හිසකෙස් රෝගවලට හේතුව ඔබේ නොසැළිකිලිමත්කමයි

October 16, 2018
11,495
Your negligence is the reason for your hair damage
රුවැත්තියන්ට දිදුළන කෙස් කළඹක් කියන්නේ ආභරණයක් හා සමානයි. අපේ ඉතිහාසය ගත්තම සුන්දර කේශ කල්‍යාණය ගැන වර්නණා කර තිබෙන අවස්ථා ඕනෑ තරම් . ඒ වගේම තමයි නිරෝගී කේශ කලාපයන් තිබුණු සුන්දර යුවතියන්ද අපමණ ශ්‍රී‍ ලංකාද්වීපය තුළ ඉඳලා තියෙනවා. ඒත් අද තත්ත්වය නම් එදාට වඩා ගොඩක් වෙනස්. දිගු පෝෂණීය කෙස් කළඹක් තියෙන රුවැත්තියන් අද දක්නට ලැබෙන්නේ ඉතමාත් අඩුවෙන්.

ශ්‍රී ලංකාව කියන්නේ අධික උෂ්ණත්වයක් සහ වියළි කාලගුණයක් සහිත ඝර්ම කලාපීය රටක්. මෙහි බලපෑම ඔයාගේ සමට වගේම හිස කෙස් වලටත් නොයෙක් ආකාරයෙන් බලපාන්න පුළුවන්. ඒ වගේම හිසකෙස් නිසි ලෙස නඩත්තු නොකිරීම, ආහාර රටාව, පරිසර දුණෂය, මානසික ආතතිය වැනි තවත් බොහෝ හේතු සාධක හිසකෙස්වල නිරෝගී බව වියැකි යන්න බලපානවා. විශේෂයෙන්ම බොහෝ යුවතියන්ගේ නොසැළිකිලිමත්කම නිසා හිස කෙස්වලට හානී සිදුවන අවස්ථා ඉතාමත් වැඩියි. හිසකෙස් නිසි ලෙස නඩත්තු නොකිරීම තුළ හිසකෙස් වැටීම, හිස කෙස් වියළි ස්වභාවයට පත් වීම වගේම කෙස් අග පලුදු වීම වැනි තත්ත්වයන් රැසක් ඔබගේ කේශ කලාපයේ නිරෝගී බව වියැකී යන්න හේතු සාධක විය හැකියි. ඉතිං ඔබගේ කෙස් කලඹ ලස්සන කෙස් කලඹක් බවට පත්කර ගන්න කොහොමද කියන එක ගැන ඔබේ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්.

01. හිස පීරීමෙන් පමණක් කෙස් කළඹ නිරෝගී වෙන්නේ නැහැ

හිස කෙස් හොඳින් පීරා ලස්සන විලාසිතාවන් ඔබ කේශ කලාපයට කොපමණ කළත් ඔයාගේ කේශ කලාපය නිරෝගීමත් වෙන්නේ නම් නැහැ. ඔබ නිරන්තරයෙන් හිස පීරා නොයෙක් කොණ්ඩා මෝස්තර සිදු කරන්න රුචිකත්වයක් දක්වනවා විය හැකියි. එනමුත් එමගින් දිගු, සෘජු හා දිදුළන කෙස් කළඹක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. කේශ කලාපය පීරීම තුළින් නිරෝගීමත් කෙස් කළඹක් ලබා ගන්න පුළුවන් කියලා ඔබ හිතනවා නම් එය වැරදි වැටහීමක්. හිස කෙස් පිරීම අත්‍යාවශ්‍ය වුවත් පමණට වඩා හිස කෙස් පිරීම තුළින් සිදු වෙන්නේ අයහපත් ප්‍රතිඵල පමණයි. හිසකෙස් දුර්වල වී, කෙස් අග පලුදු වෙනවා වගේම හිස කෙස් කැඩී යාමටද ලක් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි.

02. අධික උණුසුම් ජලයෙන් දිනපතා හිසකෙස් සේදීම අඩු කරන්න

අධික උණුසුම් ජලයෙන් ස්නානය කිරීම ශරීරයට සුවයක් එකතු කළ නමුත් ඔබගේ හිස් කෙස්වලට නම් එය එතරම් ගුණදායක දෙයක් වෙන්නේ නැහැ. ඔබ දන්නවාද? උණුසුම් ජලය නිසා හිස කෙස්වල තිබෙන ස්වභාවික තෙල් ගතිය හා තෙතමනය ඉවත් වී හිසකෙස් වියළි බවට පත්කරනවා. නිතර අධික උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් ඔයාට අවසානයේ ශේෂ වන්නේ නිරෝගීමත් නොවු දුර්වර්ණ ගැන්වුණු දුර්වල කෙස් කළඹක් පමණයි.

03. හිසකෙස් තදින් බැඳ තැබීම

ඔබට තිබෙන වැඩ රාජකාරී කටයුතු එක්ක හෝ ගේ දොර වැඩ කටයුතු එක්ක හිසට දහඩිය දැමීම වේගවත් අයුරින් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දෙනෙක් හිසකෙස් බැඳ සිටිමට පෙළඹෙනවා ඉතාමත් වැඩියි. හිසකෙස් බැඳ තැබීමෙන් ඔබේ කෙස් කළඹේ නිරෝගී බව නැති වී යන්න තියෙන ඉඩකඩ වැඩියි. එමගින් හිස කෙස් කූප දුර්වල වී හිසකේ අගින් දෙකඩ වීමක් සිදු වෙනවා. ඔබට හිසකෙස් බැඳ තැබීම අත්‍යාවශ්‍යයෙන්ම කළ යුතු නම් හෙයාර් ක්ලිප් එකක් හෝ කෙස් එකට ගැට ගැසීම වළක්වාලන විකල්ප ක්‍රමයකට යොමු වෙන්න සිදු වෙනවා.

04. පලුදු වූ හිසකෙස් තවත් කැඩීයාමකට ලක්විය හැකියි

නිරෝගීමත් නොවු කෙස් කළඹක දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් තමයි හිසකෙස් අගින් පලුදු වී දෙකඩ වීම. අගින් පලුදු වූ හිසකෙස් ඇදීම හෝ මුළු කෙස් ගසම දෙකඩ කිරීම එකී ගැටලුවට විකල්පයක් යැයි ඔබට විටෙක සිතෙන්න පුළුවන්. නමුත් හිසකෙස් දෙකඩ වීම නිරෝගී නොවූ කෙස් කළඹක රෝග ලක්ෂණයක්. මෙවැනි ගැටළුවලට ඔබ තවදුරටත් විසඳුම් සොයන්න අසමත් වුවහොත් සිදු වෙන්නේ ඔබගේ කෙස් කළඹ තව තවත් රෝගී භාවයට පත් වීමයි.

ඉහතින් අවධාරණය කළ කරුණු ඔබේ කේශ කලාපය හා සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් ඔබට පවතින ගැටළුකාරී තත්ත්වයන් විය හැකියි. තවදුරටත් ඔබ මෙකී ගැටළුවලට නිසි විසදුමක් නොසොයා පරණ පුරුදු වලින්ම කේශ කලාපය නඩත්තු කරන්න ගියොත් ඔයාට නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න එක නම් පහසු වෙන එකක් නෑ. යුවතියගේ රුව ලස්සන රැක ගන්න පංච කල්‍යාණය අතරින් හිස කෙස් සුවිශේෂි කල්‍යාණයන්ගෙන් එකක් බව ඔබ හොඳටම දන්න කරුණක්නේ. ඉතිං ඔයාගේ සුන්දරත්වය ගැන හිතන ඔයාගේ කේශ කලාපයේ නිරෝගී බව ගැනත් හිනත්න දැන් ඔබට කාලය හරි. නැවැරදි තෝරා ගැනීමක් තුළින් රෝගී වු ඔයාගේ කෙස් කළඹ නිරෝගීමත් කරගෙන වඩාත් දිදුළන කෙස් කලඹක හිමිකාරිණියක් වෙන්න ඔබත් අදම උස්සාහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1122 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:04:31 AM
Script:/article/1122/your-negligence-is-the-reason-for-your-hair-damage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 5:04:32 AM
Script:/article/1122/your-negligence-is-the-reason-for-your-hair-damage.html