගත හැකි සහෝදරියක්. ඒ විතරක් නෙවෙයි තවත් අතකින් ඔබ කදිම මිතුරියක්. හැම වෙලාවකදිම මිතුරා හෝ මිතුරියගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අවංක, විශ්වාසවන්ත මිතුරියක්.

විවාහය කියන්නේ කාන්තාවකගේ ජිවිතයේ සිදුවෙන විශාල වෙනස්වීමක්. ඔබට දරන්න වෙන වගකීම් වැඩියි. ඔබට ඉටු කරන්න තියෙන යුතුකම් ප්‍රමාණය වැඩියි. ඔබට උහුලන්න වෙන දුක් කරදර වෙනදටත් වඩා වැඩියි. එත් ඔබ තුළ තියෙන ආත්ම ශක්තිය ඊටත් වඩා වැඩියි. සැමියගේ, දරුවන්ගේ කෙටියෙන්ම කිව්වොත් මුළු පවුලේම වගකීම් කර මත දරන්න තරම් කාන්තා ඔබ ශක්තිමත්, ඒ වගේම ඉවසිලිවන්තයි.

දරු ගැබක් කුස දරාගෙන අසීමිත වේදනාවන්, අපහසුතාවයන්ට මුහුණ දෙමින් ඒ ජිවිතයට උපත දෙන්න තරම් ඔබ ශක්තිමත්. ඒ විතරක් නෙවෙයි එතැන් පටන් ඔබ ඔබේ දරුවන්ට ආදරණිය මවක්, ඔබ තමයි දරුවාගේ මුල්ම ගුරුවරිය. දරුවන්ගේ ආරක්ෂකයා, කෙටියෙන්ම කිව්වොත් ඔබ දරු පැටවුන්ගේ ආදරණිය සෙවනැල්ල කිව්වොත් හරියටම හරි. දරුවන්ගේ ලෝකයේ වීරවරිය ඔබ. ඉතින් ඔබ මොන තරම් වාසනාවන්තද?

ඔබ හොඳ නායිකාවක්, දක්ෂ කලමනාකරණියක්, ගුරුවරියක්, තවත් වෙලාවක වෛද්‍යවරියක්, ඒ වගේම දක්ෂ සුපවේදිනියක්. ඔබ නැති තැන මිනිස් වර්ගයේ පැවැත්මක් පවතින්නේ නැහැ. ඉතින් ඔබ කාන්තාවක් වීම ගැන සතුටු වෙන්න තවත් දේවල් අවශ්‍යද?

විශ්වාස කරන්න, හැම කාන්තාවක්ම රැජිනක්, හැම කාන්තාවක්ම වීරවරියක්. කාන්තාවට කරන්න බැරි දෙයක් නැති තරම්. තමන් ගැන විශ්වාසයක්, කැප වීමක් සහ ධෛර්යයක් තියෙනවා නම ඔබට මුළු ලෝකයම දිනන්න පුළුවන්. කිසිම වෙලාවක ඔබ ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා. කාන්තාව දුර්වල නැහැ.ඒ වගේම ඔබට මුහුණ දෙන්න සිදු වෙන හැම කටුක අත්දැකිමකින්ම තව තවත් ශක්තිමත් වෙන්න. ඒ දේවල් අපේ ජිවිතයට අත්දැකීම් එකතු කරනවා.

අනිවාර්යෙන් ඔබ ඔබවත් බලා ගන්න අමතක කරන්න එපා. ඔබ හොඳින් හිටියොත් තමයි හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙන්නේ. ගෙදර අම්මාට පොඩි හරි අසනීපයක් වුණොත් ගෙදර ඇති වෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැනේ. ඔබේ සුන්දරත්වය රැක ගන්න. මොකද අතීතයේ ඉඳන්ම කාන්තාව තරම් වෙන කිසිම දෙයක සුන්දරත්වයක් වර්ණනා වෙලා නැහැනේ. ඇත්තටම ඔබ කාන්තාවක් වීම ගැන උදම් අනන්න තවත් හේතු ඕනද? හැම ජීවිතයක්ම සුන්දර කරන, සුවඳ කරන අරලිය මලක් ඔබ...

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 653 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:15 AM
Script:/article/653/what-is-your-feeling-of-being-a-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:33:15 AM
Script:/article/653/what-is-your-feeling-of-being-a-woman.html