අලුත උපන් දරුවෙක් බලන්න යද්දි මේ ගැන හිතන්න

November 7, 2018
12,306
Consider these before going to see a new born baby
සාමාන්‍යයෙන් දන්න අඳුරන ගෙදරක අලුතෙන් දරුවෙක් ඉපදුනාම බලන්න යන එක සිරිතක් තමයි. ඒ වුනත් ඒ සිරිත් විරිත් කෙසේ වෙතත් දරුවෙක් බලන්න යනකොට අනිවාර්යෙන්ම ඔබ හිතන්න ඕන දේවල් කිහිපයක්ම තියෙනවා. ඒ දේවල්වලින් ඔයාට මහාලොකු පාඩුවක් නොවුනත් ඔයා ආදරෙන් බලන්න යන අම්මටයි දරුවාටයි නම් ඒක හානියක් වෙන්න පුළුවන්. මුලින්ම ඔය ගමන යන්න කලින් ගමන ටිකක් කල් දාන්න. ඇයි අපි එහෙම කියන්නෙ කියල හිතුවද? එහෙම කියන්නෙ උපන්න ගමන්ම දරුවෙකුගේ ප්‍රතිශක්තිය හීන නිසායි. ලේසියෙන්ම ලෙඩක් දුකක් වැළඳෙන්න පුළුවන්. වැඩිහිටි අපේ ශරීරයට හානියක් කරන්න අපහසු විෂබීජ සහ බැක්ටීරියා උවමනාතරම් අපේ අතපයේ ගැවසෙනවා. ඉතිං අපි ගිහින් ඉපදුනු අලුත පොඩි එකෙක් වඩාගත්තම ඒ දරුවා අසනීප වීමේ ඉඩ කඩ තියෙනවා. විශේෂයෙන්ම ඔයා අසනීපයකින් පෙලෙනවානම් කීයටවත් ඒ ගමන යන්න එපා.

විශේෂයෙන්ම හිතන්න ඕන කරන අනිත් කාරණේ තමයි කතා කරන්නෙ මොනවද කියන එක. දරුවෙක් බිහි කිරීම වේදනා ගෙන දෙන දෙයක්. අම්මෙකුගෙ ආදරේ නිසාම ඒක අම්මෙකුට වේදනාවක් කියලා නොදැනුනත් ඇය සිටින වේදනාව සහ ඇයට මගහැරුනු
දේවල් ඇයවත් කුඩා බිලින්දාවත් බලන්න යන අය දැනගන්න උවමනායි. ඇයට ආසා කරන කෑමක් වසරකින් පමණ කන්නට ලැබී නැතුවා වෙන්නට පුළුවන්, නිදහසේ ගමනක් බිමනක් යන්නට නොවුනා වෙන්නට පුළුවන්, ඒ වගේම ඇය ගැබිනි කාලයෙන් පසු මවුවරුන් මුහුණ දෙන විෂාදය තත්ත්වයකට මුහුණ දෙනවා වෙන්නට පුළුවන්. ඔය නිසාම අම්මයි දරුවයි බලන්න ගියාම කටට එන හැම දේම කියන්න කලින් දෙපාරක් හිතන්න.

මට නං දරුවො හම්බෙද්දි ඔච්චර අමාරු වුනේ නෑ, පිටි කිරි දුන්නොත් මොකද? දරුවා කෙට්ටුයි ව​ගේ නේද? දරුවා අම්මයි තාත්තයි දෙන්නම වගේ නෙමෙයිද කොහෙද වගේ ඔබට අදාළත් නැති, දරුවාටවත් අම්මාටවත් ප්‍රයෝජනයක් නැති කිසිවක් කියන්නට එපා. දරුවා කවුරුන් හෝ වගේ වීම දරුවාගේ අනාගතයට කිසිඳු බලපෑමක් කරන්නේ නැහැ. ඒවගේම කිරි පිටි දීම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් පමණක් සිදුවිය යුත්තක්. පස්සෙ කාලෙක අසාමාන්‍ය ලෙස මහත්වීම, සෙම තත්ත්තව ඇතිවීම වැනි අවස්ථාවලට පවා අනවශය ලෙස පිටි කිරි දරුවාට ලබා දීම දිග්ගැස්සෙන්න පුළුවන්. ඒ නිසා එය මවගේ අපහසුතාවයක් මත තේරුම් ගෙන වෛද්‍ය නිර්දේශයකින් පමණක් සිදුවිය යුත්තක්. ඒවගේම තමුන්ගෙ කාලය හා වටපිටාව සමග ඒ ගෙදර තත්ත්වය විමසන්න එපා. ඔබට දරුවා ලැබෙන විට උදවුවට බොහෝ අය සිටිය විය හැකියි. නමුත් සැමියා රැකියාවට යන නිසා ඇය මේ සියල්ල තනිව කරගන්නවා විය හැකියි. ඒ නිසා ගෙදර දොර අඩුපාඩු, ඇය ඇයගේ පහසුව වෙනුවෙන් භාවිතා කරන ළමා ඩයපර්ස් ගැන ප්‍රශ්න කරන්නට එපා. එය ඇයගේ හිත් රිදීමකට හේතුවක් වෙන්නට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1154 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:07:41 AM
Script:/article/1154/consider-these-before-going-to-see-a-new-born-baby.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:07:42 AM
Script:/article/1154/consider-these-before-going-to-see-a-new-born-baby.html