ඔබ එදිනෙදා ජීවිතයේ නොදැනුවත්ව සිදුකරන වැරදි පුරුදු 11ක්

August 9, 2021
2,199
11 everyday things we do wrong and don’t even realize why
අප බොහෝ දෙනා පුරුදුව සිටින්නේ උදෑසන අවධි වී විගස තේ හෝ කෝපි කෝප්පයක් බීමටයි.. පරම්පරා ගානක් පුරාවට හොඳ හෝ නරක විමසීමකින් තිරව අප විසින් මෙම පුරුද්ද සිදුකරනු ලබනවා.. එහෙත් ඔබ දන්නවාද එය වහා නිවැරදි කර ගත යුතු දෙයක් බව.. ඒ වගේම හැඩකාරි මෙම ලිපිය මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂඥයන්ට අනුව එසේ අප ජීවීතය පුරා නොදැන සිදුකරනු ලබන වැරදි පුරුදු කිහිපයක් සහ ඒවා නිවැරදි කරගන්නා ආකාරයයි...

1. උදෑසන 9.30ට පෙර කෝපි පානය කිරීම

සෑම පුද්ගලයකුගේම ශරීරය එක් පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වෙනස් වුවත් සෑම පුද්ගලයකුටම පොදු පැය 24ක් තුල ක්‍රියාත්මක වන හෝමෝන චක්‍රයක් තිබෙනවා.. එය සාමාන්‍යයෙන් ශරීරයේ වැඩ සටහන වන අතර එක් එක් වේලාව තුල සිරැර තුල හෝමෝන ක්‍රියාකාරීත්වය සිදුවනු ලබනවා. සාමාන්‍යයෙන් ශරීරය අව්ධි කරවන කෝටිසෝල් නමැති හෝමොනය උදෑසන 8ත් 9ත් අතර නිකුත්වනවා. එමනිසා එම වේලාවට ශරීරය ප්‍රාණවත් කරන තේ හෝ කෝපි වැනි දෑ පානය කිරීම අවශ්‍ය වන්නෙ නැහැ.. එයට සුදුසුම නැතිනම් තේ හෝ කෝපි විවේකයකට සුදුසුම වේලාවන් වන්නේ පෙ.ව. 9.30ත් පෙ.ව. 11.30ත් අතර, ප.ව.1.30ත් ප.ව.5 ත් අතර කාලයයි. ඒ වගේම නුසුදුසුම වේලාව පෙ.ව 8 ත් පෙ.ව 9 ත් අතර දහවල් 12 ත් 1 ත් අතර සහ ප.ව 5:30 ත් ප.ව 6:30ත් අතර කාලයයි.

2. බිත්තර තැම්බීමට පෙර ඇල් වතුරට දැමීම

අප සාමාන්‍යයෙන් පුරුදුවී සිටින්නෙ බිත්තර තම්බාගැනීමේදී ඒවා ඇල් ජලයට දමා එම ජලය රත්කර තම්බා ගැනීමටයි. නමුත් ඔබ දන්නවාද බිත්තර තැම්බීමේදී එය ඇල් ජලයට නොදා කෙලින්ම උණු වතුරට දමන්න.. එය තැම්බුනු පසුව සිසිල් ජල බදුනකට දමන්න. ඔබ පුදුමයට පත්වේවි මෙසේ කිරීමෙන් පසු ඔබට පහසුවෙන් බිත්තර කටු ඉවත් කර ගැනීමට හැකිවි.

3. නාන කාමරයේ තෙතමනය ඇති ස්ථානයක ලූෆා (Loofah sponges) එකක් තැබීම
ඔබ ඇඟ ඇතිල්ලීමට භාවිතා කරන ලූෆා ස්පොන්ජය ඔබ පුරුදු වී සිටින්නේ නාන කාමරයේ කොතනක හෝ ඔබට පහසු තැනක තැබීමට නේද.. නමුත් ඔබ දන්නවාද ජලය/ තෙතමනය සහිත ස්ථානයක තැබීමෙන් ඒ මත බැක්ටීරියා ක්‍රියාකරන බව.. ඒ නිසා මින් පසු ඔබ ලූෆා ස්පොන්ජය භාවිතයෙන් පසු සිසිල් වියළි ස්ථානයක තැබිය යුතු වනවා.

4. ඔබේ පාදවල රෝම ඉවත් කිරීම
ඔබ සාමාන්‍යයෙන් කී වරක් ඔබගේ පාද වල රෝම ඉවත් කර තිබේද..ඔබ දන්නවාද ඒ වාර ගණනට සමානවම ඔබේ සමටත් හානි සිදුවූ බව.. මෙයට හේතුව වන්නේ අප පාදවල රෝම ඉවත් කිරීමේදී වැරදි ක්‍රමයක් භාවිතා කිරීමයි. ඔබ ස්නානය කිරීමට ගිය විගස හෝ පෙර රෝම ඉවත් කිරීම සිදු කරන්න එපා.. හොඳින් සම පෙගුනු පසු රෝම ඉවත් කරන්න. ඒ වගේම වඩාත් වැදග‍ත් කාරණය වන්නේ රෝම වර්ධනය වන අතට ප්‍රතිවිරුද්ධ දිශාවට රේසරය භාවිතයෙන් රෝම ඉවත් කරන්න එපා..

5. සීතකල බටර් කැපීම සදහා පිහිය භාවිතා කිරීම
ඔබත් සීතකල බටර් කපන්නේ පිහියෙන් නම් අද සිට එළවලු සහ පළතුරු කැපීමට සකස් කර ඇති විශේෂ පීලර් (peeler) උපකරණය භාවිතා කරන්න.. ඔබට වඩාත් පහසුවෙන් එය සිදු කිරීමට හැකිවේවි.

