තන්තුමය ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබගේ උදරයේ තැන්පත් වී ඇති මේදය ඉවත්කර ගැනීමට හැකි බව ඔබ දන්නවාද?

April 23, 2022
7,413
fiber food help to reduce bally fat
උදරයේ තැන්පත් වී ඇති මේදය ඔබගේ සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර බව ඔබ දන්නවාද? ඒ වගේම එය හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව සහ වෙනත් රෝග ඇතිවීමේ අවධානම ඉහළ නංවනවා.. එමනිසා උදරයේ තැන්පත් වී ඇති මේදය ඉවත්කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් කරුණක්..

එසේනම් උදරයේ මේදය ඉවත් කරගන්නේ කෙසේද?

උදරයේ තැන්පත් වී ඇති මේදය ඉවත් කිරීම සම්බන්ධයෙන් පීඩාවට පත්ව සිටින ඔබට සතුටුදායක පුවතක් මෑතකාලීනව පර්‍යේශකයන් කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.. ඒ තමයි තන්තු බහුල ආහාර වැඩි වශයෙන් පරිභෝජනයට එක්කර ගැනීම. තන්තුමය ආහාර දියවන තන්තු සහ දිය නොවන තන්තු ලෙස කොටස් දෙකකට වර්ග කර තිබෙනවා. නමුත් ඔබගේ උදරයේ මේදය අඩුකර ගැනිමට උපකාරී වන්නේ සිරැරේ ඇති ජලයෙ දියවන තන්තු (Soluble Fiber) පමණක් බවත් මතක තබාගත යුතු වෙනවා.


Soluble Fiber උදරයේ මේදය ඉවත් කිරීමට සහය වන්නේ කෙසේද?

- ඔබ Soluble Fiber අඩංගු ආහාර ගැනීමත් සමග ඒවා සිරැරේ ජලය සමග මිශ්‍ර වී ජෙල් වැනි සංඝටකයක් සාදනවා. එමගින් ආමාශය මගින් ජීර්ණය වන ආහාර මහා බඩවැල වෙත මුදා හැරීම ප්‍රමාද කරනවා.

- එමෙන්ම උදර මේදය සම්බන්ධයෙන් කරනු ලැබූ අධ්‍යන කිහිපයකින්ම Soluble Fiber මගින් උදරයේ මේදය තැන්පත් වීම පාලනය කරනු ලබනවා.

- Soluble Fiber බඩවැල්වල ඇති බැක්ටීරියා ව්විධත්වය උත්තේජනය කිරීම සිදුකරනවා.

- ආහාර රුචිය පාලනය සදහාද Soluble Fiber සහය වෙනවා. එය උදරයේ මේදය තැන්පත් වීම මෙන්ම සිරැරේ අනවශ්‍ය බර වැඩි වීමද පාලනය කරනවා. ඔබ Soluble Fiber අඩංගු ආහාරයට ගත්විට වඩාත් පිරුණු බවක් ලබාදෙන අතර නිතර නිතර කුසගිනි දැනීම සහ ආහාර රුචිය පාලනය කරනු ලබනවා. එමනිසා සිරැරට ලැබෙන අනවශ්‍ය කැලරි ප්‍රමානය පාලනය වෙනවා.

Soluble Fiber අඩංගු ආහාර වර්ග


- බතල
- බ්‍රොකෝලි
- කිඩ්නි බීන්ස්
- කැරට්
- ඇපල්
- හණ ඇට
- ඕට්ස්
- බාර්ලි
- මුං ඇට


Soluble Fiber අඩංගු ආහාර ගැනීමේදි සැලකිලිමත් විය යුතු කාරණා

ද්‍රවමය තන්තු අඩංගු ආහාර උදරයේ මේදය තැන්පත් වීම පාලනයට සහ ආහාර රුචිය පාලනයට වඩා හොඳ තේරීමක් වුවත් එක් ආහාර වේලක් තුල විශාල ප්‍රමාණයක් ආහාරයට ගැනිම සුදුසු වන්නේ නැහැ.. බඩේ කැක්කුම, පාචනය සහ බඩ පිපීම වැනි උදරය ආශ්‍රිත රෝග ඇතිවීමට එය හේතුවෙනවා. කාන්තා ඔබ දිනකට ග්‍රෑම් 21-25 ක් පමණත් පිරිමි පුද්ගලයකු ග්‍රෑම් 30-38 ක් පමණත් ආහාරයට ගැනීම ප්‍රමාණවත් වෙනවා.


තන්තුමය ආහාර අතිරේකයන් ගැනීම උදරයේ මේදය අඩුවීමට උපකාරි වෙනවාද?

සෑමවිටම තන්තුමය ආහාර අතිරේකයන් ගැනීමට වඩා සුදුසු වන්නේ ආහාර ලෙස එය සිරැරට ලබාගැනීමයි. නමුත් ඔබට ප්‍රායෝගික ගැටළු තිබේ නම් තන්තුමය ආහාර අතිරේකයක් ලබාගැනීමට පුළුවන්. නමුත් එමගින් හිතකර මෙන්ම අහිතකර බලපෑම්ද එලවීමට ඉඩ තිබෙන නිසා වෛද්‍ය උපදෙස් ලබාගෙන සුදුසු තන්තු අතිරේකයක් ලබාගැනීමයි ඔබ කලයුතු වන්නේ.
ඒ වගේම තන්තුමය ආහාර ගත් පමණින් ඔබගේ තරබාරුව සහ උදරයේ ඇති මේදය ඉවත් වන්නේ නැහැ.. ඔබට නිරෝගි සෞඛ්‍යයක් සහ සිහින් හැඩකාරි සිරැරක් ලබාගැනීමට ඔබට අවශ්‍ය නම් අධික මේදය සහ සීනි අඩංගු ආහාර, ක්ෂණික ආහාර සීමා කිරීමත්, සමබල ආහාර වේලක් ලබාගැනීමත් සහ නිතිපතා ව්‍යායාම් හි නිරත වීමත් වැනි ධනාත්මක වෙනස්කම් ඔබ කල යුතු වෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 2152 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:16:04 AM
Script:/article/2152/fiber-food-help-to-reduce-bally-fat.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 9:16:05 AM
Script:/article/2152/fiber-food-help-to-reduce-bally-fat.html