ගර්භනී සමයේ ඇති වන ස්ට්‍රේච් මාක්ස් වලට නොවරදින විසඳුම්

February 22, 2018
22,029
How to get rid of stretch marks
ගර්භනී කාලය අතරතුර, ඔබේ පෙනුම, ඔබේ ශරීරය, ආහාරය සහ දිනපතා සිදු කරන වැඩ කටයුතු සියල්ලක්ම පාහේ වෙනස් වෙනවා. ඒ වගේම ගර්භනී සමයත් එක්ක මවගේ ශරීරයේ ඇති වන තවත් වෙනසක් තමයි ස්ට්‍රේච් මාක්ස් කියන්නේ. ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 75 ත් හා 90 ත් අතර ප්‍රමාණයකට ස්ට්‍රේච් මාක්ස් ඇති වීම දකින්න පුළුවන්.

ගර්භනී වීමත් එක්ක දවසින් දවස දරු ගැබ වැඩෙද්දී මවගේ සම ඇදීමට ලක් වීම නිසා ස්ට්‍රේච් මාක්ස් ඇති වීම සාමාන්‍ය දෙයක්. උදරයේ මෙන්ම පියයුරු, කලවා සහ තට්ටම් ආශ්‍රිතව ඇතිවන ස්ට්‍රේච් මාක්ස් ඇති වෙනවා. තත්ත්වය අවම කර ගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කිහිපයක්ම තියෙනවා.

1. උදරයේ හා ස්ට්‍රේච් මාක්ස් ඇති වී ඇති ප්‍රදේශ වල සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට මොයිස්චරයිසර් එකක් භාවිතා කරන්න. පොල් තෙල්, කෝකෝවා බටර්, ආමන්ඩ් තෙල් කියන්නේ සමට හොඳ මොයිස්චරයිසර් එකක්. ඒ මඟින් සමේ තෙතමනය ආරක්ෂා කරන අතරම ප්‍රතිඔක්සිකාරක වලින් යුතු ඉහත අමු ද්‍රව්‍ය නව පටක සහ සමේ සෛල ප්‍රති ජනනය කිරීමටත් සම නිරෝගී කිරීමටත් සහාය වෙනවා. උදෑසනට හා ස්නානයෙන් පසුවත් හොඳ මොයිස්චරයිසර් එකක් හෝ ඉහතින් කියූ ස්වාභාවික මොයිස්චරයිසර් වර්ගයක් ආලේප කරන්න.

2. ඔබේ සිරුරේ බර නිවැරදිව පාලනය කර ගන්න. ගර්භනී සමයේදී මවගේ බර වැඩි වීම සාමාන්‍ය දෙයක්. එත් අනවශ්‍ය විදියට බර වැඩි නොවන විදියට සියල්ල ක්‍රමවත්ව පවත්වා ගැනීමට මව වග බලා ගත යුතුයි. ස්ට්‍රේච් මාක්ස් ඇති වීම අවම කර ගන්නත් ඇති වන විවධ ලෙඩ රෝග හා ඔබෙත් දරුවාගේත් ආරක්ෂාවටත් නිවැරදි ලෙස බර පවත්වා ගැනීම වැදගත්. විශේෂයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර හා වෛද්‍ය උපදෙස් මත ශරීර බව නිවැරදිව පාලනය කරන්න.

3. ගර්භණී සමයේදී දිනපතා ක්‍රමානුකුලව සුදුසු ව්‍යායාම වල නිරත වීම ඉතා වැදගත්. ඒ මඟින් ඔබේ රුධිර සංසරණය ක්‍රමවත් කරමින් සමේ ඇදෙන සුළු බව රඳවා තබාගනී. එමෙන්ම එය දහදිය පිට කරමින් ශරීරයෙන් විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න උදවු කරනවා. සැහැල්ලු අභ්‍යාස, යෝග හෝ ගර්භනී කාන්තාවන් සඳහා සුදුසු ව්‍යායාම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්යයි. ගර්භනී ඔබ කිසිම වෙලාවක හිතෙන හිතෙන විදියට ව්‍යායාම කරන්න යන්න එපා.

4. ගර්භනී මව්වරුන්ට වගේම ගර්භනී නොවන හැමෝටමත් වැඩිපුර වතුර බොන එක ඉතාමත් වැදගත්. ඒ මඟින් සම වියලීමට ලක් වීම වම කර ගන්න පුළුවන්. ඒ වගේම විජලනය වීම අවම කර ගන්න පුළුවන්. වතුර වැඩිපුර පානයෙන් ලැබෙන තවත් වාසියක් තමයි සමේ ඇදෙන සුළු බව පවත්වා ගැනීමට හැකි වීම. ඒ නිසා ස්ට්‍රේච් මාක්ස් ඇති වීම පහසුවෙන්ම වලක්වා ගන්න පුළුවන්. ඒ වගේම සමේ තෙතමනය ආරක්ෂා කරන ආහාර වර්ගත් අමතක කරන්න එපා.

5. සමට පෝෂණය ලබා දෙන ආහාර ලබා ගන්න. ඔබ ගන්නා ආහාර සමේ ඇදෙන සුළු බව පවත්වා ගෙන යාම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනවා. සමට පෝෂණය හා ආරක්ෂා ලබා දෙන ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාර සහ සමේ සෛල ආරක්ෂා කරන විටමින් E අඩංගු ආහාර මඟහරින්න එපා. විටමින් A අඩංගු ආහාර සමේ පටක අලුත්වැඩියා කරනවා. කැරට්, නිවිති, අර්තාපල්, ඔමේගා 3 අඩංගු ආහාර වලින් සැමට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 669 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:58:51 AM
Script:/article/669/how-to-get-rid-of-stretch-marks.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:58:52 AM
Script:/article/669/how-to-get-rid-of-stretch-marks.html