සුන්දර රූපයක් උරුම කර දෙන තෙල් සත්කාර

April 23, 2019
15,470
Oils that helps to have a uplift your beauty
සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නත්, සමට පෝෂණය ලබා ගන්නත් වගේම සමේ රෝග වලට සුවදෙන ඖෂධීය ගුණයෙන් යුත් තෙල් වර්ග කිහිපයක් තියෙනවා. වර්තමානය වන විට රුව වර්ධනය කිරීම සඳහාත් තෙල් සත්කාර භාවිතා කරනවා. ලස්සන වෙනවා නම් සම පැහැපත් කරනවා නම්, ඕනෑම දෙයක් කරන්න යුවතියන් කැමති. ඔයාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති වන සුන්දරත්වයේ ගැටලු වලටත් මේ ඖෂධීය තෙල් වර්ග කදිම සත්කාරයක්. අද හැඩකාරී අපි ඔයාට සුන්දරත්වයේ ගැටලු වලට විසඳුම් ගෙන දෙන තෙල් වර්ග කිහිපයක් ගැන කතා කරන්නයි යන්නේ.

එඩරු තෙල්

හිසකෙස් වර්ධනයට සහ ඝන කෙස් කලබක් ලබා ගැනීමට එඩරු තෙල් සත්කාරය වඩාත් යෝගයයි. ස්වාභාවිකව හිස කෙස් කළු කර ගැනිමේ හැකියාව එඩරු තෙල් තුල තියෙනවා. එඩරු තෙල් පොල් තෙල් සමග මිශ්‍ර කර රත් කරන්න. පසුව හිස කෙස් වල අලේප කර හොඳින් සම්භාහනය කරන්න. තවද සිහින්ව ඇති ඇහිබැම ඝනව වර්ධනය කර ගන්නට නම් එඪරු බහුලව භාවිතා කරනවා. තෙල් ස්වල්පයක් ගෙන මෘදුව ආලේප කරන්න. ඇහිබැම සහ ඇහි පිහාටු දිගු හා ඝනව වර්ධනය කර ගන්නටත් එඪරු තෙල් කදිම සත්කාරයක්.

ඔලිව් තෙල්

සමට මනා පෝෂණයක් හිමි වෙනවාසේම මෘදු සම වියළිම ඉරිතැලීම මඟින් සමට වන හානිය වලක්වා ගැනීමට පිළියමක් ලෙස ඔලිව්තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැළීම සඳහාත් මෙය ගුණදායකයි. ඔලිව් තෙල් මුහුණෙහි ආලේප කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කිරීමට හොඳම ප්‍රතිකාරයක් වෙනවා. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණය ද ඔලිව් තෙල් සතුයි.  සම වියපත්වීම පාලනය කිරීමට ඔලිව් තෙල් වල අඩංගු විටමින් සී සමට උපකාර වෙනවා. 

එළඟි තෙල්

දෙපතුල් වලට පෝෂණය  ලබා දෙනවා සහ සම සුමුදු කර ඔයාගේ දෙපතුලට පැහැපත් දීප්තිමත් බවක් ලබා දෙනවා. යටි පතුල් පැලීම නිසා දරා ගන්න බැරි වේදනාවක් දැනෙනවා. යටි පතුල් පැළීම පාලනයට ඖෂධීය එළඟි තෙල් ස්වල්පයක් දෙපතුලේ පැළුණු ස්ථානවල මෘදුව ගල්වා හොඳින් සම්භාහනය කරන්න. යටි පතුල පැළුණු තැන් සුවපත් කිරීම සහ හිරු කිරණ වලින් ආරක්ෂා කර ගැනීමට එළඟි තෙල් වලට හැකියාව තියෙනවා.

පොල් තෙල්

සමේ ඇති වූ රතු පැහැය සහ සම රැළි වැටී ඇති අවස්ථාවලදී ඔයාගේ මොයිස්චරයිසර් ආලේපනය සමඟ පොල්තෙල් ආලේප කරන්න පුළුවන්. සමේ රැළි ගතිය අඩු කරන හෙයින් වයස් ගත බව අඩුවෙන් පෙන්වීමට පොල් තෙල් වලට හැකියාව තියෙනවා. තදින් දහඩිය දාන්නෙ නැති අයෙකු නම් ස්වභාවික පොල් තෙල් ඩියොඩ්‍රන්ට් එක භාවිත කළ හැකියි. අසාත්මිකතාවයන් මතු වූ අවස්ථාවලදීද පොල් තෙල් භාවිතය වඩා යෝගයයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1306 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:10:11 AM
Script:/article/1306/oils-that-helps-to-have-a-uplift-your-beauty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:10:12 AM
Script:/article/1306/oils-that-helps-to-have-a-uplift-your-beauty.html