කෙට්ටු වෙන්න දැඟලුවාට තාමත් මහතද? මෙන්න විසඳුම

October 14, 2019
12,137
Here is the reason if you didn’t loose your weight still
අපි අතර බොහෝවිට කතා බහවෙන වගේම කාලීන අවශ්‍යතාවක් ඇති මාතෘකාවක් තමයි බර අඩු කර ගැනීම කියන්නේ. අද වන විට බර අඩු කර ගැනීම අපි හැමෝගෙම ජීවිත වල ඉලක්කයක් වෙන්න ඕනේ තැනට ඇවිල්ලා. ඔබ කෙට්ටු වෙන්න ගොඩක් දේවල් කරනවා ඇති. නමුත් ඒ කිසිවකින් හිතන තරම් ප්‍රතිපල ලැබුනේ නැද්ද? ඇත්තටම එහෙම වෙන්නේ ඔබ කෙට්ටු වෙන්න හිතාගෙන කරන දේවල් වල තිබෙන වැරදි නිසා. බලන්න ඔබත් මේ වැරදි කරනවද කියලා. අද හැඩකාරී අපි ඔයාට කෙට්ටු වෙන්න දැගලුවාට තාමත් මහතයි නම් ඊට හේතු වෙන කාරණා කියලා දෙනවා.

කොහොමද පටන් ගන්නේ? මහත්තයාගේ බල කිරීමට නෙමෙයි  තමන්ටම හිතෙන්න ඕනේ…  ඔෆිස් එකේ යාළු‍වගෙන් තියෙන කරච්චලේට පටන් ගත්තොත් වැඬේ දිගට අල්ලාගෙන යන්න ටිකක් අමාරුයි. නමුත් එහෙම හේතු උඩ පටන් අරන් පස්සේ තමන්ටම එහි වාසි දැනෙද්දී මේ ගමන දිගට ගිය අයත් ඉන්නවා. කොහොම නමුත් ඔබ පටන් ගන්න ඕනේ කවද්ද කියන එක ඔබ තීරණය කරන්න.

රැට නොකා සිටීම

සමහරු උත්සාහ කරනවා රාත්‍රී ආහාර වේල මඟ ඇරලා තරබාරු බව අඩු කර ගන්න. ඒත් මේ උත්සාහය වැරදෙන අවස්ථා කීපයක් තිබෙනවා. එක අවස්ථාවක් තමයි ඔයාගේම හිත. ඔබේ හිත දන්නවා ඔබ රෑට කන්නේ නෑ කියලා. ඒ නිසා ඔබ දවල්ට වැඩිපුර කන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි හවස් වරුවේ තේ බොන ගමන් තවත් මොනවා හරි කන්න හිතෙනවා. ඒ වගේම තමයි ඊළඟ දවස උදේ වෙද්දී ඔබට හොඳටම බඩගිනි දැනෙනවා. ඉතින් උදේ පාන්දරම ඔබ මේදය පිරුණු කිරි වීදුරුවක් බොන ගමන් බිස්කට් කනවා. ඊට පිලියමක් ලෙස රෑට ඉතා සුළු ආහාරයක් ලබා ගන්න.

පාන් ආහාරයට ගැනීම

සමහරු හිතනවා පාන් පෙති කීපයක් ගැනීම සැහැල්ලු ආහාරයක් කියලා. ඉතින් උදේට හෝ රාත්‍රියට බටර් හෝ හොදි සමඟ පාන් ආහාරයට ගන්නවා. පාන් පිටි වල පිෂ්ඨය අධිකයි. පාන් විතරක් නෙවෙයි, පාන් පිටි වලින් සැකසූ ඉඳි ආප්ප, රොටී, පිට්ටු, ෂෝට්ඊට්ස් වර්ග ආදී කිසිදු ආහාරයක් කෙට්ටු වීමට සිහින දකින අයෙකුට නම් සුදුසු නැහැ.

නිතරම කිරි පානය කිරීම

ලංකාවේ ජිවත් වෙන ගොඩ දෙනෙක් මේ කිරි පානය කිරීමට ඇබ්බැහි වෙලයි ඉන්නේ. කිරි කියන්නේ කැල්සියම් ලබා ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් බව හැමෝම කියනවා. ඒත් ඔබට කැල්සියම් ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය කිරි නෙවෙයි. තරබාරු කෙනෙක්ට පුළුවන් කිරි පානය වෙනුවට කුඩා මාළු, ටින් මාළු පරිභෝජනය කරලා තමන්ගේ කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගන්න. හැම උදෑසනකම සීනි දාපු කිරි එකක් බොන එකෙන් ඔබේ සිරුරට සීනි සහ මේදය එකතු වෙනවා. දිනපතා පානය කරන කිරි වීදුරුව වෙනුවට, ඔබට සීනි නොයෙදූ පලතුරු බීමක් දවසක් ඇර දවසක්වත් පානය කරන්න පුරුදු වෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

කාලා මහත් වෙන එක තරම් ලේසි නැහැ ඇඟ අඩු කර ගන්න එක. ඩයට් කරන අතරතුර, එක දවසක් පරණ විදිහට කෑවොත් ආයෙත් මහත් වෙනවා කියලා දැනුනම සමහරු තමන්ගේ උත්සාහය අත ඇරලා දානවා. එහෙම අධෛර්යමත් නොවී හොඳ ආහාර රටාවකට පුරුදු වෙන්න. මෙය තමයි කෙට්ටු වෙන්න තියෙන ප්‍රධානම මඟ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1421 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:45:43 AM
Script:/article/1421/here-is-the-reason-if-you-didn-t-loose-your-weight-still.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:45:44 AM
Script:/article/1421/here-is-the-reason-if-you-didn-t-loose-your-weight-still.html