දරුවන්ට නිවැරදිව වැසිකිලිය භාවිතා කරන්න හුරු කරන්නේ මෙහෙමයි

February 11, 2019
11,581
How to teach kids to use the toilet
දරුවන්ට අපි ආදරේ නිසාම දරුවන්ගේ හැම වැඩක්ම අපි හැම වෙලාවකම නොපිරිහෙලා ඉටු කරනවා. දරුවෝ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්නේ දරුවා ගැන හිතේ පිරුන ලොකු ආදරයකින්. අපේ ආදරයට දරුවෝ වෙනුවෙන් හැම දෙයක්ම කරන්න පුළුවන් වුනත් දරුවන්ගේම යහපත වෙනුවෙන් ගොඩක් දේවල් දරුවන්ට තනියම කරන්න ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න වෙනවා. පුංචි කලේ ඉඳලම කවලා පොවලා හැම දෙයක්ම කරාට ටිකටික දරුවෝ ලොකු වෙනකොට ඒ දේවල් තනියම කරගන්න දරුවන්ව පුරුදු පුහුණු කරන එක ගොඩක් වැදගත්. ඒ නිසා අද අපි කතා කරන්නේ දරුවන්ගේ වැසිකිලි පුහුණුව ගැන. දෙමපියන්නට දරුවන්ට පුරුදු පුහුණු කරන්න තියන දේවල් අතරින් වැදගත්ම දෙයක් තමයි වැසිකිලි පුහුණුව කියන්නේ. එහෙනම් අපි අද බලමු දරුවන්ගේ වැසිකිලි පුහුණුවට වැදගත් වෙන කරුණු කිහිපයක් ගැන.

01. දරුවා වැසිකිලි පුහුණුවට සුදානම් ද?

අපි කොහොමද හරියටම දැන ගන්නේ දරුවා වැසිකිලි පුහුණුවට සුදානම්ද කියලා. මේක පෙන්නේ නම් ටිකක් අමාරු වැඩක් වගේ හැබැයි දරුවාගේ හැසිරීම ගැන හොඳ අවධානයකින් ඉන්න දෙමාපියන්ට නම් මේක දැනගන්න එක බොහොම පහසු දෙයක්. සාමාන්යෙන් වයස අවුරුදු 2 ක සම්පුර්ණ උනාට පස්සේ දරුවන්ට වැසිකිලි පුහුණුව ලබාදෙන්න පුළුවන්. සමහර දරුවෝ මාස 18 දි වගේ වැසිකිලි පුහුණුවට සුදානම් බවට ලක්ෂණ පෙන්නුම් කරනවා. හැබැයි සමහර දරුවෝ අවුරුදු 2 වඩා වැඩි උනත් වැසිකිලි පුහුණුවට සුදානම් බවට ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. කොහොම උනත් අපි බලමුකෝ දරුවෝ වැසිකිලි පුහුණුවට සුදානම් කියන එක අපිට දැන ගන්න වැදගත් වෙන දරුවන්ගේ හැසිරීමේ වෙනස් කම් ගැන.

- දරුවා පැය දෙකක් විතර යනතුරු මූත්‍රා පිට කරන්නේ නැතිනම්. මේකෙන් අදහස් වෙන්නේ දරුවට මුත්‍රා පිට කිරීම පාලනය කරගත හැකි බවයි

- දරුවට ඇවිදින්න වගේම සැලකිය යුතු කාලයක් ඉඳගෙන ඉන්න පුළුවන් නම්

- දරුවා අනිත් අය වැසිකිලිය භාවිතා කරනවා බලාගෙන ඉන්න උනන්දුවක් දක්වනවා නම්

- දරුවට ශාරීරික අවශ්‍යතාවයක් දැනෙන විට ඔහුට එය ඔබට දැනුම් දෙන්න පුළුවන් නම්

- ඔබ දරුවට ලබාදෙන පුංචි පුංචි විධානයන් ඔහුට ඉටු කරන්න පුළුවන් නම්

- පැම්පස් හෝ නැප්කින් ඇඳගෙන ඉන්න අකමැත්තක් දක්වනවා නම්

02. මේ දේවල් ගැන අවධානය යොමු කරන්න

දරුවා වැසිකිලි පුහුණුවට සුදානම් බවට ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබට ඒ සඳහා සුදානම් වෙන්න මේ දේවල් ගැනත් අවධානය යොමු කරන්න වෙනවා .

- ඔබ තීරණය කල යුතුයි දරුවන් වෙනුවෙන් සකස් කල එහෙ මෙහෙ ගෙන යා හැකි වැසිකිලියක් භාවිතා කරනවද නැතිනම් නිවසේ තිබෙන සාමාන්‍ය වැසිකිලියම මේ සඳහා භාවිතා කරනවද කියා

- දරුවන් වෙනුවෙන් සකස්කළ වැසිකිලි බඳුනක් භාවිතා කරන එක දරුවට වගේම ඔබටත් පහසුයි. මොකද ඒවා දරුවන්ට ආරක්ෂිතව භාවිතා කල හැකි විදිහට වගේම තමයි හදලා තියෙන්නේ. සාමාන්යෙන් නිවසේ තිබෙන වැසිකිලිය භාවිතා කරන්න බොහෝ දරුවන් අකමැතියි

- නිවසේ වැසිකිලිය ඔබ මේ සඳහා භාවිතා කරනවා නම් දරුවට එය පහසු කරන්න සකස් කරන ලද දේවල් භාවිතා කරන්න. සාමාන්යෙන් ඔබට වැසිකිලි බඳුනට සවි කල හැකි දරුවට ඉඳගැනීම පහසු කරවන ෂිට් වගේ දේවල් වෙළඳ පලේ මිලදී ගන්න තියෙනවා

- දරුවට වැසිකිලිය භාවිතා කරන්න අවශ්‍ය බව ඔබට පැවසිය හැකි දරුවට උච්ච්ච්රණය කරන්න පහසු වචන කිහිපයක් උගන්වන්න.( චූ, කක්කි, wee, poo, )

- දරුවාගේ පැම්පස් නැප්කින් මාරු කරන විට ඒවා දරුවට පේන්න වැසිකිලි බඳුනට දමන්න. මේ නිසා දරුවන්ට මළපහ කියන්නේ මොනවද කියන එක අඳුන ගන්න පහසුයි

- දරුවට ඔබ හෝ පවුලේ විස්වාස වන්ත කෙනෙක් වැසිකිලිය භාවිතා කරන ආකාරය නරඹන්න දෙන්න. ඔබ කරන්නේ මොනවද කියන එක දරුවට පැහැදිලි කර දෙන්න

- දරුවට ප්‍රමාණවත් තරම් වතුර සහ කෙඳි සහිත ආහාර දෙන්න. මේ නිසා දරුවාගේ මලපහ පිටවීම පහසු වෙනවා වගේම වැසිකිළි පුහුණුව පහසු වෙනවා

03. මේ විදිහට පටන් ගමු 

මේ කටයුත්ත දෙමාපියන් බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ දෙයක්. කලබලේ මේ කටයුත්ත කරන්න අපහසුයි.ඒ නිසා මේ විදිහට හෙමිට මේ වැඩේ දරුවත් එක්ක පටන් ගන්න .

- මුලින්ම දරුවා ආහාර අරගෙන හරි නාලා හරි විනාඩි 30 ක් ගියාට පස්සේ  දරුවාව වැසිකිලි බඳුනේ ඉන්දවන්න

-නැත්නම් දරුවාගේ හැසිරීම දිහා අවධානයෙන් බලාගෙන ඉඳලා ඔහුට වැසිකිලි යාමේ අවශ්‍යතාවයක් ඇතිවෙලා තියෙන බව දැනෙනවා නම්  දරුවාව වැසිකිලි බඳුනේ ඉන්දවන්න

- විනාඩි 3-5 ත් අතර කාලයක් බලාගෙන ඉන්න. දරුවා මළපහ හෝ මුත්‍රා පිටකරේ නැතිනම් ඔහුව වැසිකිලි බඳුනෙන් ඉවත් කරන්න

- දරුවා වැසිකිලි බඳුනේ ඉඳගෙන උත්සහ කරන විට ඔහුව දිරිමත් කරන්න. ඔහු සාර්ථක උනොත් ඔහුව අගය කරන්න. එවිට දරුවා වැසිකිලි පුහුණුවට කැමැත්තෙන්ම යොමු වෙනවා ඒ විතරක් නොවෙයි ඉක්මනින් ඉගෙන ගන්නවා

- දවසට දෙතුන් වතාවක් දරුවාගෙන් අහන්න ඔහුට වැසිකිලි යාමට අවශ්‍යද කියා. නමුත් නිතරම දරුවාගෙන් ඒ ගැන අහන්න එපා

- දරුවා නිදාගන්න වෙලාවල් වලට ඇරෙන්න දරුවට පැම්පස් අන්දන එක අඩු කරන්න

- දරුවට පහසුවෙන් හා ඉක්මනින් ගලවා ගන්න පුළුවන් ඇඳුම් අන්දවන්න. එතකොට හදිසි අවස්ථාවකදී පහසුයි

- වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු දරුවාව නිවැරදිව පිරිසිදු කරන්න. දරුවට තනිවම පිරිසිදු කරගන්න පුළුවන් වෙන තුරු ඔබ ඔහුව හොඳින් පිරිසිදු කල යුතුයි

- වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු දරුවාගේ දෑත් හොඳින් පිරිසිදු කරගන්න ඔහුට උගන්වන්න

- නිතරම දරුවට එපා නොවෙන විදිහට වැසිකිලි පුහුණූව සඳහා දරුවාව හුරු කරන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1261 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:52:25 AM
Script:/article/1261/how-to-teach-kids-to-use-the-toilet.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:52:25 AM
Script:/article/1261/how-to-teach-kids-to-use-the-toilet.html