ආතතිය සහ කාංසාව සමනය කිරීමට සරල ටිප්ස්

December 19, 2019
6,901
Easy tips to avoid stress
වර්තමානයේ මානසික ආතතිය හා කාංසාව බොහෝ අයට පොදු අත්දැකීමක්. ඇත්ත වශයෙන්ම වැඩිහිටියන්ගෙන් 70% ක් පවසන්නේ දිනපතා මානසික ආතතිය හෝ කාංසාව දැනෙන බවයි. අද හැඩකාරී අපි ඔයාට ආතතිය සහ කාංසාව සමනය කිරීම සඳහා සරල ටිප්ස්  කිහිපයක් ගැන මේ ලිපියෙන් කියලා දෙනවා.

මානසික ආතතිය යනු මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීමකි. ඔබ මානසික පීඩනයක් යටතේ හෝ චිත්තාවේගයකින් කටයුතු කරන විට මානසික ආතතිය ඇතිවේ. 

1. ව්‍යායාම කරන්න

මානසික ආතතියට එරෙහිව සටන් කිරීම සඳහා ඔබට කළ හැකි වැදගත්ම දේ ව්‍යායාමයි. එහි පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබුණත්, ව්‍යායාම මගින් ඔයාගේ ශරීරයට ශාරීරික ආතතියෙන් මානසික ආතතිය දුරු කළ හැකියි. ඔබ නිතිපතා ව්‍යායාම කරන විට ලැබෙන ප්‍රතිලාභ ප්‍රබල වේ. නිතිපතා ව්‍යායාම කරන පුද්ගලයින් ව්‍යායාම නොකරන අයට සාපේක්ෂව කාංසාව අත්විඳීමේ අවදානම අඩුය. මේ පිටුපස හේතු කිහිපයක් තිබෙනවා. එනම්,

ව්‍යායාම මගින්,
  - ඔබේ ශරීරයේ ආතති හෝමෝන දිගු කාලීනව අඩු කරනවා 

  - ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීම සහ ස්වාභාවික වේදනා නාශක ලෙස ක්‍රියා කරන රසායනික ද්‍රවය මුදා හැරීමට ද එය උපකාරී වෙනවා

  - නින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කළ හැකි අතර එය මානසික ආතතිය හා කාංසාව කෙරෙහි ඍණාත්මක ලෙස බලපායි

  - නිතිපතා ව්‍යායාම කරන විට, ඔබේ ශරීරය කෙරෙහි ඔබට විශ්වාසයක් ඇති විය හැකි අතර එමඟින් මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය වේ

2. සුවඳැති ඉටිපන්දමක් පත්තු කරන්න

සුවඳැති ඉටිපන්දමක් පත්තු කිරීම මගින් ඔබේ ආතතිය හා කාංසාව පිළිබඳ හැඟීම් අඩු ක‍ර ගැනීමට උපකාරී වේ. සමහර සුවඳ වර්ග විශේෂයෙන් මනස සන්සුන් කරන ගුණයෙන් යුක්තයි . වඩාත් සන්සුන් සුවඳ කිහිපයක් තමයි ලැවෙන්ඩර්, රෝස්, සඳුන්, දොඩම් මල සහ කැමොමයිල්. 

ඔබේ මනෝභාවයට ප්‍රතිකාර කිරීම සඳහා සුවඳ භාවිතා කිරීම aromatherapy ලෙස හැඳින්වේ. aromatherapy මගින් කාංසාව අඩු කර නින්ද වැඩි දියුණු කළ හැකි බව පරීක්ෂණ වලින් හෙළි වේ.

3. කැෆේන් ප්‍රමාණය අඩු කරන්න

කැෆේන් යනු කෝපි, තේ, චොකලට් සහ ශක්තිජනක බීම වල අඩංගු උත්තේජකයක්. මේවාට අධික මාත්‍රාවකින් කාංසාව වැඩි කළ හැකියි. ඔබට කොපමණ කැෆේන් ප්‍රමාණයක් දරාගත හැකිද යන්න පිළිබඳව විවිධ සීමාවන් තියෙනවා. කැෆේන් වල ඔබව ව්‍යාකූල හෝ කණස්සල්ලට පත් කිරීමට වැඩි වැඩි හැකියාවක පවතිනවා. කෝපි මධ්‍යස්ථව පානය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න විය හැකි නමුත් එය සෑම කෙනෙකුටම අදාල නොවේ. පොදුවේ ගත් කල, දිනකට කෝප්ප පහක් හෝ ඊට අඩු ප්‍රමාණයක් මධ්‍යස්ථ ප්‍රමාණයක් ලෙස සැලකේ.

4. ලියන්න

ආතතිය පාලනය කළ හැකි තවත් ක්‍රමයක් ලෙස ලිවීම හැඳින්විය හැක. ඔබේ ජීවිතයේ ධනාත්මක දේ කෙරෙහි ඔබේ සිතුවිලි යොමු කිරීම මානසික ආතතිය හා කාංසාව දුරු කිරීමට උපකාරී වෙනව. දිනපොතක් පාවිච්චි කරන්න. 

5. චුයින්ගම්  

පහසු සහ ඉක්මන් ආතතිය දුරු කරන්නක් විදියට චුයින්ගම් හඳුන්වන්න පුළුවන්. චුයින්ගම් හපන පුද්ගලයින්ට යහපැවැත්ම සහ අඩු ආතතිය පිළිබඳ වැඩි හැඟීමක් ඇති වේ. එලෙසම මේ ක්‍රියාවලියෙන් ඔබේ මොළයට රුධිර ප්‍රවාහනය ප්‍රවර්ධනය කරනවා.

6. මිතුරන් හා පවුලේ අය සමඟ කාලය ගත කරන්න

මිතුරන්ගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන සමාජ සහයෝගය මගින් ඔබට පීඩාකාරී අවස්ථා වලින් මිදීමට උපකාරයක් වෙනවා. විශේෂයෙන් කාන්තාවන් සඳහා මිතුරන් හා දරුවන් සමඟ කාලය ගත කිරීම නිසා ස්වාභාවිකව ආතතිය දුරු කරන ඔක්සිටයින් හෝමෝනය නිපදවනවා. ස්ත්‍රීන් හා පුරුෂයන් දෙදෙනාම මිත්‍රත්වයෙන් ප්‍රයෝජන ලබන බව මතක තබා ගන්න. පරීක්ෂණ මගින් සොයාගෙන ඇත්තේ අඩු සමාජ සම්බන්ධතා ඇති පිරිමින් සහ කාන්තාවන් මානසික අවපීඩනයෙන් හා කාංසාවෙන් පෙළෙන බවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1492 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:21:27 PM
Script:/article/1492/easy-tips-to-avoid-stress.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:21:28 PM
Script:/article/1492/easy-tips-to-avoid-stress.html