6. ජල කරාම විවෘත කිරීම සදහා ඇගිලි භාවිතා කිරීම
නිවසේදි හෝ පිටතදී ජල කරාමයක් විවෘත කිරීමට සහ වැසීමට අප පුරුදු වී සිටින්නේ ඇගිලි භාවිතා කිරීමටයි. එවිට අපි අත සෝදා නැවතත් එම කරාමය ඇල්ලීමෙන් ඒ මත ඇති විෂබීජ අපගේ අතෙහි තැවරෙනවා. මින් පසු ජල කරාමය ඇඟිලිවලින් අල්ලා විවෘත කර අත සේදිමෙන් පසු එය වැසීමට ඇඟිලි භාවිතා නොකර මැණික් කටුව භාවිතයෙන් එය සිදු කරන්න.

7. දුරකතන චාජරයේ සම්බන්ධක ස්ථානය පිරිසිදු නොකිරීම
මිලදී ගෙන ටික කාලයක් ගතවන විට ඔබගේ ජංගම දුරකතන චාජරය නිසිපරිදි ක්‍රියා නොකරන බවට බොහෝවිට අප මැසිවිලි නගනවා. බොහෝ විට දුරකතනය සඳහා නව චාජරයක් මිලදී ගැනීමයි අප සිදුකරන්නේ.. නමුත් මින්පසු ඔබ දුරකතනය චාර්ජ් කිරීමට පෙර එය සම්බන්ධවන ස්තානය (charging port) හොඳින් පිරිසිදු කරන්න. එසේ කිරීමට පෙර දුරකතනය ක්‍රියාවිරහිත කරන්න.

8. දොර ජනෙල් රෙදි පිරිසිදු කිරීමට වැකුම් ක්ලීනරය (vacuum cleaning) භාවිතා නොකිරීම
ඔබත් ඉතා අපහසුවෙන් නිවසේ විශාල දොර ජනෙල් රෙදි සෝදනවා ඇති.. නැතිනම් එහි අපහසුතාවය ගැන මැසිවිලි නගනවා ඇති.. මින් පසු එසේ කිරීමට පෙර දොර ජනෙල් රෙදි පිරිසිදු කිරීමට වැකුම් ක්ලීනරය භාවිතා කර බලන්න.. මෙය ඔබට නිතිපතා පහසුවෙන් සිදුකල හැකියි.

9. බැදපු අලපෙති ආදිය අඩංගු කවර එහි උඩු පසින් විවෘත කිරීම
අප බොහෝ විට පුරුදුව සිටින්නේ බදින ලද අලපෙති හෝ වෙනත් සේවරි ස්නැක් කවරයක් ලැබුණු විගස එය උඩු පසින් විවෘත කිරීමට නේද.. ඒ වෙනුවට ඊළඟ වතාවේ එවැනි කවරයක් විවෘත කරනවිට කවරය උඩුයටිකුරු කර යට පැත්තෙන් විවෘත කරන්න.. බෝහෝවිට සේවරි ස්නැක් සඳහා යොදන ලද රසකාරක සහ කුළුබඩු කවරය යටට බැස තිබෙන අතර ඔබ උඩු පසින් එය විවෘත කලවිට ඔබට ඒවා රස බැලීමට නොහැකියි. නමුත් ඔබ කවරය උඩුයටිකුරු කලවිට හොඳින් කුලුබඩු සහ රසකාරක මිශ්‍ර වනවා.. ඔබටත් වෙනදාට වඩා වැඩි රසයක් අත්විඳීමට හැකිවේවි.

10. කුකුලු මස් හෝ අනෙකුත් මස් වර්ග බැදපු විගස ආහාරයට ගැනීම
අප පුරුදු වී ඉන්නේ කුකුලු මස් හෝ අනෙකුත් මස් වර්ග බැදපු හෝ රෝස්ට් කල විගස ආහාරයට ගැනීමටයි.. බොහෝවිට ඒවායේ සුවද අපගේ කුසගිනි වැඩිකරනවා.. නමුත් ඔබ දන්නවාද උදුනෙන් ඉවත් කර මද වේලාවක් තබා ආහාරයට ගැනීමෙන් එය වඩාත් රසවත් වන බව.

11. නිතර බැක්ටීරියා නාශක භාවිතය
අප බොහෝ විට බැක්ටීරියා නාශක සබන් හෝ සේදුම්කාරක භාවිතා කරනවා.. නමුත් ඔබ දන්නවාද දිගින් දිගටම මේ ආකාරයේ බැක්ටීරියා නාශක භාවිතය අහිතකර බව. එය නිතර භාවිතයෙන් සමට හුරුවන අතර විවිධ අහිතකර විකෘති බැක්ටීරියා වර්ග සෑදෙනවා. එබැවින් සෑමවිටම සාමාන්‍ය සබන් හෝ පිරිසිදුකාරක භාවිතයට හුරුවන්න.

ඉතින් හැඩකාරි අපි ව්ශ්වාස කරනවා මෙම ලිපිය මගින් වහාම වෙනස් කරගත යුතු පුරුදු එකක් හෝ කිහිපයක් පිළිබද ඔබත් දැනුවත් වන්න ඇති කියා.. ඉදිරියේදි තවත් මෙවැනි වටිනා ලිපියකින් හමුවෙමු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   41,452
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   40,838
   34

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
5 skin care tips for your neck
   21,845
   30

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Dress patterns for flower prints
   58,175
   24

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed