අවුරුදු 100ක් එහා ඉදන් අපිට දෙන උපදෙස්

August 16, 2017
7,884
Tips from 100 Years Ago
අපේ ජීවිතය කවදා පටන් අරගෙන කවදා අවසාන වෙයිද කියලා හරියටම කියන්න අපි කාටවත්ම බෑ. ඒ තරමටම අපේ ජීවිතය අවිනිශ්චිතයි. නමුත් අපි ගත කරන ජීවිතය ලස්සන කර ගන්න අපිට පුළුවන්. මේ ලෝකයට ඇවිත්, අපි මොනවා කලත් යන්න වුනහම යන්න වෙනවා. අපිට උවමනාව තිබුනත් ඉන්න බෑ. ඒක තමයි මේ ලෝකයේ හැටි.

ඔබ කොපමණ කාලයක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද? අවුරුදු 50ක්? 60ක්? 70ක්? නැත්නම් ඊටත් වඩා වැඩියෙන්?

ඔබේ බලාපොරොත්තුව මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම වුනත්, අද ඔබ ගත කරන ජීවිතය ගත කරන්න ඕනේ කොහොමද කියලා, වයස අවුරුදු 100කට වඩා දිවි ගෙවපු වැඩිහිටියන් පිරිසක් උපදෙස් මාලාවක් එවලා තියෙනවා. කියවලා බලන්න. ඇත්තටම මේ දේවල් වලින් ඔබට ඔබගේ ජීවිතය අද ගත කරනවාට වඩා සතුටින් ගත කරන්න පුළුවන් නේද කියල.

01. කැලැන්ඩරයට අනුව දින ගත කරන්න එපා. තමන්ගේ ජිවිතයට ලැබෙන හැම දවසක්ම හිත සතුටින් සමරන්න.

02. ඔබේ ජීවිතයේදී යම් කෙනෙක්ට අකමැත්තක්, වෛරයක් තියෙනවානම් එක ඔබේ හිතේ විතරක් තියා ගන්න. වෙන කාටවත්ම කියන්න එපා.

03. ඔබේ ජීවිතය අන් අය එක්ක සංසන්දනය කරන එක වලක්වන්න. මිනිස්සු විදිහට අපි කවදාවත්ම අපි ගත කරන ජීවිතය ගැන සැහීමකට පත් වෙන්නේ නෑ. ඔබටම කිව්වා වගේ නේද? අපි හැමෝම මෙහෙම තමයි.

04. හැමවිටම ඔබේ අභිමානය රැකගන්න. ඒ වගේම කිසිම වෙලාවකදී කඩා වැටෙන්න එපා. ඔබේ ජීවිතය ජය ගන්න ශක්තිය තියෙන්නේ ඔබටම පමණයි.

05. ජීවිතය කියන්නේ හරිම විනෝදකාමී දෙයක්. ලැබෙන දෙයින් සංතෘප්ත වෙන්න. හැම වෙලේම සතුටින් ඉන්න වෙන්නේ නෑ ඔබට.

06. අපි හැමෝම මිනිස්සු, ඒක නිසා හැමෝටම ආදරය කරන්න.

07. හැම වෙලේම ධනාත්මකව සිතන්න. මට බෑ, මම හොඳ මදි, මම ලස්සන නෑ කියලා රිනාත්මකව හිතන එකෙන් කිසි වැඩක් වෙන්නේ නෑ. ජීවිතයට හැම වෙලාවකදීම සිනහවෙන් මුහුණ දෙන්න.

08. වේදනාවක් දැනෙන එක හරිම අමුතුයි. ඒක මගහරවා ගන්න අපිට කරන්න තියෙන්නේ, විනෝදයෙන් කාලය ගත කරන එකයි.

09. ලොකු බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්න, මහා ලොකුවට ගෙවල් හදන්න, සැප වාහන පස්සේ යන්නම ජීවිතය නාස්ති කර ගන්න එපා. මොකද මේ කිසිම දෙයක් යනකොට අරගෙන යන්න බෑ.

10. හෙටක් නෑ කියලා හිතලා අද දවස හරිම සතුටින් ගත කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 373 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:01:51 AM
Script:/article/373/tips-from-100-years-ago.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:01:51 AM
Script:/article/373/tips-from-100-years-ago.html