දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට ගත්තොත් ඔබගේ ශරීරයට අත්වන ප්‍රතිලාභ ගැන ඔබ දන්නවාද?

November 9, 2021
8,639
See what happens to your body if you start eating a cucumber every day
බොහෝ දෙනාට පිපිඤ්ඤා යනු එතරම් රසයක් නොමැති ජලය වැඩිපුර අඩංගු ආහාරයක් පමණයි.. බොහෝ දෙනා එය එළවලුවක් ලෙස සැලකුවත් ඇත්ත වශයෙන්ම පිපිඤ්ඤා යනු පළතුරක් වන අතර ඊට අමතරව එය පෝශණයෙන් පිරී ඇත. මේදය රහිත ඉතා අඩු කැලරි දර්ශකයක් සහිත පිපිඤ්ඤාවල ජලය බහුලව අඩංගු වන බැවින් සිරැර වියළීමෙන් තොරව පවත්වා ගැනීමටත් බර අඩුකර ගැනීමටත් උපකාරි වනවා. එමෙන්ම පිළිකා රෝග, දියවැඩියාව සහ හෘද රෝගවලින් පවා යම් ආරක්ෂාවක් ලබාදීමට එයට හැකියි..

දිනපතා පිපිඤ්ඤා ගෙඩියක් ආහාරයට එක්කර ගැනිමෙන් ඔබගේ ශරීරයට ලැබෙන ධනාත්මක ප්‍රතිලාභයන් දැනගැනීමට කියවන්න..

ලෙඩ රෝග වලින් ආරක්ෂාව
ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අඩංගු බැවින් පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඔක්සිකාරක හානි වළක්වා ගත හැකියි. එමෙන්ම දිනපතා ආහාරයට ගැනීමෙන් ප්‍රබල ෆ්ලේවනොයිඩ් සහ ටැනින් ප්‍රභේදය ඉහළ නැංවීම සිදුවනවා. හෘද හා පෙනහළු ගැටළු, පිළිකා සහ ස්වයං ප්‍රතිශක්තිකරණ ආශ්‍රිත රෝග වලින් ආරක්ෂාව සලසනු ලබනවා.

සිරැර සජලීයව තැබීම
දිනකට ජලය වීදුරු 8ක් පානය කල යුතු බව දැන සිටියත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බොහෝ දෙනාට නොහැකි වනවා.. නමුත් ජලය යනු ශාරිරයේ උෂ්ණත්වය නියාමනය, පරිවෘත්තීය ක්‍රියා, භෞතිකක්‍රියා සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී අත්‍යවශ්‍ය ක්‍රියාවලීන් සඳහා බලපානු ලබන ප්‍රධාන සාධකයකි. එමනිසා ජලය පානය කිරීම ගැටළුවක් නම් පිපිඤ්ඤා වැනි ජලය බහුල ආහාර ගැනීමෙන් දෛනික ජල අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා.. පිපිඤ්ඤාවල 96%ක් පමණ ජලය අන්තර්ගත වනවා. විශේෂයෙන් අධ්‍යනයන් මගින් හෙළිව ඇති ආකාරයට දෛනික ජල අවශ්‍යතාව‍යෙන් 40%ක් පමණ එළවලු සහ පළතුරු ආහාරයට ගැනීමෙන් සපුරා ගත හැකියි.

සිරැරේ බර අඩුකිරීම
පිපිඤ්ඤාවල කැලරි ප්‍රමාණය අඩු වුවත් එහි තන්තු බහුලව අඩංගු වන බැවින් කාබොහයිඩ්‍රේට් ආහාරයට ගැනීමෙන් තොරව ආහාර වේලෙහි පරිපුර්ණ බවක් ගෙන දෙනවා. ඔබ දිනකට මේදය අඩංගු ආහාර නොමැතිව පිපිඤ්ඤා පමණක් ආහාරයට ගන්නේ නම් කැලරි 45ක් පමණ සහ ප්‍රෝටීන්, විටමින් C, විටමින් K, මැග්නීසියම්, පොටෑසියම් සහ මැංගනීස් වැනි අත්‍යවශ්‍ය පෝශ්‍ය පදාර්ථ රාශියක් ලබාගනු ලබනවා. අධ්‍යයනවලින් පෙන්වා දෙන ආකාරයට ජලය බහුලව අඩංගු ආහාර ගැනීම මගින් ශරීර ස්කන්ධය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගත හැකි බවයි.

රුධිරයේ සීනි අඩුකිරීමට සහය වීම
සිරැරේ සීනි මට්ටම පාලනය නොකිරීම දියවැඩියා රෝගය සඳහා හේතුවන අතර දැනටමත් දියවැඩියා රෝගයෙන් පීඩා නොවිදින පුද්ගලයකුට වුවත් දියවැඩියාව ඇතිවීමේ අවධානම ඉහළ නංවනු ලබනවා. පරීක්ෂණ වලින් පෙන්වා දෙන ආකාරයට පිපිඤ්ඤා වලට රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට සහ දියවැඩියාවෙන් ආරක්ෂාවක් ලබාදීමට හැකියාව ලබාදෙනවා.

මලබද්ධය වැළකීම
ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම, ආහාර තෝරා ගැනීමේ ගැටළු, මානසික ආතතිය වැනි කරුණු මලබද්ධය ඇතිවීමට හේතු වනවා.. පිපිඤ්ඤා වල විශේෂ පෙක්ටීන් නම් දියරමය තන්තු අඩංගු වන අතර දිනපතා ආහාරයට ගැනීමෙන් බඩවැල් මාංශ පේශිවල චලනය වේගවත් කරන අතර ආහාර දිරවීමට සහාය වනවා. එමගින් දිනපතා මලපහ පිට කිරීමත් මලපහ මෘදු කිරීමත් සහ, පිටවීමත් පහසු කරනවා.

ලංකාවේ අපට පහසුවෙන් සහ අඩු මිලකට මිලදී ගත හැකි පිපිඤ්ඤා සලාද, යුෂ, ස්මූති හෝ සුප්, ව්‍ය‍යංජන ආදි කිහිප ආකාරයකට ආහාරයට එක්කර ගත හැකියි. දීප්තිමත් සමක් සහ නිසි බර මට්ටමක් තබාගැනීමට උත්සාහ කරන ඔබට පිපිඤ්ඤා යනු ඉතා හොඳ පිළියමක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed