හිස්සොරි නිසා හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්නේ කෙසේද?

January 12, 2022
21,363
How to avoid hair loss from dandruff
හිස්සොරි නිසා හිසකෙස් ගැලවී යනවද?

හිස්සොරි කියන්නේ හිසමත පොතු ලෙස සම ගැලවීයාමේ තත්ත්වයක්. මෙය සුදු පැහැති කුඩු ලෙස අපේ හිසෙහි, උරහිස මත දකින්න පුලුවන්.

බොහෝ දෙනා හිස කෙස් ගැලවී යාමට හිස්සොරි හේතු වෙනවා කියල කියනවා. ඇත්තටම මේ කාරණාව ඇත්ත ද?

ඇත්තෙන්ම බොහෝ අවස්ථාවලදී හිස්සොරි හිසකෙස් ගැලවීමට හේතුවෙන්නෙ නැහැ. ඒත් හිස්සොරි නිසා ඇතිවෙන කැසීම හේතුවෙන් රෝම කූප වලට හානි වෙන්න පුලුවන්. ඒ හේතුවෙන් හිස කෙස් ගැලවී යාම සිදු වෙනවා.

බලමු හිස්සොරි නිසා හිසකෙස් ගැලවී යාම වලක්ව ගන්න මොනවද කරන්න පුලුවන් කියලා..

හිස්සොරි නිසා හිසකෙස් ගැලවෙන එක නතර කරගන්න නම් ඉස්සෙලම හිස කසන එක නතර කරගන්න ඕනේ. එමගින් ඔයාගේ රෝම කූප වලට වෙන හානිය වල්ක්වගන්න පුලුවන්.

ඔයාට හිස්සොරි ඇතිවෙන්න හේතුව හොයාගන්න..

හිස්සොරි ඇති වෙන්න හේතු කීපයක් තියෙනවා.. හිස සෝදන එකේ ඉඳලා සමේ රෝග දක්වා මේ හේතු දිවෙනවා.. හේතුව ඔයාටම නිර්නය කරගන්න බැරි නම් සමේ රෝග පිළිබඳ විශේඥයෙක් හමු වී හේතුව හොයාගන්න එක වැදගත්.

ඔබ හිස සෝදන වාර ගනන වැඩිද නැති නම් අඩුද කියා ඔවුන්ට පරීක්ෂා කිරීමකින් සොයා ගන්න පුලුවන්. ඒ වගේම සමේ මේ පහතින් දැක්වෙන වගේ ගැටළුවක් තියෙනවා ද කියලත් ඔවුන්ට සොයා ගන්න පුලුවන් වෙනවා;

* වියලි සම

මෙහි ප්‍රතිඵලය වන්නේ හිස මත සම සාමාන්‍යයෙන් රතු පැහැයෙන් හෝ නැති නම් කුඩා පෙති ලෙස දකින්න ලැබෙනවා.. ඒ අසල දැවිල්ල ඇති වෙන්නත් පුලුවන්.

* සෙබෝර්හයික් ඩර්මැටිටිස් (Seborrheic dermatitis)

මෙම තත්වය බොහෝ විට රතු, කොරපොතු සහ එවැනි පෙනුමෙන් ඇතිවන අතර කැසීම ඇති කරයි. තෙල් සහිතයි. එහි ප්‍රතිඵලයක් ලෙස සම මත පෙති, සුදු හෝ කහ ලෙස දකින්න පුලුවන්.

*මලසේසියා

Malassezia කියන්නේ බොහෝ දෙනාගේ හිස මත ඇතිවන දිලීරයක්. මේ දිලීරය හේතුවෙන් හිස මත සම් සෛල ඇතිවෙනවා. මේ සෛල මැරුනම, ඒ මැරුණු සෛල හිස මත හිස්සොරි ඇති කරන්න හේතු වෙනවා.

* කන්ටැක්ට් ඩර්මැටිසිස් (Contact dermatitis)

ඇතැම් ෂැම්පූ, හිස්කෙස් වර්ණගන්වන ඩයි වල ඇති රසායන ද්‍රව්‍ය නිසා ඇතැමුන්ගේ හිසෙහි සම රතු පැහැ ගැන්වී, කොරපුතු ලෙස ඇති වෙනවා.

දැන් ඔබට හිස්සොරි ඇතිවීමට මූලික හේතුව සොයා ගත් පසු, ඔබට එය වඩාත් ඵලදායී ලෙස ප්‍රතිකාර කරන්න පුලුවන්..


ඖෂධීය ෂැම්පු භාවිතා කරන්න

ඔබ දැනටමත් හිස්සොරි සඳහා නිපදවූ ඖෂධීය ෂැම්පූ වර්ගයක් භාවිතා කරන්නේ නැති නම් පහත් අමුද්‍රව්‍ය අඩංගු ඖෂධීය ෂැම්පූ වර්ගයක් භාවිත කළ හැකියි.

pyrinthione zinc
salicylic acid
ketoconazole
selenium sulfide
හිස්සොරි තදින් නැති නම් මේ ෂැම්පූ වර්ගයක් සති කිහිපයක් භාවිතා කිරීම ප්‍රමාණවත්.


හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරගන්න

සමේ ගැටළුවක් තිබුනත් නැතත් හිස් කබලේ තතමනය රැකගැනීම වැදගත්. විශේෂයෙන්ම ඖෂධීය ෂැම්පූ වර්ගයක් භාවිතා කරන විට හිස්කබල වියළි වීමේ ප්‍රවනතාවය වැඩියි. ඒ නිසා හොඳ කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරන්න වගබලා ගන්න.

අමතර ප්‍රථිලාබ සඳහා, පොල් තෙල් වලින් හිස සම්බාහනය කරන්න. පොල් තෙල් වලින් හිසේ තෙතමනය ආරක්ෂා වනවා පමණක් නොවෙයි, හිස් කබලේ ඇති වන දිලීර ප්‍රශ්න සඳහාත් පිළිතුරක් වෙනවා. නමුත් උවමනාවට වඩා තෙල් භාවිතා කිරීමත් හිස් කබලට හොඳ නැති බව මතකයේ තබා ගන්න.


හානිකර නිෂ්පාදන වලින් වලකින්න

ඩයි වර්ග සහ අනෙකුත් හිසකෙස් නිෂ්පාදන වල බොහෝ විට සංවේදී සම කුපිත කරන අමුද්‍රව්‍ය අඩංගු වෙනවා. මේවා කන්ටෑක්ට් ඩර්මටිටිස් (contact dermatitis) සමේ රෝගය ඇති ඇති කරන්න හේතු වෙනවා. කල් තබා ගැනීමට එකතු කරන ද්‍රව්‍ය සහ සුවඳ ගැන්වීමට එකතු කරන ද්‍රව්‍ය ද ඔබේ හිස්කබලේ contact dermatitis සමේ රෝගය ඇතිවීමට පොදු හේතුවක්.

සම කෝප වීමට හිසකෙස් නිෂ්පාදනවල තිබිය හැකි හැකි අමුද්‍රව්‍ය කීපයක්;

- ස්වභාවික හෝ රසායනික සුවඳ ගන්වන ද්‍රව්‍ය
- බ්ලීච්
- ඩිටර්ජන්ට්
- ෆෝමැල්ඩිහයිඩ්

ඔබ කාලයක් තිස්සේ ඔබ විශ්වාස කරන එකම නිශ්පාදනය භාවිතා කරනවා වෙන්න පුලුවන්. ඔබට ඒවායින් මෙතෙක් කිසිදු හානික සිදු නොවුනා වෙන්නත් පුලුවන්. නමුත් කිසිදු හේතුවක් නිසා හෝ හිස්සොරි ඇති වුවහොත් ඒ ගැන පියවර ගැනීම වැදගත්.


ආතතිය කළමනාකරණය කරගන්න

ආතතිය කෙලින්ම හිස්සොරි ඇති නොකරන නමුත්, එයට කාලයත් සමඟ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්න පුලුවන්. මෙමගින් ඔබේ හිස්කබල ස්වභාවිකව ඇතිවන malassezia දිලීරයට වඩාත් සංවේදී විය හැකියි..

යෝග ව්‍යායාම හෝ භාවනාව වැනි මනස ලිහිල් කිරීමේ ක්‍රම පුරුදු කිරීමෙන් ඔබේ ආතතිය කළමනාකරණය කරන්න උත්සාහ කරන්න. දවසකට පොඩි වෙලාවක් පාරේ පොඩ්ඩක් ඇවිදින්න. විනාඩියක් හෝ දෙකක් සිහියෙන් යුතුව හුස්ම ඉහල පහල ගැනීම පවා ආතතිය දුරලීමට උදවු වෙනවා..


හිරු එළියට පොඩ්ඩක් යන්න

හිස්සොරි පාලනයට හිරු එළිය පොඩ්ඩක් උදවු වෙන බව පරීක්ෂනයකින් සොයාගෙන තියෙනවා. නමුත් තද හිරු එළියට යනවා නම් තොප්පිය සහ සන්ස්ක්‍රීන් අමතක කරන්න එපා.


ඉතින් අපි මුලදී පැවසුවා මෙන්ම ඔබට හිස්සොරි හැදෙන්න හේතුව ඔබ සොයා ගැනීම වැදගත්. එය ඔබටම නිරාකරනය කරගන්න බැරි නම් වෛද්‍යවරයෙක් මුණගැසීම ඉතාම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2123 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:53:18 PM
Script:/article/2123/how-to-avoid-hair-loss-from-dandruff.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:53:18 PM
Script:/article/2123/how-to-avoid-hair-loss-from-dandruff.html