පරණ කළු කොන්ඩේ දිහා අලුත් විදිහකට බලමුද?

September 2, 2017
22,666
Black Hair
තරුණ වයසේ ඉන්න කෙල්ලෝ විදිහට අපි මාර interested නේ එන එන trend එකේ styles කරන්න. ඒ හින්දා පරණ දේවල් දිහා බලන්නෙම වපර ඇහින්. පරණ දේවල් වලට වඩා හිත යන්නෙම අලුත් දේවල් වලට. කොටින්ම කිවුවොත් පරණ දේවල් පෙන්නන්නම බැරි තරම්. කතාව බොරුද කියලා ඔයාම ඔයාගෙන් ටිකක් අහලා බලන්නකෝ.

හැබැයි ඉතිං අපි පරණ දේවල් අයින් කරලා අලුත් අලුත් දේවල් කරාට කියන්නත් ලැජ්ජයි අපි අලුත් කියලා හිතාගෙන කරලා තියෙන්නේ පරණ දේවල්ම ටිකක් වෙනස් කරලා. බොරුනම් ටිකක් හොයලා බලන්නකෝ ඉස්සර තිබ්බ fashionම නෙවෙයිද අපි ආයේ ආයේ කරන්නේ කියලා.

බලන්නකෝ wedding එකකට party එකකට ගියාම 70, 80 දශකයේ විදිහට ඇදගත්ත කොන්ඩේ හදාගත්ත අය කොච්චර ඉන්නවද කියලා. ඉතින් එහෙනම් ඇයි අපි මේ try කරන්නේ බොරුවට අපේ දේවල් වෙනස් කරගන්න.

ඔයාලා ඇත්තටම කැමති නැද්ද ඔයාලා ඔය හරිම boring කියලා හිතන කළු කොන්ඩේ දිහා ටිකක් අලුත් විදිහකට බලන්න. නිකන් හිතන්නකෝ අපි කලුපාට ඇදුම් සපත්තු වගේ දේවල් වලට කොච්චර කැමතියිද කියලා. Parties වලට යනකොට black dress එකක් ඇදලා ඒකටම හරියන්න accessories දාල make up කරලා යනකොට තියෙන ලස්සන ගැන ආයේ කතා කරලා වැඩක් නෑ නේ. හැබැයි ඉතින් මෙච්චර black වලට කැමති ඔයාලා මොකද මේ කළු කොණ්ඩෙට විතරක් අකමැති?

ඔයාලා පිලිගන්නවා නම් black කියන්නේ මාර fashionable color එකක් කියලා, එහෙනම් ඉතිං කළු කොණ්ඩයක් ලැබෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? ඔයාලත් ready නම් අපිට පුළුවන් ඔයාලා boring කියලා හිතන කළු කොන්ඩේ දිහා ටිකක් අලුත් විදිහකට හිතලා බලන්න.

ඇයි අපේ කොන්ඩේ කළු පාට වෙලා western country වල අයගේ කොන්ඩේ කළු පාට නොවුනේ? අපි ජීවත් වෙන්නේ Asian country එකක. ඉතින් අපේ කොන්ඩේ පාට තීරණය වෙලා තියෙන්නෙ අපේ රටට ගැලපෙන විදිහට. අපි අපේ රටේ හැටියට ගැලපෙන්න ලැබිලා තියෙන කොන්ඩේ එපා කියලා එකේ පාට වෙනස් කරගෙන වෙන රටක අය වගේ වෙන්න උත්සහ කරාට මතක තියාගන්න වෙනවා ජීවත් වෙන්න වෙන්නේ නම් මේ රටේම තමයි. ඒ නිසා නිකන් බොරුවට සල්ලි වියදම් කරලා ලැබිලා තියෙන වටින කළු කොන්ඩේ වෙනස් කරගන්න කලින් දෙපාරක් හිතලා බලන්න.

ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් ඔයාගේ කළු කොන්ඩේ enjoy කරන්න, ඇත්තටම ඔයාට ආස හිතෙයි. එතකොට ඔයාලටම තේරෙයි කොන්ඩේ color කරලා වෙනස් කර ගන්නවට වඩා තියෙන කළු කොන්ඩේ හොඳට බලාගන්න එක කොච්චර හොඳයිද කියලා. ඒ වගේම තමයි අපේ කළු කොන්ඩේ තවත් ලස්සනට පෙන්න නම් කොන්ඩේ හොඳ shine එකකුත් තියෙන්න ඕනේ. මොකද කළු කොණ්ඩයක් ඇත්තටම ගොඩක් ලස්සනයි හොඳ shine එකකුත් තියෙනවා නම්. ඉතිං අපිට ලැබිලා තියෙන කොන්ඩේ හොඳට බලාගත්තා නම් ඔයාටත් පුළුවන් පහසුවෙන්ම හැමෝම අතර කැපී පෙනෙන කෙනෙක් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 396 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:25 AM
Script:/article/396/black-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:25 AM
Script:/article/396/black-hair.html